බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“නාලිකාවලට පුළුවන් ඕන මැට්ටෙක් ගෙනල්ලා ජනාධිපති කරන්න” – හරීන්

by Lanka Sara Editor
සැප්තැම්බර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

“මහජනතාවට වැරදි කියන්න බැහැ. මොකද නාලිකා තිබෙනවා ඒවට පුළුවන් මොන මැට්ටෙක් ගෙනල්ල හෝ ජනාධිපති කෙනෙක් කරන්න.” යැයි සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

හෙතෙම විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවේදී මේ අදහස් දැක්වීය.

“මේ අවස්ථාවට එන විට මම දැකපු දෙයක් තිබුණා එය ලංකාව කොතනද තිබුණේ කියලා මිනිස්සු නිතරම බනිනවා අපි එහි තිබුණේ ‘අපි දන්නවාද කියලා’ අහලා තියෙනවා තුල් ටෙස්ට් ,වේ ටෙස්, ලක්සල, සළුසල, පේෂ කම්හල් ,තිබුන රටක් මේ ශ්‍රී ලාංකාව . සෙවනගල, කන්තලේ කියන සීනි කර්මාන්ත ශාලා තිබුණු රටක් ලංකාව. ඉන්දියාවට නයිජීරියාවට ටයර් අපනයනය කරන රටක් .කැලණි ටයර් තිබුන රටක් ලංකාව පුත්තලම ,ගාල්ල, කන්කසන්තුරේ, මහාපරිමාණ සිමෙන්ති කර්මාන්ත ශාලා තිබුණු රටක් ලංකාව. අපි සතුව නැව් හතක් තිබුණු රටක් ලංකාව. ඔරුවල වානේ කර්මාන්ත ශාලා තිබුන රටක්. විදේශ විනිමයේ අතිරික්තයක් තිබිලා 1950 දෟ එංගලන්තයේ අයවැය කියවීම සඳහා ණය දුන්න රටක් ලංකාව 1950දී ආසියාවේ දෙවැනි සංවර්ධිත රට වෙච්ච රටක් ලංකාවයි එතකොට දැන් මිනිස්සු බනිනවා මේ අවුරුදු 70ක් තිස්සේ මේක කළේ දේශපාලඥයෝ කියලා. ඇත්ත මම දේශපාලඥයෙක් විදියට මෙතන කියනවා ඔව්. මංගල සමරවීර (අභාවප්‍රාප්ත) මැතිතුමාත් මමත් කිව්වේ මේ දේශපාලඥයින්ගේ තියෙන පටු අරමුණු නිසා දේශපාලන වාදකයෙක් ආගම්වාදය ජාතිවාදය කුලවාදය පවුල් වාදය මේ සියලුදෙනා රටේ දේශපාලනය විනාශ වෙලා. මහජනතාවට වැරදි කියන්න බැහැ මොකද නාලිකා තිබෙනවා ඒවට පුළුවන් ඕන කෙනෙක් ජනාධිපති කරන්න. මොන මැට්ටෙක් ගෙනල්ල හෝ ජනාධිපති කරන්න හැකියාව මෙය නාලිකා වලට පුළුවන්. ඒ නිසා මහජනතාවට වැරදි කියන්න අපි සූදානම් නැහැ .මංගල සමරවීර මැතිතුමා ගැන මතක් කරා වගේම මේ අවස්ථාවේදී එකක් කියනවා මංගල සමරවීර මැතිතුමා මියයන්නට ඇති නමුත් ඔහුගේ දර්ශනය මිය යන්නට අපි කවදාවත් ඉඩ දෙන්නට නැහැ .ඔහු දැක්කා දර්ශනය තමයි රටට හරියන්නේ ඒ බව බය නැතුව කියනවා.

අද වන විට මේ රටේ “නෑ” සහ “බෑ” කියනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් නැහැ අද රටේ හාල් නෑ ,පොහොර නෑ, කිරි නෑ, සීනි නෑ, අධ්‍යාපනය නෑ, සෞඛ්‍ය නෑ, බෙහෙත් ටික නෑ , “බෑ” කියල ගත්තොත් ඇන්ටිජන් හොරකම අල්ලගන්න බෑ, පාස්කු මහමොළකරු අල්ල ගන්න පුළුවන්ද බෑ, ඩොලරය අඩුකර ගන්න බෑ, ප්‍රශ්න විසඳන්න බෑ, උද්ඝෝෂණ වලට විසඳුම් දෙන් බෑ, මේ ආණ්ඩුවට බෑ සහ නෑ ඇරෙන්න වෙන කරන්න පුළුවන් කිසිම දෙයක් නැති වෙලා. අද මේ රටේ මිනිස්සු පහතට වැටිලා. සීනි ටික නෑ, පිට ටික නෑ, අඩුමගානේ වැසිකිළියට අවශ්‍ය කොමඩ් එක වත් නැහැ. වාහනයක් කැඩුනම අමතර කොටස් නැහැ මිනිස්සුන්ට විතරක් නෙවෙයි පාසල් දූ දරුවන්ට තමන්ගේ ජීවිතය පිළිබඳව කිසිම විශ්වාසයක් නැහැ අද මාධ්‍ය සාකච්ඡාවට ආවේ ඒ සම්බන්ධ දෙයක් කියන්න මේ දරුවෙක් ලිපියක් එවා තිබුණා නුවර පාසලක දරුවෙක් ජනාධිපතිතුමාට යාවා තිබුණ ලිපියක් අද මේ රටේ අනාගතයට වෙන්න යන්න දේ මේ දරුවා ලියල තියෙනවා මේ අවුරුද්දේ උසස් පෙළ ලියන පෙනී ඉන්නවා සර් .තත්ත්වය හරිම දරුණුයි මොකද සර් මේ වෙද්දී අපි කාටවත් සිලබස් ඉවර කර නැහැ ප්‍රැක්ටිකල් කරලා නෑ විභාගය ලකුණු ගොඩක් එනවා සර් ප්‍රැක්ටිකල් වලට. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍ර ලියන්න වෙන්නේ ප්‍රැක්ටිකල් වලින් ඒත් මේ වෙද්දි ගොඩක් ප්‍රැක්ටිකල් කරල නැහැ සර්. උසස් පෙළට කලින් වාර විභාග හයක් ලියන්න තිබ්බ දැනට පවත්වා තිබෙන්නේ එකම වාර විභාගයයි දින 45 ක් තිස්සේ ගුරුවරු උද්ඝෝෂණ. දුප්පත් ළමයි ටියුෂන් යන්න විදියක් නෑ ගොඩක් අම්මලා තාත්තලාට මේ වෙලාවේ සල්ලි නෑ පන්ති වලට ගෙවන්න ඉතින් ටියුෂන් වලට ඒ ළමයි ගන්නෙ නෑ ඒ අයට ළමයින්ට දීලා තිබුණු නොමිලේ පන්ති කාඩ් එක පවා අහිමි කරලා මේ ප්‍රශ්නේ මැද නොවැම්බර් මාසේ විභාගය තියන්න යනවා ලු ඒත් ළමයි අතිබහුතරයක් ඒකට කැමැති නෑ ලොකු පීඩනයකින් ඉන්නේ 2021 උසස් පෙළ ළමයි ටික තමයි නිතරම හිතේ තියෙන බයට අධ්‍යාපන අමාත්‍යංශය නිලධාරීන්ට කතා කර කර අඬනවා . මේ වෙද්දි කාටවත් විෂය නිර්දේශ අවසන් කරල නැහැ සර් ළමයි බයෙන් ඉන්නේ මේ දරුවෙක් එවපු ලියුමක් මම මේ මොහොතේ ආයාචනා වක් කරනවා මේ රට තුළ අද විශාල ප්‍රශ්නයක් තියෙනවා ඒ ගැන කණගාටු වෙනවා.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

මිනිස්සු අද කියනවා 225ම මැරෙන්න ඕනේ කියලා අපි කවුරුත් මැරෙනවා මිනිස්සු හිතන විදිය ගැන අපි වගකිව යුතුයි. මේ දේශපාලනඥයෝ කර තිබෙන කැත දේශපාලනය තුළ මං දැක්කා එක් ඇමතිවරයෙක් කියනවා මේ ඔක්කොටම වගකියන්න ඕන විපක්ෂය කියලා නොදකින් විතරක්. විපක්ෂයේ වගකියන්න ඕනේ මොකද අපි ද හරි වෙලාවට එන්නත් ටික ගෙනාවෙ නැත්තෙ. අපි ද හරි වෙලාවට රට වැහුවේ නැත්තේ එසේ කියපු ඇමැතිවරයා කියනවා මේකට හේතුව උද්ඝෝෂණ ලු පැහැදිලිව එක දෙයක් සමගි ජනබලවේගය විදියට කියනවා කෝවිඩ් අර්බුදය හැදුනට පස්සේ අපි පක්ෂයක් විදිහට උද්ඝෝෂණ වලට යද්දි මන්ත්‍රීවරු විදියට අපි තනි තනියෙන් අවධානම අරගෙන ගියේ පාක්ෂිකයන්ට එන්න කිව්වේ නැහැ ඒ කරෙත් මිනිසුන්ගේ හඬ යටකරල කෝවිඩ් ප්‍රශ්නය උඩ හොඳ හම්බ කිරීමක් කරද්දි එවට විරුද්ධව මන්ත්‍රීවරු විදිහට පාරට බැහැලා කතා කරේ. පක්ෂයක් විදියට නෙමෙයි තනියෙන්. ඒ ප්‍රකාශය කරපු මහත්තයාට කියනවා බොරුවට බැරිකම වහගන්න එකාට එකා ඇඟිල්ල දික් කරන එක නවත්වන්න කියලා මේ වෙනවිට කෝවිඩ් ප්‍රශ්නේ නිදා මිනිස්සු 10000ක් මැරිලා දැන්වත් ඒක හිතට ගනින් කාගෙද වරද කියලා ඔළුවට ගනිල්ලා මේක අපි මුලින් කිව්වම එක පාරට ගේන්න බෑ ඕඩර් කරන්න ඕන සමහර එන්නත් වලට මුදල් ගෙවන්න ඕන ඒ නිසා ඇණවුම් කරපන් කිව්වම ඒව නොකරපු වරද නිසයි මේ දේ උනේ. ඒ නිසා දැන් නිකං සීතලයට රිංගලා හැංගිලා යන්න හදන්න එපා නෑ මේක උද්ඝෝෂණ නිසා කියලා . ගුරුවරු උද්ඝෝෂණ කරා සාකච්ඡාවක් ඉල්ලුවා ම ආණ්ඩුව සාකච්ඡාවට ඉඩ දුන්නේ නැහැ ගුරුවරුන්ගේ ප්‍රශ්නෙට කන් දුන්නේ නැහැ .එක සාකච්ඡාවකට වත් සංවේදී වුණේ නැහැ. ගුරුවරුන්ට කර කියා ගන්න දෙයක් නැති කමට පාරට බැස්සම ඒක කරන්න එපා කියලා සාධාරණ සාකච්ඡාවක් තිව්වේ නැහැ. ඔක්කොම මේ විපක්ෂයේ වරද නෙමෙයි. ලැජ්ජ නැති නොහැකියාවයි මේ ආණ්ඩු ආන්ඩුවේ මුල් එක්කෙනාගෙ ඉඳන් ඔක්කොම අය ෆේල් ඒක පැහැදිලිව ඔප්පු වෙලා ඉවරයි අපිට තාම අවස්ථාවක් තිබෙනවා. මෙය දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි තවමත් ආරාධනා කරනවා එකතු වෙමු කියලා සමහර ඇමතිවරු කියනවා ඔව් විපක්ෂ නායක තුමා කියපු බෙහෙත හරි දැන් අපි ගේනවා කියලා ඇයි බැරි විශේෂ කාර්ය බලකා කියලා දාගෙන ඔක්කොම එයාගේ ගජමිතුරු ළඟ තියාගෙන ඉන්නවා. මේකේ ඉන්න විශේෂඥයෝ ගේන්නේ නැත්තෙ ඇයි යම්කිසි මිනිහෙක් මොකක් හරි දෙයක් විවේචනයක් එල්ල කරොත් ආණ්ඩුව ඌව පහුවදාම සීඅයිඩී ගෙනියනවා. පාස්කුව ගැන කතා කර සහෝදරයා අටවෙනි දවසට සීඅයිඩී ගෙනිච්චා. එතුමා කරපු ප්‍රකාශන සම්බන්ධව ඔය මොකක්වත් නෙමෙයි එය හදන්නේ අපිව සම්බන්ධද කියලා බලලා අපිව ඇතුලට දාන්න. නොදකින් මේ ආණ්ඩුව.
වෛද්‍යවරු හිරේ දමන්න හදනවා අසේල සම්පත්ව දානවා .ආණ්ඩුවට විරුද්ධව මොකක් හරි කිව්වොත් හිරේ දානවා .

සීනි කතාව ගැන මුලින්ම පාර්ලිමේන්තුව කිව්වේ අපි. ඇන්ටිජන් හොරකම ගැන මුලින්ම කිව්වෙ අපි මං ඒ ගැන බය නැතුව කියනවා වගකීමක් අරගෙන මම කිව්වේ . ඒව කිව්වේ ජනවාරි මාසයේ ටොන් 50000ක් සීනි හංගගෙන තියෙනවා කියලා. මේ සැප්තැම්බර් මුල් සතියේ ඔන්න දැන් අල්ලලා තියෙනවා කියනවා එහිදී එතකන් හම්බ කරපු මුදල කොච්චර ද? මම දැක්කා පේරාදෙණිය විශ්වවිද්යාලයේ මහාචාර්යවරයෙක් කියලා තියෙනවා මහජන බැංකුවේ අවුරුද්දක ලාභය මිනිස්සු දෙන්නෙක් විසින් සීනි හොර කමෙන් සිදු කරලා තියෙනවා කියලා. ඇන්ටිජන් ගැන කතා කරලා වැඩක් නැහැ. එහි ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා එය සාමාන්‍යයෙන් බෙහෙතක් ලංකාවට ගෙනෙද්දී NMRA කියන ආයතනය සියලු දත්ත බාගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා .ඔබතුමාල දන්නවද අද ඒකෙ තිබුණු දත්ත ඔක්කොම මැකිලා. ඇන්ටිජන් ගෙන එද්දී දී අපි කිව්වා අද වෙනකොට සියලු දත්ත එකපාරටම මකලා .නියම ගේම් එකක්. මෙච්චර මිනිස්සු මැරෙන කොට තවමත් සංවේදී නැති වෙනවා නම් නායකයන් ගැන ඉන් එහාට කතා කර වැඩක් නැහැ. තාම අපි දකිනවා තරඟෙට හැමෝම ජාතිය අමතනවා.එහිදී රටේ ප්‍රධානියා කතාවේ ආරම්භයේ දී කිව්වේ නැහැ මේ රටේ නැති වෙච්ච පවුල් දුක් විඳින පවුල් ගැන තමන්ගේ සංවේදීභාවය. අපේ පවුලට මේක සිදු වෙනකන් අපි සංවේදී වෙන්නේ නැහැ නමුත් අද අපි ඉන්නේ හෙට අපි ද කියල දන්නේ නැති තත්ත්වයක. සමාජ මාධ්‍ය ජාලා බැලුවොත් දිනපතා අපි දන්න තුන් හතර දෙනෙක් දිනකට නිවන් සුව ලැබේවා කියලා දාපු ඒවා අපි දකිනවා. මේ රට විශාල ව්‍යසනයකට පත් වෙලා මේකට හේතුවක් තියෙනවා එය ප්‍රමාදයයි. රට වහන්න වෙච්ච ප්‍රමාදය. එන්නත් ඇණවුම් කරන්න ගිය ප්‍රමාදය. අද එන්නත් මෙහෙම ගහන එක සම්බන්ධයෙන් හමුදාවටත් සෞඛ්‍ය අංශයටත් දහස් වරක් පින්. එය ඉතාම හොඳ සේවයක් වයස්ගත පුද්ගලයන්ගේ නිවෙස්වලට ඇවිත් විදිනවා ක්‍රමවේදය හරි ඒත් ප්‍රමාදයට කවුද වගකියන්නේ. අපි ද වගකියන්න ඕන ව්‍යාප්ත වීමේ වරද උද්ඝෝෂණ ද? මේ බෝලේ පාස් කිරීමයි කරන්න හදන්නේ එහෙම නම් අප්‍රේල් මාසයේ රට ඇරලා තියලා නුවරඑළිය රේස් පදින්න විනෝද චාරිකා යන්න අවස්ථාව දීපු එක කාගෙද වරද ඒවා අපි ද කරේ .මේ වෙලාවේ කවුද හරි කියලා හොයනවට වැඩිය රට බේරා ගැනීමේ කර්තව්‍යයකට ආණ්ඩුව එක් විය යුතුමයි. ඒ මගේ ඉල්ලීමයි දේශපාලන වශයෙන් මම කියන හැමදේම අපේ පාක්ෂිකයාට හරි අනිත් පාක්ෂිකයාට වැරදියි. ඒ මිනිස්සු කියන හැමදේම ඒ මිනිස්සුන්ට හරි අපේ මිනිස්සුන්ට වැරදියි. එහෙම විය යුතු නැහැ. මේ වසංගතේ දී අපි වෙනත් තැනකට ආ යුතුයි. මේ ආණ්ඩුවෙන් හොඳ මිනිස්සු ටිකක් ඉන්නවා හොඳ ම උදාහරණය සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ ඇමතිතුමිය එවැනි අය කියනවා මගේ පෞද්ගලික මතය නම් රට තවදුරටත් වහන්න කියලා හැබැයි ඇයි එතුමිය එහෙම කියන්න අසරණ වෙන්නේ. එතුමියගේ පෞද්ගලික මතයත් ආණ්ඩුවේ මතයත් දෙකක් කියන එකයි ඒ වගේ අවංකව කෙලින් කතා කරන්න පුළුවන් කිහිප දෙනෙක් ඉන්නවා සමහර මිනිස්සු ඇවිත් කිව්වා රජතුමාටයි පුරෝහිතටයි වෙච්ච කතාව ගිය හැටි ඇත්ත කරන්න ගිහිල්ලා වෙච්ච දේ න කිව්වා ඒවා කිව්වේ ආන්ඩුවේ තුළ .අපි ඉල්ලීමක් කරනවා මේ රටේ දරුවන්ගේ ප්‍රශ්නය විසඳන්න අධ්‍යාපනය වසර දෙකක් ආපස්සට ගිහිල්ලා .අපි දෙන්න ගිය දේවල් ගේන්නේ ගිය දේවල් දැන් අපි කියන්නේ නැහැ. ඒව තේරුමක් නැහැ. අපි දේශපාලනය කරන එක ගැන මිනිස්සුන්ට අප්පිරියයි. හැබැයි මේක ළිං කටෙන්ම ගොඩ එන්න ඕන වැඩක්.
එදා එංගලන්තයට සල්ලි දෙන්න පුළුවන් වෙච්ච රටක් වෙච්ච අපි විනාශ කිරීමට තම දේශපාලනඥයින් වග කියනවා. අපි එහි ඉන්න හාල්මැස්සෝ අවුරුදු 10 දේශපාලනය.ඒ ගැන අපිට වඩා දේශපාලන තැන්වල පවුල් පිටින් ඔස්තාර්ලා පවුල් පිටින් දේශපාලනය කරපු අය ඉන්නවා. ඒකට කඩේ යන අය ඊට වඩා ඉන්නවා. ඒවටයි බනින්න ඕන. නමුත් දේශපාලනය තුළ ඇතුලෙත් යමක් කරන්න පුළුවන් කිහිප දෙනෙක් ඉන්නව දෙපැත්තෙම ඉන්නවා. ඒ නිසා දැන්වත් හොඳ අවස්ථාවක් මෙය හොඳ තේරුම් අරගෙන රටක් හැටියට ඉලක්කයක් එක්ක අධ්‍යාපනය කොතනද සෞඛ්‍යය කොතනටද ගෙනියන්නෙ කියන තැනට අපි යන්න ඕන.

අද සමහර බෙහෙත් තවමත් හොයාගන්න නැහැ බලාගෙන ඉද්දි මිනිස්සු රෝහල්වල මැරෙනවා මෙවැනි වියසනයක් කිසිම අවස්ථාවක රටේ වෙලා නැහැ. නැවත වතාවක් කියනවා මේක විද්‍යාවෙන් විසඳන්න ඕන මිසක් මිථ්‍යාවෙන් විසඳන්න ඕන දෙයක් නෙමෙයි ඊයෙත් රජය කියලා තිබුණා ඇඟේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න කැදක් හදනවා කියලා ආයෙ තව පැණි කේස් එකක් එන්න යනවා වගේ.
මෙය අවස්ථාවේ මීට වඩා විද්‍යාත්මක ව කටයුතු කළ යුතුයි. මේ කමිටුවල ඉන්නේ මැටි හරක් ටිකක්. මේවට දාන්න ඕන විශේෂඥයින් දාන්නෙ නැතුව තමන්ගේ ගෝලබාලයෝ ඔව් සර් නෑ සර් කියන අය දාගෙන වැඩ කරද්දි ඔය දේවල් වෙනවා මේ අවස්ථාවේ මට අකමැති මිනිහෙක් වුණත් ඒ මිනිහත් දක්ෂයි නම් ඒ මේසේ තියන්න ඕන මම වැරදියි කියලා ඒ මිනිහට කටක් ඇරලා කියන්න පුළුවන් වෙන්න ඕන .නෑ සර් වැරදි මේක කරන්න එපා කියන හැකියාවක් තිබිය යුතුයි කියන අය තියාගෙන කරපු නිසා තමයි අද මේ තරම් පිරිසක් මිය ගියේ මේ ප්‍රශ්නෙදි අපේ පවුල්වල අය ඕන තරම් නැති වෙලා තියෙනවා මිත්‍රයන් නැති වෙලා තියෙනවා මේ මොහොතේ මගේ හිටපු ලේකම් මැරුණා ඉන්න ලේකම් අසාධ්‍ය තත්ත්වය අවුරුදු 34 කොල්ලෙක් හුස්ම ගන්න බැරුව පණ අදින තත්වයේ ඉන්නවාද අපිටත් මේක තේරෙනවා. හෙට අපිට වෙන්න පුළුවන් මේ ප්‍රශ්නෙදි අපි එකතු වෙමු අපි චෝදනා කරා ආණ්ඩුවට නැහැ නැහැ කියලා හොටු පෙරාගෙන අඬන්න එපා නැහැ බැහැ කියන එක නෙමෙයි ඕන 69 ලක්ෂයක් ඡන්දය දුන්නා විසිවෙනි සංශෝධනය දුන්නා තුනෙන් දෙකක් දුන්නා එය නෑ බෑ කියන්න නෙමෙයි. ඒකක් මතක තියාගන්න ඒ නිසා ඔබතුමාලා එකතුවෙන්න එකතුවෙලා මේ ප්‍රශ්නේ විසඳන්න මොකද සීතලෙන් බේරෙන්න හදන්න එපා ලෝකෙ හැමතැනම එක වුණා කියලා නෑ ලෝකෙ හැමතැනම දැන් ඇරලා ලෝකෙ හැමතැනම එළියට ඇවිල්ලා ඉන්දියාව වුණත් මේ ප්‍රශ්න විසඳගෙන තිබෙනවා අපිට විසඳගන්න බැරි උනේ අපේ ප්‍රමාදය සහ ඉක්මන් තීන්දු නොගැනීම එම වගකීම භාරගත යුතුයි . ඉස්සර වගේ දැන් සැපද කියලා අහන්න යන්නේ නැහැ කෑවද බිව්වද කියලා අහන්න යන්නේ නැහැ අපි තවමත් කැමතියි ඔබ තුමාත් එක්ක එකතු වෙලා හෙට උදව් කරන්න අපේ විපක්ෂ නායකතුමා දිගින් දිගට ම එතුමාට බනිනවා පුතානෝ ආවොත් මේව කරයිද කියලා එතුමා දිනපතා දෙන ප්‍රමාණය එතුමා මුදල් එකතු කරගෙන ඉස්පිරිතාල වලට උපකරණ දෙන ප්‍රමාණය අඩුමගානේ දවසක අපි ලඝු ගත කරලා මුදල් ගත කරලා පෙන්නන්නම් අපිට හැබැයි ඒවාගෙන් පටු වාසි ගන්න යන්නේ නැහැ අපි තමයි වැඩ්ඩෝ කියලා පෙන්නන්න නාලිකා දාගෙන ඒ නාළිකාවලින් උස්සගෙන යන චරිත නෙවෙයි ඒ නිසා අපි විශ්වාස කරනවා සජිත් ප්‍රේමදාස පක්ෂ නායකයින්ට අපහාස කරන ආණ්ඩුවට උසුළු විසුළු කරන්නේ නැහැ . හැම වෙලාවෙම කරුණ කිව්වේ මේක මේ බෙහෙත දෙන්න කියලා ඒ කාලෙට එක එක ඒව වෙනස් වෙනවා ආණ්ඩුව සජිත් ප්‍රේමදාස දන්නෙ නැහැ කියලා උසුළු විසුළු කෙරුවට ඇමති කෙනෙක් එක පාරක් ඇමරිකාවට ඉන්ජෙක්ෂන් එක හොඳයි අපිට ඕන නැහැ කිව්වා අපේ ප්‍රශ්න අපි බලාගන්නම් කට වහගෙන ඉන්න ඕයි කිව්වා. එහෙම කියපුවා මිනිස්සුන්ට අමතකයි නම් දැන් කියනවා නම් මේක විපක්ෂයේ වරදක් කියලා පුදුම ලෝකයක් මීට වැඩිය හොඳයි දේශපාලන නොකර ඉන්න එක.

විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය වග බලා ගත යුතු දරුවන් විශාල පීඩනයකින් නේ උසස් පෙළ කරනවා කියන්නේ ජීවිතයේ කඩඉම සාමාන්‍ය පෙළ කරන දරුවන්ටත් එහෙමයි වැඩි දරුවන් පිරිසකට අන්තර්ජාල පහසුකම් නැහැ මේ වෙලාවේ දී ආණ්ඩුවක් හැටියට ගත යුතු පිළියම මොකක්ද කියලා සොයා බලන්න අඩුම තරමේ රූපවාහිනි නාලිකාවක් දාලවත් උගන්නන්න රජයට තිබුනා මීට වඩා දැක්මකින් කටයුතු කරන්න එකතුවන්න දේශපාලනය ගාවගන්න එපා මිනිස්සු මැරෙන එක අඩු කරන්න රටක ආර්ථිකය හදන්න පුළුවන් නැති වෙන මිනිස්සු බේරගන්න බැහැ මම අද මැරුනොත් මගේ දරුවන්ට කන්න දෙන්න වෙන එකෙක් ඉන්නේ නැහැ මම ඉල්ලීමක් කරනවා ආණ්ඩුවක් එකතු වුණොත් ඒකෙ තියෙන ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් තියෙනවා ජීවිතයත් මරණයක් වුනොත් ඒවට විසඳුම් මේ රට තුළ නැහැ ඒ පවුලට ඒ විසඳුම නවත්තගන්න රට වහන්න මාසයක් හරි වහලා මරණ ටික අඩු කරගන්න ප්‍රශ්නෙට විසදුම හොයල සෞඛ්‍ය අංශයේ ඉන්න හමුදාවේ ඉන්න ඉහළ පෙළේ නිලධාරීන් ටික රැකගමු ඩොලරෙ කොහොම හරි හදාගමු එතනට යන්න අපි එකතු විය යුතුයි එකිනෙකාට ගහගෙන වැඩක් නැහැ මෙවැනි ප්‍රකාශයක් කළේ කන් ඇහෙන්නැති ආණ්ඩුවට කන් ඇහෙන්න බෝලේ පාස් කිරීම විපක්ෂයට කරලා ඔව් අපි තමයි හොඳටම කොරේ කියලා කියන්නේ අවශ්‍ය වෙලා තියෙන්නේ ඒ අයට ඇහැරෙන්න තමයි සැරට කිව්වේ ඕකටත් හෙට අනිද්දා සීඅයිඩී යන්න වෙයි ඒකටත් බය නැහැ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්සත් රාජධානිය තුළ කොටි සංවිධානය තවදුරටත් තහනම්

Next Post

දළදා පෙරහර සජීවී විකාශය මාලිගාවේ මාධ්‍ය අංශය ලෝකයට වංචා කළා… ලෝක අපවාදයෙන් බේරෙන්න රජය මැදිහත් විය යුතුයි…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.