බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැගනිය අම්මාගේ බෙල්ලකපා මැරූබවට ග්‍රැෆික් හැදූ  ලේ රහට ඉව කරන තුච්ඡ “මාධ්‍ය මිතුරන් ” ගැන ජානක සුනෙත් තැබූ සංවේදී සටහන..

by editor
ජනවාරි 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මේ තරම් නින්දිත පොලිසියක් මෙන්ම පොලිස් කුපාඩිකම් සාධාරණීකරණය කිරීමට කැප වී සිටින තුච්ඡ මාධ්‍ය සමූහයක් සහිත රටක් තවත් ඇතිදැයි නොදනිමු. 

ඒ පාදඩ මාධ්‍ය විසින් මෙවර ගොදුරු කරගත්තේ ඔවුන්ගේම මිතුරෙක් වූ ජනක සුනෙත් බණ්ඩාරය. ජානකගේ අම්මා ගේ බෙල්ල කපා මැරුවේ ජානකගේ  අවිවාහක තරුණ නැගනිය බව කියන්නට මුන් ග්‍රැෆික් හැදූහ. රස කතා කීහ. අප්පට සිරිවන මාධ්‍ය ගවේෂකයන් ලෙස හැසිරී  ඇයට මගට බැස යා නොහැකි තැනට වැඩ කළහ. මේ වනවිට ඇය ජීවත් වුවත් පොලිසියත්, මාධ්‍යයත් ඇයව ඝාතනය කර වළ දමා ඒ තැන්වල ගස් ද සිටුවා අවසන්ය.

මෙවැනි තුච්ච කුපාඩිකම් මුන් මීට පෙර සිදුකර රට මහා ව්‍යසනයකට ඇද දැමූ ඉතිහාසයක් ඇත. සිංහල බෞද්ධ කාන්තාවන් 4000ක් වඳ කළ සාෆි ගැන කතාව එකකි. සාෆි දැන් නිදොස් වී නිදහස්ය. එහෙත් ඔහුගේ අවුරුදු ගණනක වෘත්තීය ජීවිතය, ඔහුගේ කුටුම්භය, ඔහුගේ දරුවන්ට කළ ව්‍යසනය,  ඔහුගේ සමාජ ජීවිතට කළ විනාශය සම්බන්ධව මේ පාදඩයින් එකෙකුටවත් නඩු නැත.

කොටකෙතන දාම ඝාතකයා සම්බන්ධ සිද්ධියේදීත් එසේමය. මේ වනවිට නොකළ වරදකට එකෙක් එල්ලුම්ගස් ගොස් ඇත. තවත් ගණනාවක් පොලිස් වෙඩි පහරින් මිය ගියහ. උන් සියල්ලන්ම නිවැරදිකරුවන් බව ඔප්පු වන්නේ සැබෑ දාම ඝාතකයා අත් අඩංගුවට ගත් පසුය. එහෙත් ඒ ඝාතකයා ගැන වාර්තා කිරීමට මේ අම්මටසිරි වන එක් මාධ්‍යයක්වත් හිටියේ නැත.

සේයා සෙව්මිණී දැරිය ඝාතනය කළ ඝාතකයා සොයා ගැනීමට පෙර පොලිසියත් මාධ්‍යයත් මිනිස්සු ගණනාවක ආත්ම ඝාතනය කළහ. ඒ අතර බ්ලූ ෆිල්ම්ස් පරිගණකයේ තියා ගත්  17 හැවිරිදි තරුණයෙක් ද විය.  අවසානයේ දී පොලිසියත් මාධ්‍යයත් නඩු අසා දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා මරා දමන තැනට වැඩ හැදුවේය. අන්තිමේ දී සැබෑ ඝාතකයා හමුවුනේය. කොණ්ඩයා නිදොස්කොට නිදහස් කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජානක සුනෙත් ගේ අම්මා බෙල්ල කපා මරා දැමූ සිද්ධියේ ඔහුගේ නැගනියට මුන් කළේත් ඒ දේමය. මුන් මේ පජාත කුපාඩිකම් නවත්වන්නේ නැත.  තමන්ගේම සගයෙක් වින්දිතයෙක් කළ පසුත් මුන්ට තමන් කළ ඒ අපරාධයෙන් මිදෙන්න තරම්වත් හෘද සාක්ෂියක් නැත.

සැබෑ ඝාතකයා හසුවී ජනකගේ නැගනිය නිදොස්කොට නිදහස් වූ අවස්ථාවේ දී එය වාර්තා කිරීමට එකෙක්වත් මාධ්‍ය ආයතනවලින් කහවත්ත උසාවියට යවා නැත.

ඒ සම්බන්ධව ජානක සුනෙත් බණ්ඩාර ඉතාම සංවේදී සටහනක් සිය ෆේස් බුක් ගිනුමේ ඊයේ ( ජනවාරි 02) දහවල් සටහන් කරන්නේය.

මෙසේ උපුටා පලකරන්නේ ඒ සටහනය.  

ජනවාරි  පළමුවැනිදා උසාවියේදී වැඩ ඇල්ලුවෙමි. මගේ අම්මා  මරාදැමීමට අදාල වැදගත් සාක්ෂි රැසක් සමග සැකකරු (දොලේ බාස්) ඊයේ පැල්මඩුල්ල   ගරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.  එහි කටයුතු සමීපව නිරීක්ෂණය කිරීමට මෙන්ම නඩු භාණ්ඩ නොවන අම්මා ඒ මොහොතේ පැලද සිටි ආභරණ කීපයක් ඇතුළු භාණ්ඩ උසාවි නියෝග පරිදි භාර ගැනීමට මම ගරු අධිකරණය තුළ සිටියෙමි. අම්මාගේ නංගීත් (පුංචි)සහ මගේ අම්මාගේ  කුසින් උපන් සේ අපේ ලේ සහෝදර තිසර මල්ලීත් (ලොකු අම්මාගේ පුතා) මා සමග පැමිණියහ.

අම්මා මැරූ බවට සැක කරන දොලේ බාස් දැක දැක පෑ ගණනාවක් එම වහල යට සිටීම දුෂ්කර වුවද ඒ පෑ හතර උපේක්ෂාව පෙරදැරිව ඉවසුවෙමි.

නිරපරාදේ පොඩි නංගී අපහසුතාවට පත්වූ කාලයේ ඇයවත්, නඩුවේ කතාවත්, අපේ පවුලේ අයත් සිය මාධ්‍යයට වාර්තාකිරීමට උසාවි ගේට්ටුව අසල කැමරා ,මෛක්‍රපෝන සහ පෑන් මානාගෙන   මගේ මිත්‍ර මාධ්‍යවේදීන් ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලවල සිටින උසස් නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් (එහිද  අති බහුතරයක් මගේ සමීප මිතුරන්‍ ය) පොරකමින් වෙනදා සිටියද ඊයේ එක් අයෙකුවත් එහි නොවීය.

සාක්ෂි සමග සැකකරුවන දොලේ බාස් ඉදිරිපත් කිරීම හෝ මෙතෙක් කල් මගේ මිතුරන් අතිශයෝක්තියෙන් වාර්තා කල මිනීමැරුමේ යුක්තිය පසිදලන ක්‍රියාවලිය ඔවුන්ට වැදගත් නොවූනේ මන්දැයි සිතාගත නොහැක.

(පසුව පොලීසිය අමතා හෝ තොරතුරු ලබාගත් අයටත් මේ ගැන සබුද්ධික ව සිටිමින් මා අමතා කතා කරමින් සත්‍යය ඉටුවනු බලා සිටින අතලොස්සක් වූ සැබෑ මාධ්‍යවේදී මිතුරු මිතුරියන්ට ප්‍රණාමය )

මගේ පොඩි නංගී අම්මාගේ බෙල්ල කැපුවා කියා කිසිදු පදනමක් නොමැතිව දිගින් දිගටම වාර්තා කළ එක් ප්‍රධාන මාධ්‍යයක ප්‍රබලයෙකු වන මගේ මිතුරෙකුට මම අද උදේ කතා කලෙමි.

ඒ දිනවල ග්‍රැෆික් රූප සමග නංගී අම්මාගේ බෙල්ල කැපුවා කියා තීන්දුව දුන් ඔවුන් නංගීව සියල්ලෙන් නිදහස් කල පසු එය වාර්තා කලේ තත්පර ගණනක් බව මම නැවත මතක් කලෙමි.

“මචං මං මේක නිවුස් ඩිරෙක්ටර්ට කිව්වා. එයා කිව්වා ඊලඟ නඩු දිනේදී ඒකෙ විස්තර එක්ක සාධාරණයක් කරනව කියල. “

ඔවුන් විසින් අගතිය පත් කරන ලද මමත්, නංගීත් ,පවුලේ අයත් ඔවුන් ගෙන්ම සාධාරණයක් පතා කන්නලව් නොකල යුතු නමුත් ඒ ආයතනයේ සිටින්නේ මගේ සමීප මිතුරු ,මිතුරියන් බැවින් මම තවත් ඉවසුවෙමි.

ඒත් මදකින් මෙසේ කීවෙමි “මචං ඊයේ නඩුව තිබුනා… ඒත් ඒ ගැනවත් අර කරනවයි කිව්ව සාධාරණ වාර්තාකරණය වත්  තත්පරයක නඩු වාර්තාවක් වත් ගියේ නෑනෙ ඊයෙ ත්”

මගේ මිතුරා මෙසේ කීය “අප්පට සිරි….වන අහවලා ..(ප්‍රවත්ති අධ්‍යක්ෂ ) දන්නේ නැතිව ඇති මචං..

එතැන් සිට මේ දක්වා එහි ප්‍රවත්ති අධ්‍යක්ෂ හා මාධ්‍ය  ජාලයේ අනෙක් විධායක ශ්‍රෙණියේ මගේ මිතුරු මිතුරියන් ඇමතුවෙමි. වෙනදා මගේ ඇමතුමකට එසැනින් “ඔවු මචං,හෙලෝ සුනෙත් කියන උන් සියල්ල අද ප්‍රතිචාර නොදක්වති.

මට පෙනෙන්නේ ඔවුන්ගේ සදාචාරය එය බවය. කොතරම් සමීප මිතුරන් වුව දැන් සුහද කතා කර  ඔවුන් නිසා අපට සිදුවූ අගතියට සාධාරණයක් ඉටු කර ගත නොහැකිබවය.

අහෝ මගේ මාධ්‍ය මිතුරු ,මිතුරියනි.  ඔබ මට මෙසේ කලා නම් මේ රටේ අහිංසකයින්ගේ ජීවිත සමග කෙසේ නම් සෙල්ලම්.කරනවා ඇද්ද ? කියා නැවතීමට මට සිත් නොදෙයි. එසේම මේ ජඩ මාධ්‍ය ක්‍රමය  වෙනස් කළ යුතු යැයි අවංකව හඩ  නගන සබුද්ධික මහ ජනතාව හා ක්‍රියාකාරීන් එසේ අත්  හකුලාගෙන සිටින්නට මට නොකියන්නේ මෙය  අපේ පෞද්ගලික ගැටලුවක් නොව ඔවුන්ගේද ජීවිතවල දැවෙන ප්‍රශ්නයක් වන බැවිනි.

ජානක සුනෙත් බණ්ඩාර
2024.01.02. දහවල්  12.35

Tags: නවතම
Share69Tweet43
Previous Post

සීසීඩී ය හා පාතාලය පොලිසියට හඳුනාගත නොහැකි වූ වැලිගම සිද්ධිය – පොලිස් පිටපතේ වැරදි ගොඩක් !

Next Post

විදුලි සේවක වර්ජනයට ආණ්ඩුවෙන් ප්‍රතිචාර… සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.