බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නව කොරෝනා පනතින් අධිකරණ ඇමතිට වැඩි බලයක් ඇතිව විදේශීය නීති පැමිණීමේ අවදානමක්

කොරෝනා පනතේ ව්‍යවස්ථා විරෝධී වගන්තිවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුණු පෙත්සමක් විභාගයට....

by editor
ජූනි 18, 2021
in පුවත්
Alisabri
Share on FacebookShare on Twitter

රජය විසින් සකස්කර මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති “කොරෝනා වයිරස රෝග 2019 (COVID-19) (තාවකාලික විධිවිධාන )” යන පනත හරහා විදේශ රටක ක්‍රියාත්මක වන යම් නීතියක් ව්‍යවස්ථාවට අනුකූල නොවන පරිදි ශ්‍රි ලංකාවේ නීතියට අවිධිමත් ලෙස අදාළ කර ගැනීම සඳහා ඉඩක් ලැබෙන බව දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමක් ඊයේ ( 17) විභාග කිරීම ආරම්භ විය.

නීතිඥ ලක්සිරි උණවටුන විසින් ගොනුකළ මෙම පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන මුර්දු ප්‍රනාන්දු, යසන්ත කොඳාගොඩ සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන ත්‍රිපුද්ගල මඩුල්ල විසින් ඊයේ ආරම්භ කළේය.
පෙත්සම්කරුගේ තර්කය වී තිබුණේ මෙම පනත හරහා ඇති කිරීමට යන විකල්ප අධිකරණ සහ එම අධිකරණය සඳහා නඩු තෝරා ගන්නා ආකාරයත් විමසීමේ දී පනතේ ක්‍රියාත්මක කරන විට එහි ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනනුකූල බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන වගන්තිය ප්‍රකාරව මෙම විශේෂ පෙත්සම ගොනු කර තිබුණ අතර නව පනත හරහා ඇතැම් අවස්ථාවල දී බලතල වැරදි ලෙස අමාත්‍යවරයා වෙත යොමු කර ඇති බවත් එසේ ව්‍යවස්ථාවට අනුකූල නොවන වගන්තිවලට ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය අවශ්‍ය බවටත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවටත් ප්‍රකාශයක් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබිණි.

අදාල පෙත්සම කොරෝනා වයිරස් රෝග 2019 (කොවිඩ් -19) (තාවකාලික ප්‍රතිපාදන)” යන පනත් කෙටුම්පත 2021 මැයි 20 වන දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර ඇති අතර එය 2021 ජුනි 8 වන දින පාර්ලිමේන්තුවේ නියෝග පත්‍රයට ඇතුළත් කර ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“මෙම පනතේ 12වැනි වගන්තිය අර්ථ නිරූපණයට අනුව විදේශ රටක නීතියක් ශ්‍රි ලංකාවේ නීති පද්ධතියට ඇතුළු කිරීමේ අවිධිමත් ආකාර ඉඩක් නිර්මාණය කර තිබෙනවා. මම කියන්නේ නැහැ විදේශ රටක නීති අපේ රටට අදාළ කර ගත යුතු නැහැ කියල. නමුත් එය සිදු කළ යුත්තේ ව්‍යස්ථාවට අනුකූලවයි. මෙම පනත මේ අවස්ථාවේ රටට අවශ්‍ය එකක් වුණත් අප එය සම්මත කර ගත යුත්තේ එය ව්‍යවස්ථාවට අනුකූල වන පරිද්දෙන්. “
මේ පිළිබඳ අදහස් දක්වමින් නීතිඥ ලක්සිරි උණවටුන ලංකාසරට පැවසීය.

ඊයේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී යෝජිත පනත් කෙටුම්පතට යම් යම් සංශෝධන හඳුන්වා දීමට රජය අදහස් කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අධිකරණයට දන්වා සිටියේය.

පෙත්සම අද වැඩිදුර විභාගයට ගැනීමට නියමිතය


Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර නගරසභා සීමාව තුළ අත්හිටවූ එන්නත් දීම ඇරඹෙයි…

Next Post

කොවිඩ් ආසාදිත සතුන් බලා ගන්න ඉන්දියාවේ විශේෂ වැඩපිළිවෙළක් – රුසියාවේ සතුන්ටත් එන්නත්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.