බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාමල් ගේ ක්‍රිෂ් නඩුවෙන් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉවත් වීමට තීරණය කළ අංගවිකල විවේචන…

by editor
මාර්තු 27, 2025
in පුවත්
Manjula-Thikarathna
Share on FacebookShare on Twitter

රුචිර ජයදේව –

රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධව නාමල් රාජපක්ෂට එරෙහිව විභාගවන කුප්‍රකට” ක්‍රිෂ් නඩුව” විභාග කරමින් සිටි මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉවත් වුනේය.

දැන් 21 වැනිදා මෙම නඩුව වෙනත් විනිසුරුවරයෙක් යටතේ කැඳවීමට නියමිතය.

අද දවසේ ප්‍රධාන මාතෘකාවක් වූයේ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්නගේ මෙම ඉවත් වීමය. මංජුල තිලකරත්න යනු අධිකරණ ක්ෂේත්‍රයේ විශාල ගෞරවයට පාත්‍ර වූ විනිසුරුවරයෙකි. ඔහු නඩුවෙන් ඉවත් වන්නේ, දැනට ලංකාවේත් නැති, එහෙත් රටේ දේශපාලනයට බලපෑම් පුද්ගලයින් ලෙස සමාජ මාධ්‍ය හරහා තවමත් පෙනී සිටින මේ රටේ හිටපු මාධ්‍යකරුවන්වන දෙදෙනෙක්වන පොද්දල ජයන්ත සහ සනත් බාලසූරිය විසින් මුහුණු පොත හරහා විනිසුරු මංජුල තිලකරත්න සම්බන්ධව සමාජගත කළ දුෂ්මතයන්ය.

මේ පුද්ගලයින් තමන් කළ විවේචනය මේ වනවිට තමන්ගේ ෆේස් බුක් ගිනුම්වලින් ඉවත් කරගෙන ඇත. ඒ අතපසුවීමක් සිදුවී ඇති බවට සමාව ඉල්ලමිනි. කෙසේ වෙතත් ඔවුන් අතින් සිදුවූ අතපසුවීම අවසානයේ දී නාමල් රාජපක්ගේ නඩුව නාමල් රාජපක්ෂට වාසි දායක ලෙස අර්බුදයකට ලක් කර ඇති බව නම් කිව යුතුව තිබේ.

විනිසුරු මංජුල තිලකරත්න අද තමන් මේ නඩුවෙන් ඉවත්වන හේතුව විවෘත අධිකරණයේ දී ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළේය. එම ප්‍රකාශයේ මෙසේ සඳහන් විය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

“මෙම නඩුව සහ මා සම්බන්ධව සනත් බාලසූරිය, පොද්දල ජයන්ත යන පුද්ගලයින් මුහුණු පොත හරහා යම් ප්‍රකාශයක් මුදා හැර තිබෙන බව මහාධිකරණ රෙජිස්ටාර්වරයා මා වෙත දැනුම් දුන්නා. ”

එම දැනුම් දීමෙන් පසු ඒ සම්බන්ධව සවිස්තරාමක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මම මහාධිකරණ රෙජිස්ටාර්වරයා වෙත නියෝග කළා. එම නියෝගය අනුව සවිස්තරාත්මක වාර්තාවක් ඉකුත් පෙබරවාරි මස 18 වැනිදා මහාධිකරණ රෙජිස්ටාර්වරයා මා හට ලබා දුන්නා.

එම වාර්තාව අනුව මුහුණු පොත හරහා බෙදා හැ තිබෙන එම ප්‍රකාශයන් සාවද්‍යයයි. එම ප්‍රකාශයන් තුළින් අධිකරණයට අපහාස වී ඇති ද කියා විමසා බැලිය යුතුයි.

නමුත් එය මා විසින් සිදු නොකළ යුතුයි. ඒ නිසා වෙනත් සුදුසු මහාධිකරණ විනිසුරුවරයෙක් හමුවේ ඒ සම්බන්ධව සලකා බැලිය යුතු වෙනවා.

ඒ වගේම මෙම ප්‍රකාශ තුළින් මෙම නඩු කටයුත්ත සම්බන්ධව මෙම අධිකරණයෙන් නිසි ආකාරව යුක්තිය පසිඳලීම සිදු නොවන බවට සමාජයේ යම් පිරිසක් තුළ මේ වනවිට සමාජ මතයක් ගොඩනැගී තිබෙනවා.

යුක්තිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට පූර්ණ හැකියාව මෙම අධිකරණය සතුව තිබෙනවා.

නිසි පරිදි සාක්ෂි විශ්ලේෂණය කර මෙම අධිකරණය හමුවේ නඩුව විභාගයට ගැනීමට කිසිදු බාධාවක් නුසුදුසු බවක් නෑ. මුහුණුපොත මගින් සංසරණය වී ඇත්තේ දුර්මතයක් වුව ද මේ වනවිට එය යම් පිරිසක ගේ සමාජ මතය වී තිබෙනවා.

එම නිසා මෙම නඩු කටයුත්ත මෙම අධිකරණය හමුවේ ඉදිරියට නොපවත්වාගෙන යෑමට මම තීරණය කළා. ” මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න කීවේය.

දැන් ඇති වී තිබෙන තත්ත්වය සංකීරණය. නඩුව විභාගය සඳහා සුදුසු විනිසුරුවරයෙක් නම් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ වෙත යොමු කරනු ලැබුවේය. ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය ඉදිරියට කරගෙන යෑම සඳහා මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක නම් කළේය. නමුත් ඔහු පුද්ගලික හේතූන් මත සිය අධිකරණයේ විභාගයට ගැනීමට අකමැති බව දන්වා සිටියේය.

දැන් නාමල්ගේ ක්‍රිෂ් නඩුව විභාග කිරීම සඳහා සුදුසු විනිසුරුවරයෙක් නම් කිරීම සදහා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවට යොමු කිරීමට පියවර ගන්නා බව නඩුවෙන් ඉවත් වූ දෙවැනි විනිසුරුවයා වන සුජීව නිශ්ශංක ප්‍රකාශ කර ඇත.

මේ වනවිට ෆේස් බුක් ගොබ්බයෝ නැවත වරක් ගොං කතා කියමින් සිටිති. මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මේ නඩුවෙන් ඉවත්වීමෙන් පොද්ද්ල ජයන්ත සහ සනත් බාලසූරිය කියූ කතා සනාථ වී ඇතැයි ඔවුහු කියමින් යති. මේ අවිචාරය කොතනින් කෙළවරනු ඇතිදැයි අපට අදහසක් නැත.

එහෙත් අගක් මුලක් නොදැන නිසි අධ්‍යයනයකින් තොරව සංවේදී කරුණු පිළිබඳව මං පොර පදනමින් පොර ටෝක් දෙන්නට ගොස් ඇනගන්නා විට සිදුවන හානිය බරපතල බව නම් කිව යුතුව තිබේ. එය ආපසු කැරකී එනු ඇත්තේ බලු කූඩුවල කූරු ගනින්නට සිදුවන ව්‍යසනයක් සමග විය හැකිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චාමර සම්පත් රිමාන්ඩ්!

Next Post

ගුණාත්මක ආහාරවේලක් සාධාරණ මිලට ලබා දීම සඳහා නව ආපනශාලා පිහිටුවීමේ වැඩසටහනක්!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.