නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් අද ( 05) උදෑසන 9.30ට රැස්වීමට නියමිතය.
එහිදී පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ බදු පදනම මත ලබාදී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබාගැනීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකෙරෙනු ඇති.
අද දිනයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව, රජයේ මුදල් පිළිබද කාරක සභාව සහ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිතව තිබේ.







