බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාන කාමර කට්ටල ආනයන තහනම ඉවත් කිරීමට අනුමැතිය

ටයිල් තහනම එහෙමමයි- බතික් හැර අනෙක් සාරිත් ගෙන්වීමට අවසර

by Lanka Sara Editor
අප්‍රේල් 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දින 180 ක ණය පහසුකම් යටතේ නාන කාමර සනීපාරක්ෂක කට්ටල ඇතුළු ඒ හා සමාන පෝසිලේන් හෝ චීන මැටියෙන් නිම කළ සෞඛ්‍යාරක්ෂිත ද්‍රව්‍ය ආනයනයට පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ඊයේ (19) හිමි ව ඇත.

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ ඉදිරිපත්වූ රෙගුලාසි කිහිපයකට ඒ අනුව සහන හිමි වූ අතර මෙරට කර්මාන්තකරුවන්ගේ හා නිෂ්පාදකයන්ගේ ඉල්ලීම පරිදි බතික් හැර වෙනත් සාරි ආනයනයට ඉඩ ලබාදීම සදහා වූ රෙගුලාසියකට ද රජයේ මුදල් පිළීබඳව කාරක සභාවේ අනුමැතිය හිමිවිණි.

කොවිඩ් තත්ත්වය හමුවේ මෙරට රුපියල අවප්‍රමාණය වළකාලීමට සහ විදෙස් සංචිත ආරක්ෂා කරගැනීමට , ආනයන සීමා පැනවීමට සිදුවුවද සමහර භාණ්ඩ පරිභෝජනය පිණිස වන දේශීය නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම යන පදනම මත ආනයන හා අපනයන පාලන කොමසාරිස් ජනරාල්වරිය වන දමයන්ති කරුණාරත්න මහත්මිය විසින් නව රෙගුලාසි කිහිපයක් රජයේ මුදල් පිළිබඳව කාරක සභාව හමුවට ඊයේ ඉදිරිපත් කරන ලදි.

ටයිල් ආනයන තහනම අඛණ්ඩව පැවතෙනු ඇති අතර ඒ සම්බන්ධව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර ප්‍රකාශ කළේ, ටයිල් ආනයනය සම්බන්ධව මෙරට පවතිනුයේ සමාගම් ත්‍රිත්වයකට සීමාවූ වෙළදපොළ තත්ත්වයක් බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

කෙසේ වෙතත්, මෙහිදී සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා සිය අවධානය යොමු කළේ, ජනමාධ්‍ය වාර්තා කරන ලෙසට කිසියම් ටයිල් නිෂ්පාදන සමාගමක් සිය නිෂ්පාදන පිරිවැය අභිබවා අතිශය විශාල ලාභයක් ලබන්නේ නම් එය අවශ්‍යයෙන්ම සැලකිල්ලට ගත යුතු බවකි.

මේ නිසා ආනයන හා අපනයන පාලන නීති සැකසීමේදී හුදෙක් වෙළෙඳ අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශයට සීමා නොවී වෙළදපොළ සම්බන්ධව දැනුමක් සහිත පර්‍යේෂණ අංශයක සහයෝගය සහිතව කටයුතු කිරීමේ වැදගත්කම සභාපතිවරයා මෙම කමිටු වාරයේදී ද නැවතත් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව වෙත අවධාරණය කළේය.

මුදල් කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් , නිලධාරීන් විසින් කොවිඩ් -19 නව සාමාන්‍යකරණ තත්ත්වය යටතේ නිෂ්පාදනයේ සහ අලෙවිකරණයේ මෙවැනි ගැටලු සම්බන්ධ තීන්දු ගැනීම සාධාරණ නමුත් එහි වාසිය සත්‍ය වශයෙන්ම පාරිභෝගිකයා වෙත ලැබෙන්නේද ඔවුන් විසින් කරන ඉල්ලීම් වෙළදපොළ පවතින සැබෑ තත්ත්වය මත පදනම් වන්නේද යන්න ගවේෂණාත්මක සොයා බලා පමණක් එම තීරණවලට එළඹිය යුතු බව ද සඳහන් කළේය.

පවතින කොවිඩ් -19 නව සාමාන්‍යකරණ තත්ත්වය හමුවේ අර්බුදයකට මුහුණ දී සිටින දේශීය මත්පැන් නිෂ්පාදකයන්ට සහ අලෙවිකරුවන්ට යම් සහන ප්‍රමාණයක් හිමිවන බව ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

මෙම සහනවලට අනුව, 2021 වර්ෂය සඳහා පමණක් සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත හෝටල් වාර්ෂික ලියාපදිංචි ගාස්තුවෙන් (Authoraization Fee) මෙන්ම වාර්ෂික මත්පැන් බලපත්‍ර ගාස්තු ද ගෙවීමෙන්ද සම්පූර්ණයෙන්ම නිදහස් කර තිබේ.

ඊට අමතරව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන ලද ගැසට් නිවේදනයකට අනුව සුරාබදු ආඥා පනත ප්‍රකාරව බෝතල් කරන ලද රා ලීටරයකට මෙතෙක් අය කරන ලද රුපියල් 25 ක බද්ද අවලංගු කර ඇති අතර රා තැබෑරුම් විවෘත කරනු ලබන වේලාවන්ද දීර්ඝ කරනු ඇත.

එසේම, රා සිල්ලරට අලෙවි කරනු ලබන සීමාව ලීටරයේ සිට ලීටර් 03ක් දක්වා ඉහළ දමා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරමින් නිලධාරීන් පෙන්වා දුන්නේ රා සමිබන්ධව කරන ලද මෙම ලිහිල්කරණය නිසා දේශිය නිෂ්පාදකයාට වාසි අත්වන බවයි.

එවිට, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු සාමාජිකයන් නිලධාරීන්ගේ අවධානයට යොමු කළේ ස්වාභාවික රා වෙනුවට වෙළඳපොළේ පාරිභෝජනය වන කෘත්‍රිම රා ප්‍රමාණය ඉහළ යාමෙන් පාරිභෝගිකයාට අගතියක් සිදුවීමෙහි ඇති ඉඩකඩ වැළැක්වීමට කටයුතු කළ යුතු බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විජේදාසගේ පුතා රතු එළි නොකතා රිය පදවලා

Next Post

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවූ ‘බොස්’ ගැන මනූෂ නානායක්කාර මැති සබේ කළ සම්පූර්ණ කතාව

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.