නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ.
ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා , මේනකා විජේසුන්දර , සම්පත් බී. අබේකෝන් සහ එම්.එස්.කේ.බී.විජේරත්න ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස දිවුරුම් දුන්හ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද මෙම අවස්ථාවට එක්ව සිටියේය







