සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි IRIS Dena  නෞකාවට ප්‍රහාරයක් එල්ල නොවූ බව කියා පැය දෙකක් යන්න පෙර ඇමරිකාව ප්‍රහාරයේ වගකීම භාරගත් හැටි!

by editor
මාර්තු 4, 2026
in පුවත්
dena
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

IRIS Dena  නෞකාව බුන්බත් වන්නේ තාක්ෂණික දෝෂයකින් හෝ  ස්වභාවික අනතුරකින් නොව ප්‍රහාරයකට ලක් වීමෙන් බවත්,  එය බොහෝ විට සබ්මැරීනයකින් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයක් විය හැකි බවට නිගමනය කළ හැකි සාධක ඇති බවත් අද රොයිටර්, අල් ජසීරා, සන්, හින්දුස්ථාන් ටයිම්ස් වැනි අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කළ වහාම ශ්‍රී ලංකා නාවික හමුදාව  මාධ්‍ය සාකච්ඡාවක් කැඳෙව්වේය.

නාවිකය හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසුවේ  ජාත්‍යාන්තර මාධ්‍යවල සිදුකර ඇති ප්‍රකාශ මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන බවය.  ඔහු නාවික හමුදාවේ නිල ප්‍රකාශක ලෙස   ප්‍රහාරයක් එල්ල වී නැතැයි ලෝකයට සහතික කළේය.  එහෙත් ඔහු කීවේ තමන් මුදවා ගැනීමට යන විට එතැන නැවක් නොතිබුණ බවත් තිබුණේ විශාල තෙල් පැල්ලමක් පමණක්  බවත්ය.

නාවික හමුදා  ප්‍රකාශක සිය ප්‍රකාශය සිදුකර පැය දෙකක් යන්නට පෙර  ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ ඉන්දීය සාගරයේ ජාත්‍යන්තර මුහුදු තීරයේදී, ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නම් ෆ්‍රිගේට් වර්ගයේ යුද නෞකාවට සිය නාවික හමුදා සබ්මැරීනයක් මගින් ටෝර්පිඩෝ ප්‍රහාරයක් එල්ල කර ගිල්වා දැමූ බව ඇමරිකා එක්සත් ජනපදය නිල වශයෙන් තහවුරු කර කළේය. එමෙන්ම  Mk-48 වර්ගයේ තනි ටෝර්පිඩෝ ප්‍රහාරයකින් නෞකාවට ක්ෂණික බලපෑමක් ඇති කළ ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද මුදා හැරියේය.

අද (04) පෙන්ටගනයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) විසින් මෙම ප්‍රහාරය ප්‍රකාශයට පත් කරන ලදී. මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකානු සබ්මැරීනයක් විසින් සතුරු නෞකාවක් ටෝර්පිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දැමූ පළමු අවස්ථාවය.  .

හෙග්සෙත් මෙම ප්‍රහාරය “නිහඬ මරණයක්” (Quiet death) ලෙස හැඳින්වූයේ මෙසේ ප්‍රකාශ කරමිනි.  “ජාත්‍යන්තර මුහුදු තීරයේ තමන් ආරක්ෂිත යැයි සිතා සිටි ඉරාන යුද නෞකාවක් ඇමරිකානු සබ්මැරීනයක් විසින් ගිල්වා දමනු ලැබුවා. ඒ වෙනුවට එය ටෝර්පිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වුණා.”

RelatedPosts

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ 20,000කට ජලය අහිමි වෙයි: යුද අපරාධ චෝදනා එල්ල වීමේ අවදානමක්! ‘ද නිව්යෝක් ටයිම්ස්’ විශේෂ විමර්ශනයක් මෙන්න

මෙම නෞකාව ඉරානයේ වටිනාම නෞකාවන්ගෙන් එකක් බව පෙන්වා දුන් ඔහු, මැදපෙරදිග ගැටුම් උත්සන්න වීම හමුවේ ඉරාන නාවික හමුදාවට එරෙහිව ඇමරිකාව දියත් කරන පුළුල් මිලිටරි මෙහෙයුම්වල කොටසක් ලෙස මෙම ප්‍රහාරය හඳුන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ප්‍රවේශය

ශ්‍රී ලංකා නාවික හමුදාව මුලින්ම වාර්තා කළේ ගිලෙමින් තිබූ ඉරාන නෞකාවෙන් තමන්ට ආපදා ඇමතුමක් ලැබුණු බවය.  1979 ජාත්‍යන්තර නාවික සෙවීමේ සහ මුදාගැනීමේ සම්මුතියට (SAR Convention) අනුව ශ්‍රී ලංකාව  මෙම නෞකාව සම්බන්ධව සහන සේවා සැපයීමට මැදිහත්වන බව  විදේශ අමාත්‍ය විජිත හේරත්  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්  ශ්‍රී ලංකාව මේ දක්වා ජාත්‍යන්තර දේශපාලන වාද විවාදවලට මැදි නොවී “මානුෂීය මෙහෙයුම” කෙරෙහි පමණක් අවධානය යොමු කර ඇත.

.ශ්‍රී ලංකා රජය සහ ඉරාන තානාපති කාර්යාලය අතර දැනට පවතින ප්‍රධානම සාකච්ඡාව අතිශය සංවේදී එකකි.    මුදාගත් නාවිකයින් සහ සොයාගත් සිරුරු සම්බන්ධව ඔවුහු  මේ වනවිට සක්‍රීයව කටයුතු කරති.

රෝහල්ගත කර සිටින නාවිකයින් 32 දෙනාගේ ආරක්ෂාව සහ ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සම්බන්ධයෙන් ඉරාන තානාපති කාර්යාලය නිරන්තරයෙන් රජය සමග සම්බන්ධ වී සිටී. මියගිය නාවිකයින්ගේ සිරුරු හඳුනාගැනීමෙන් පසු ඒවා ඉරානයට ගෙන යාම සඳහා විශේෂ ගුවන් යානයක් එවීමට ද ඉරාන රජය සූදානමින් සිටින බව වාර්තා වේ.

ඉරාන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත්තේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නිල වාර්තාවක් ලබා දෙන ලෙසය. විශේෂයෙන්ම, නෞකාව ගිලීමට පෙර නිකුත් කළ ආපදා ඇමතුම් (Distress Calls) සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සතු දත්ත ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා ඇත. මෙමගින් ඇමරිකාවේ ප්‍රහාරය ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන යාමට අවශ්‍ය සාක්ෂි ගොනු කිරීමට ඉරානය බලාපොරොත්තු වේ.

එහෙත් මේ කටයුත්තට ශ්‍රී ලංකාව මැදිහත්වන ආකාරය සිදුකරනු ඇත්තේ දැඩි ප්‍රවේශමෙනි.  ශ්‍රී ලංකා රජය මේ දක්වා ඉරාන තානාපතිවරයා වෙත අවධාරණය කර ඇත්තේ තමන් කිසිදු පාර්ශවයකට පක්ෂග්‍රාහී නොවන බවය.  තම ප්‍රමුඛතාවය මුහුදේ සිදුවූ ඛේදවාචකයේදී ජීවිත බේරාගැනීම පමණක් බව ඔහු කීවේය.

කෙසේ වෙතත්, ඉරානය බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව විසින් මෙම ප්‍රහාරය “අනීතික ආක්‍රමණයක්” ලෙස හෙළා දකිනු ඇතැයි යන්නයි. නමුත් වර්තමාන ආර්ථික සහ භූ-දේශපාලනික තත්ත්වයන් මත ශ්‍රී ලංකාව ඉතා ප්‍රවේශමෙන් මෙම රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුව සිදු කරමින් සිටී.

ගාල්ලට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකා නාවික හමුදාව සිය මානුෂීය මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් ඇත.  මුහුදේ පවතින සැඬ රළ සහ ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ පවතින අති විශාල ගැඹුර හේතුවෙන්, ගිලී ගිය නෞකාව තුළ සිරවී ඇති සිරුරු මුදාගැනීම තාක්ෂණික වශයෙන් ඉතා දුෂ්කර වී තිබේ.

මෙම මෙහෙයුම සඳහා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා (OPVs) සහ වේගවත් ප්‍රහාරක යාත්‍රා කිහිපයක් යොදවා ඇති අතර, ගුවන් හමුදාවට අයත් යාත්‍රා ද ගුවනින් සහාය ලබා දෙයි. දැනට පවතින ප්‍රධානතම අභියෝගය වන්නේ ප්‍රහාරයෙන් පසු නෞකාවේ සුන්බුන් සහ තෙල් කාන්දුවීම් මධ්‍යයේ මුහුදේ පාවෙමින් පවතින සිරුරු සහ අතුරුදහන් වූවන් සෙවීමය. දැනට මළ සිරුරු 83ක් සොයා ගෙන ඇති බව ජාත්‍යාන්තර මාධ්‍ය කියයි. මරණ පරීක්ෂණ කටයුතු සහ හඳුනාගැනීමේ ක්‍රියාවලිය සඳහා ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට නියමිතය.

මුදවා ගත් නාවකයෙක් කරාපිටිය රෝහලට…

නින්දා සහගත අපරාධය

යුද්ධය යනු අන්ත තිරශ්චීන අපරාධයකි. එහෙත් ඒ අපරාධය සිද්ධ වන්නේ ශිෂ්ඨාචාරවත් මනුෂ්‍ය සමාජයක් තුළ යැයි විශ්වාසයක් ඇත. එබැවින් යුද්ධය සම්බන්ධව  ද නෛතික බැඳීම් සහ සදාචාර සීමාවන් සලකුණු කර තිබේ. එම නීති සම්ප්‍රදායන් බොහෝ විට ශිෂ්ඨාචාරයත් සමග පැවතගෙන පැමිණි  වීරත්වය සහ ගෞරවය පිළිබඳ සංකේතාත්මක සලකුණුය.   මේ සලකුණු කිරීම් මිනිසුන් වනචාරී තිරිසනුන්ගෙන් වෙනස් කළේය.

ඇමරිකාව අද  ටෝපිඩෝවක් එවා බුන්බත් කර  තිබුණේ  IRIS Dena නෞකාව නොව, මිනිස් ශිෂ්ඨාචාරයක් අප්‍රමාණ කැපකිරීම් හරහා ගොඩනගාගෙන තිබුණු   ශිෂ්ඨත්වයේ සම්මුතිය ය.  තිරිසනුන් සහ මිනිස් සමාජය වෙන් කරනු ලැබූ රේඛාවේ ආනතිය ය.  මෙම ප්‍රහාරය හරහා ඇමෙරිකාව  ජාත්‍යාන්තර මුහුදු නීතිය උල්ලංඝනය කළේය. පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රහාරයක් එල්ල කර මුහුද මැද නැවක් ගිල්වා දැමුවේය.  යුද්දයකට සම්බන්ධ වීමේ කිසිදු අපේක්ෂාවක් රහිත රටවල් මෙම යුද්ධයේ මුව විට අසලට රැගෙන ආවේය.

අප මේ කතාව තේරුම් ගත යුතුය.  IRIS Dena  නෞකාව යුද්ධයක් සඳහා පැමිණි නෞකාවක් නොවේ. ඉන්දියාවේ ඇරයුම මත විශාඛා පට්ටනම් හි රටවල් 50ක්  එක්ව පැවැත් වූ ‘MILAN 2026’   නමැති දැවැන්ත බහු පාර්ශ්වික නාවික අභ්‍යාසයට පැමිණි නෞකාවකි. යුද්ධයක් අවස්ථාවක දී මෙම නෞකාවේ සමස්ථ කාර්ය මණ්ඩලය 120කි. එහෙත් මේ පැවති නාවික අභ්‍යාසය වෙනුවෙන් එක්වූ ආධුනික නැවියන්  ද සමග නාවකයින් 180ක් මේ නෞකාවේ ගමන් කරමින් සිටියහ.   මෙම නාවික අභ්‍යාසය නිමා කිරීමෙන් අනතුරුව  ඔවුහු  ජාත්‍යාන්තර මුහුදේ ගමන් කරමින් සිටියහ.

යුද්ධයක් පවතින බව සැබෑය. එහෙත් කිසිම යුදමය ප්‍රවේශයක් නොමැතිව අන්තර්ජාතික නාවික අභ්‍යාස සැසියකට සහභාගී වී යන මෙවැනි නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර ගිල්වා දැමීමට තරම් අශිෂ්ඨ ප්‍රවේශයක්  අන්තර් ජාතික නීති ආවරණ තුළ නැත.  එහෙත් ඇමරිකාව ඒ නින්දිත අපරාධය කළේය.  ඒ සඳහා ඔවුන්  ටෝපිඩෝවක් භාවිතා කිරිම එම ආන්තික හැසිරීමේ  තිරිසන් බව  පෙන්නුවේය.  “ටෝර්පිඩෝ” ප්‍රහාරයක් යනු ඉලක්කයට කිසිදු ප්‍රතිචාරයක් දැක්වීමට හෝ යටත් වීමට අවස්ථාවක් නොතබන විනාශකාරී උපක්‍රමයකි.

රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් බඳු   නාවික අභ්‍යාසයකින් පසු සාමකාමීව ආපසු ගමන් කරමින් සිටි පිරිසකට මෙවැනි මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීම, ජාත්‍යන්තර මානුෂීය නීතියේ (IHL) එන “අත්‍යවශ්‍යතාවය සහ සමානුපාතිකත්වය” (Necessity and Proportionality) යන මූලධර්ම බරපතළ ලෙස කඩ කිරීමට ඇමරිකාව කටයුතු කළේය.  දක්නට ලැබුණේ  සම්මත රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයන්ගෙන්  අවලමේ යැවූ අවස්ථාවකි.

ජාත්‍යන්තර නාවික ආරක්ෂාව පිළිබඳ පවතින විශ්වාසය (Maritime Trust) බිඳ දමන අතර  ලෝක සාමයට බරපතල තර්ජනයක් වන අපරාධකාරී පූර්වාදර්ශයක් ඇමරිකාව විසින් පෙන්වා තිබුණේ මෙම ගැටුමේ දී මැදහත් ප්‍රතිපත්තියක් ආරක්ෂා කරගන්නට උත්සාහ කරමින් රාජ්‍ය ත්‍රාන්ත්‍රික මෙහෙයුමක නිරතවෙමින් ඇති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුළු රටවලට මේ ප්‍රහාරය බරපතල අවිනිශ්චිතතාවයක් ඇති කර තිබුනේය.

ඉන්දියාව ඇතුළු ලෝක ප්‍රතිචාරය –

මෙම ප්‍රහාරය එල්ල වූයේ ඉන්දියාවේ විශාඛාපට්නම්හි පැවති ‘මිලාන් 2026’ (MILAN 2026) බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසයට සහභාගී වී එම නෞකාව ආපසු යමින් සිටියදී බැවින්, ඉන්දියාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවෙයි.

ඉන්දීය විදේශ අමාත්‍යාංශය සහ නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරන්නේ, තම රට සත්කාරකත්වය දැරූ රාජ්‍ය තාන්ත්‍රික නාවික මෙහෙයුමකට එක්වූ නෞකාවකට මෙලෙස ප්‍රහාර එල්ල වීම කලාපීය මුහුදු ආරක්ෂාව පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කරන බවය.

කෙසේ වෙතත්, ඇමරිකාව සහ ඉරානය අතර පවතින සෘජු යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඉන්දියාව දැනට “උපායමාර්ගික නිහඬතාවක්” (Strategic Silence) අනුගමනය කරමින් සිටින අයුරු පෙනේ.

එබැවින්  සිදුවීම සම්බන්ධයෙන් දැඩි නිල ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටියි. නමුත් ඉන්දීය ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර නාවික අභ්‍යාසවලට සහභාගී වන නෞකාවලට මෙවැනි අනතුරුදායක තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවීම අනාගතයේදී මෙවැනි අභ්‍යාසවල සාර්ථකත්වයට බාධාවක් විය හැකි බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම මිලිටරි උත්සන්න වීම පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කර ඇත. විශේෂයෙන්ම රුසියාව සහ චීනය මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින්, එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස හඳුන්වා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (IOM) අවධාරණය කර ඇත්තේ, යුදමය තත්ත්වයක් පැවතියද ජාත්‍යන්තර මානුෂීය නීතියට ගරු කළ යුතු බවත්, සිවිල් වැසියන් සහ නාවිකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම ප්‍රමුඛතාවය විය යුතු බවත්ය.

රුසියාව සහ චීනය  ඇමරිකානු ප්‍රහාරය “නීති විරෝධී ආක්‍රමණයක්” ලෙස හඳුන්වා දී ඇති අතර, වහාම ප්‍රහාර නතර කරන ලෙස ඉල්ලා ඇත.

ඉරාන රජය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නැතත්, ඔවුන්ගේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලය හරහා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ස්වයං-ආරක්ෂාව සඳහා අයිතියක් ඇති බවය., සියලුම ඇමරිකානු මිලිටරි මධ්‍යස්ථාන දැන් සිය ඉලක්ක බවට පත්ව ඇති බවත්ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නාවික හමුදාව මුදවා ගැනීමට යන විටත්  IRIS Dena යුද නෞකාව 100 දෙනෙක් සමග සම්පූර්ණයෙන්ම මුහුදුබත් වෙලා ඉවරයි…

Next Post

IRIS Dena නෞකාව ගිලී යන්නේ ලෝක අර්ථියත් බුන්බත් කරමින් ද?… නැව ගිලුනට පසු වෙච්චි දේ කියවන්න…

Related Posts

Hiphop-Sangee
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
පුවත්

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

ජූනි 12, 2026
Air-Canada
පුවත්

අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

ජූනි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.