බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාවික හමුදාව මුදවා ගැනීමට යන විටත්  IRIS Dena යුද නෞකාව 100 දෙනෙක් සමග සම්පූර්ණයෙන්ම මුහුදුබත් වෙලා ඉවරයි…

by editor
මාර්තු 4, 2026
in පුවත්, සමාජ
මුහුදුබත් වූ IRIS Dena ඉරාන යුධ නෞකාව...

මුහුදුබත් වූ IRIS Dena ඉරාන යුධ නෞකාව...

Share on FacebookShare on Twitter

කපිල කේ. හීනටියන –

  • නෞකාවට ප්‍රහාරයක් එල්ල වුනා ද?… ශ්‍රී ලංකාව ප්‍රහාරයේ කතාව ප්‍රතික්ෂේප කරද්දී බටහිර මාධ්‍ය මෙම මුහුදුබත්වීම පසුපස ප්‍රහාරයක එල්ලවීමක් ඇති බව කියන්නේ ඇයි?

ඉරාන නාවික හමුදාවේ දකුණු බලඇණියට අයත් ‘මවුජ්’ (Moudge) වර්ගයේ IRIS Dena නම් යුද නෞකාව, ශ්‍රී ලංකාවේ ගාල්ල වෙරළට නාවික සැතපුම් 40ක් පමණ ඔබ්බෙන් වූ ජාත්‍යාන්තර  මුහුදේදී  අද (04)  මුහුදුබත් වී ගියේය.

අනතුරට පත් වූ නෞකාවෙන් ආධාර සංඥා ලැබී තිබිණි.  මුදවා ගැනීමේ මෙහෙයුමට යන ශ්‍රී ලංකා නාවිකයින් දකින්නේ නැවක් නොව, මුහුදේ විසිරුණ මහා තෙල් පැල්ලමකි. මළ සිරුරු රැසක් පාවෙමින් තිබිණි.  බරපතල ලෙස තුවාල ලැබුවෝ 32ක ගේ ජීවිත බේරාගෙන ඔවුන් කරාපිටිය රෝහලට රැගෙන එන්නට නාවික හමුදාව කටයුතු කළේය. ඔවුන්ගෙන් එක් අයෙක් මේ වනවිට බරපතල තත්ත්වයේය.

ගාල්ලට නුදුරු ජාත්‍යාන්තර මුහුදේ දී මෙසේ  ආපදාවට ලක් වන්නේ IRIS Dena යනු 2021 වසරේදී සේවයට එක් කරන ලද, ඉරානයේ නිෂ්පාදිත නවීන පද්ධති වලින් සමන්විත ප්‍රහාරක නෞකාවකි.

විදේශ කටයුතු ඇමති විජිත හේරත් පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයට  අනුව   සිද්ධිය වාර්තා වන්නේ  ශ්‍රී ලංකාවේ නිශ්චිත මුහුදු සීමාවෙන් බැහැරවය. මෙ‍හෙයුමට මැදිහත් වන්නේ මානුෂීය පදනමෙනි.    ශ්‍රී ලංකාවේ ස්වෛරී මුහුදු සීමාවෙන් බැහැරව මෙම ව්‍යසනය  සිදුවුවද, ජාත්‍යන්තර මුහුදු නීතියට අනුව සෙවීම් සහ මුදාගැනීම් කලාපය (Search and Rescue region) තුළ ක්‍රියාත්මක වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැහැදිලි කළේය.

නෞකාවේ පුද්ගලයින් 180 දෙනෙකු පමණ සිටි බව විදේශ අමාත්‍ය විජිත හේරත්      පාර්ලිමේන්තුවේදී තහවුරු කළේය.  රොයිටර් පුවත් සේවයත්  මෙම ප්‍රවෘත්තිය උදෑසනම වාර්තා කර තිබිණි. ඔවුන් කීවේත්  නෞකාවේ 180ක් සිටි බවත්  මේ වන විට අවම වශයෙන් 101 දෙනෙකු අතුරුදහන් වී ඇති බවත්ය.  78 දෙනෙකු තුවාල ලබා ඇති බව ද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

මුදවා ගත් නාවකයෙක් කරාපිටිය රෝහලට…

කලාපීය උණුසුම සහ ප්‍රහාරය පිළිබඳ විදෙස් මාධ්‍ය ඇති කරන  සැකය

නෞකාවේ ජල මට්ටමට පහළින් වූ බඳ කොටසට එල්ල වූ හානියක්  හේතුවෙන් නෞකාව මිනිත්තු කිහිපයක් ඇතුළත ගිලෙන්නට පටන් ගත් බව චන්ද්‍රිකා ඡායාරූප (Satellite Imagery) ඇසුරින් නාවික විශේෂඥයෝ කීහ. ඔවුන් පෙන්වා දෙන්නේ  නෞකාව වේගයෙන් ගිලී යාම හේතුවෙන් ඇතුළත සිටි පිරිසට ඉවත් වීමට   නොහැකි වූ බව ය.

රොයිටර් පුවත් සේවයට අනුව, මෙම සිද්ධිය හුදෙක් කාර්මික දෝෂයක් නොවේ. ඔවුන්ගේ  නවතම වාර්තාවල සඳහන් කරන්නේ, එක්වරම සිදුවූ පිපිරීමකින් හෝ බඳෙහි පහළ කොටසට සිදුවූ හානියකින්  නෞකාව ආපදාවට ලක්වූ  ආකාරය  සලකා බැලීමේදී මෙය සබ්මැරීනයකින් එල්ල කළ ටෝපිඩෝ (Torpedo) ප්‍රහාරයක් විය හැකි යැයි  බටහිර ආරක්ෂක මූලාශ්‍ර සැක කරන බවය.

විශේෂයෙන්ම, ඉරාන නාවික හමුදාව සතු වඩාත් නවීනතම නෞකාවක් වන IRIS Dena ඉලක්ක කිරීම මගින් ඉරානයට දැඩි පණිවිඩයක් ලබා දීම මෙහි අරමුණ විය හැකි බව එම වාර්තාවල සඳහන් වේ.

අද ( 04) පළ වූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පිරික්සීමේදී Reuters (රොයිටර්) පුවත් සේවය මෙම සබ්මැරීන් ප්‍රහාරය පිළිබඳ සැකය මුලින්ම ලොවට අනාවරණය කර ඇති බව පෙනේ. ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින නාවික ගැටුම (Maritime Conflict) ඉන්දියන් සාගරයේ දකුණු දිග කලාපය දක්වා ව්‍යාප්ත වී ඇති බව රොයිටර් විශ්ලේෂණය කර ප්‍රකාශ කර තිබිණි.

ඔවුන්ගෙන් පසුව NDTV, The Sunday Guardian, Anadolu Agency (Anadolu) සහ The Hindustan Times වැනි ආයතන  මේ පුවත ලෝකය තුළ ආන්දෝලනයක් ඇති කරමින් වාර්තා කළේය. බ්‍රිතාන්‍යයේ The Sun පුවත්පත ද මෙම සිද්ධිය ඉතා ආන්දෝලනාත්මක ලෙස වාර්තා කළේ ඉරාණයට මරු පහරක් එල්ල වී ඇති බව පවසමිනි.

අල් ජසීරා (Al Jazeera) පුවත් සේවය සඳහන් කරන්නේ, නෞකාවේ පද්ධති අක්‍රිය කර එය අනතුරට පත් කිරීමට සයිබර් ප්‍රහාරයක් (Cyber Attack) භාවිතා කළේද යන්න පිළිබඳවද විමර්ශන සිදුවන බවයි. එසේම, නෞකාවේ බඳෙහි ඇලවිය හැකි ‘ලිම්පට් මයින’ (Limpet Mines) වර්ගයේ බෝම්බයක් මගින් මෙම හානිය සිදු වූයේද යන්න පිළිබඳව ඉරාන බලධාරීන් පරීක්ෂණ පවත්වන බව එම වාර්තා වැඩිදුරටත් කීවේය.

ඉරානයේ ‘මවුජ්’ පන්තියේ ප්‍රධාන නෞකාවක් මෙලෙස ඉලක්ක කිරීම ඊශ්‍රායලයේ මොසාඩ් වැනි  රහසිගත මෙහෙයුම් ඒකක හෝ නාවික විශේෂ බලකාය විසින් සිදු කළ හැකි බවට ඇතැම්  අන්තර්ජාතික  විශ්ලේෂකයෝ මත පළ කළහ.

මෙම තොරතුරු මත පදනම්ව තහවුරු  නොකළ ආරක්ෂක පුවතක් ලෙස දේශීය මාධ්‍ය ජාලාද  සිද්ධිය ප්‍රහාරයක් විය හැකි බවට වාර්තා කර තිබිණි.  මේ සියලුම අනුමානයන්වලින් කියැවුනේ සබ්මැරීනයකින් එල්ල වූ ටෝපිඩෝ ප්‍රහාරයකින් මෙම නෞකාව විනාශ වී ගිය බවය.

IRIS Dena ඉරාන යුධ නෞකාව

නෞකාව ප්‍රහාරයකට ලක් වී නම් බරපතල තත්ත්වයක්…

මෙම ඉරාන නෞකාව ආපදාවට ලක් වන්නේ   ඉන්දියාව විසින් මෙහෙයවනු ලැබූ ‘MILAN 2026’   නමැති දැවැන්ත බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගී වී නැවත යමින් සිටියදී ය.  මෙම අභ්‍යාසයේ විශේෂත්වය වූයේ  එය රටවල් කිහිපයකට පමණක් සීමා නොවූවක් වීමයි.

ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද මෙම යුද අභ්‍යාසය පැවැත්වූයේ ඉන්දියාවේ විශාඛාපට්නම් (Visakhapatnam) මුහුදු තීරයේදීය. මෙවර අභ්‍යාසය සඳහා ඉරානයට අමතරව ලොව පුරා රටවල් 50කට අධික සංඛ්‍යාවක නාවික හමුදා නියෝජිතයන් සහ නෞකා සහභාගී විය.

මිත්‍ර රටවල් අතර නාවික සහයෝගීතාව වර්ධනය කිරීම, මුහුදු මංකොල්ලකරුවන්ට එරෙහි මෙහෙයුම් සහ සාගර ආරක්ෂාව තහවුරු කිරීම  මෙම අභ්‍යාසයේ  ප්‍රධාන අරමුණ විය.  IRIS Dena නෞකාව ශ්‍රී ලංකාවට නුදුරු මුහුදේදී මෙම අනතුරට  මුහුණ දෙන්නේය.

දැන් සලකා බැලිය යුත්තේ මේ  එල්ල වූයේ ප්‍රහාරයක් ද යන්නය. ජාත්‍යන්තර නාවික සහ යුද නීතියට අනුව, සාමකාමී නාවික අභ්‍යාසයකට සහභාගී වී ආපසු ගමන් ගන්නා නෞකාවකට ප්‍රහාරයක් එල්ල කිරීම ඉතා බරපතල වරදකි.  එය  ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකේ.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය (UN Charter) සහ ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුව, රටවල් දෙකක් අතර නිල වශයෙන් ප්‍රකාශිත යුද්ධයක් පවතින අවස්ථාවකදී හැර, වෙනත් රටක නාවික හමුදා නෞකාවකට ප්‍රහාර එල්ල කිරීම ආක්‍රමණශීලී ක්‍රියාවක් (Act of Aggression) ලෙස සැලකේ. IRIS Dena වැනි නෞකාවක් නිල අභ්‍යාසයකට සහභාගී වී සාමකාමීව ගමන් කරමින් සිටියේ නම්, එයට ප්‍රහාර එල්ල කිරීම නීති විරෝධී වේ.

ජාත්‍යන්තර මුහුදු නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට (UNCLOS) අනුව, රජයකට අයත් යුද නෞකාවලට ඕනෑම මුහුදු සීමාවකදී “ස්වෛරී මුක්තිය” හිමි වේ. එනම්, එම නෞකාව අදාළ රටේ පාවෙන භූමියක් ලෙස සැලකෙන බැවින්, එයට ප්‍රහාර එල්ල කිරීම එම රටේ ස්වෛරීභාවයට එල්ල කළ ප්‍රහාරයක් ලෙස සැලකේ.

යම් රටක් මෙම ප්‍රහාරය සාධාරණීකරණය කරන්නේ නම්, ඔවුන්ට එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 51 වන වගන්තිය යටතේ තමන්ට එල්ල වීමට ගිය ප්‍රහාරයකින් බේරීමට “ආත්මාරක්ෂාව සඳහා” (Self-defense) එය කළ බව ඔප්පු කිරීමට සිදු වේ. එසේ නොමැතිව එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් යුද අපරාධයක් හෝ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස ජාත්‍යන්තර අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකිය.

රොයිටර් වාර්තා කරන පරිදි මෙය සබ්මැරීන් ප්‍රහාරයක් නම්, ප්‍රහාරකයා හඳුනා ගැනීම අපහසු කරවීම සඳහා රහසිගත ක්‍රමවේදයක් (Clandestine Operation) භාවිතා කර ඇති බව පෙනේ. මෙය ජාත්‍යන්තර නීතිය හමුවේ “රාජ්‍ය ත්‍රස්තවාදය” ලෙසද අර්ථකථනය කළ හැකිය.

ප්‍රහාරයක් නොවේ… ශ්‍රී ලංකා නාවික හමුදාව කියයි

ගලවා ගැනීමේ මෙහෙයුමේ නිරත නාවික හමුදාව…

මෙම නෞකාව ප්‍රහාරයට ලක්වූයේ ශ්‍රී ලංකාවේ “සෙවීම් සහ මුදාගැනීම්” (Search and Rescue) කලාපය තුළ නම්, එම කලාපයේ නාවික ආරක්ෂාව සම්බන්ධයෙන් යම් වගකීමක් අදාළ වෙරළබඩ රාජ්‍යයට (ශ්‍රී ලංකාවට) පවතී.

එහෙත්  මෙම ඉරාන යුධ නෞකාව මුහුදුබත් වී ඇත්තේ   එම නෞකාවට ප්‍රහාරයක් එල්ලවීමෙන්   බවට විදෙස් මාධ්‍ය සිදුකෙරෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව නාවික හමුදාව   නිල වශයෙන් ප්‍රතික්ෂේප කළේය.  ඉරාන නෞකා අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව අද (04) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්  නාවික හමුදා  මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත්   මෙම විදෙස් මාධ්‍ය වාර්තාවල ප්‍රකාශ ප්‍රතික්ෂේ කරමින් ප්‍රකාශ කළේ මේ වනවිට වැඩිම අවධානය යොමු වී ඇත්තේ අනතුරට පත් වූවන් ගලවා ගැනීම බවය.

අනතුරට පත්  නෞකාවෙන් ලැබුණු හදිසි පණිවිඩයත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ඒකාබද්ධ මුදාගැනීමේ මෙහෙයුමක් වහාම ආරම්භ කර තිබිණි.

නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත්  පැවසුවේ ශ්‍රී ලංකා  නාවික හමුදාව අනතුර සිදුවූ ස්ථානයට ළඟා වන විටත් නැව මුලුමනින්ම ගිලී මුහුදුබත් වී තිබුණු බවය.  මුහුදු පෘෂ්ඨය මත විශාල තෙල් පැල්ලමක් පමණක් දක්නට ලැබුණු බව ඔහු කීවේය.

මෙම නෞකාව තුළ සිටි නාවිකයින් සංඛ්‍යාව පිළිබඳ නිවැරදි දත්ත ඉදිරියේදී අනාවරණය කිරීමට අපේක්ෂා කරන අතර, මේ වන විට දිවි ගලවා ගත් ඉරාන ජාතිකයින් 32 දෙදෙනෙකු මුදාගෙන ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව ඔහු දැන්වූයේය.

මෙම ආපදාව සිදු වූ ආකාරය පිළිබඳව විධිමත් විමර්ශනයක් සහ තාක්ෂණික වාර්තාවක් ලබා ගැනීමට පියවර ගන්නා බවත්, රෝහල්ගත කළ පුද්ගලයින්ගෙන් ලබාගන්නා තොරතුරු මත ඉදිරි විමර්ශන තීරණය වන බවත්  ශ්‍රී ලංකා නාවික හමුදා බලධාරීහු  වැඩිදුරටත් සඳහන් කළහ.

එසේම, මුහුදේ පාවෙමින් තිබියදී මළ සිරුරු කිහිපයක් ද සොයාගෙන ඇති අතර, එම සිරුරු ආපදාවට ලක්වූ නෞකාවේ සේවකයින්ගේ බවට සැක පහළ වී ඇත.  දැනට අතුරුදහන්ව සිටින පිරිස අතරින් තවදුරටත් ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකි පිරිස් සිටී නම් ඔවුන් මුදාගැනීම සඳහා වන සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

අතුරුදහන් වූවන් පිළිබඳ අවිනිශ්චිතතාව

නෞකාවේ සිටි මුළු පිරිස 180ක් පමණ වන බවට තහවුරු වී තිබුණද, මේ දක්වා ආරක්ෂිතව මුදාගෙන ඇත්තේ 30කට අධික සුළු පිරිසක් පමණක් වීම හේතුවෙන් අනෙක් පිරිස පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවයක් මතුව තිබේ.

රොයිටර් වාර්තා පෙන්වා දෙන්නේ නෞකාව මුහුදුබත් වීම හෝ ගොඩබිමක ගැටී දරුණු ලෙස ජලය කාන්දු වීම නිසා 100කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති බවට සැක කරන බවයි. නෞකාවේ සිටි අනෙක් 150කට ආසන්න පිරිසට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් ශ්‍රී ලංකා රජය හෝ නාවික හමුදාව නිල වශයෙන් මරණ තහවුරු කර නොමැත. ඔවුන් “අතුරුදහන් වූවන්” (Missing) ලෙස දැනට සලකනු ලබයි.

රොයිටර් (Reuters) පුවත් සේවය සහ බටහිර ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, නෞකාව දරුණු ලෙස ජලය කාන්දු වී ගිලෙන්නට පටන් ගත් වේගය අනුව, එහි පහළ තට්ටුවල සිටි නාවිකයින්ට ඉන් ඉවත් වීමට (Evacuation) ප්‍රමාණවත් කාලයක් නොලැබෙන්නට ඇති බවයි.

ඉරාන රජය මේ සම්බන්ධව නිල වශයෙන් තවමත් යමක් ප්‍රකාශ කර නැත. අල් ජසීරා (Al Jazeera) සහ රොයිටර් (Reuters) පුවත් සේවා වාර්තා කරන පරිදි, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික නිලධාරියෙකු වන මොහොමඩ් අක්බර්සාදේ (Mohammad Akbarzadeh) ප්‍රකාශ කර ඇත්තේ තම නෞකාව ආපදාවට ලක්ව ඇති බවත්, ඒ පිළිබඳව විමර්ශන පවත්වන බවත්ය. මීට අමතරව, ඔවුන් හෝර්මුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) ආරක්ෂාව තර කර ඇති බවත්, ඕනෑම ප්‍රකෝපකාරී ක්‍රියාවකට ප්‍රතිප්‍රහාර දෙන බවත් අවධාරණය කර තිබේ.

ඉරානයේ ෆාර්ස් (Fars) සහ තස්නිම් (Tasnim) වැනි අර්ධ රාජ්‍ය පුවත් සේවා සඳහන් කරන්නේ, තම නාවික හමුදාවට අයත් නෞකාවක් ඉන්දියන් සාගරයේදී “තාක්ෂණික දෝෂයකට” හෝ “ප්‍රහාරයකට” ලක්ව ඇති බවට ලැබෙන වාර්තා පිළිබඳව විදේශ අමාත්‍යාංශය අවධානයෙන් පසුවන බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැබිනට් තීරණ මෙතැනින් බලන්න…

Next Post

අපි IRIS Dena  නෞකාවට ප්‍රහාරයක් එල්ල නොවූ බව කියා පැය දෙකක් යන්න පෙර ඇමරිකාව ප්‍රහාරයේ වගකීම භාරගත් හැටි!

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.