දිනසේන රතුගමගේ:
යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලය සදහා සහභාගී විය හැකි බැතිමතුන් සංඛ්‍යාව 300 ක් දක්වා වැඩි කොට දෙන මෙන් කෝවිල් බාරකාර මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් 20 දා ඉල්ලීමක් කොට තිබේ.
යාපනය නල්ලූර් කෝවිලේ බාරකාරු ජයසීලන් කුරුක්කල්වරයා විසින් ලිපියක් මගින් ජනාධිපතිවරයාට ප්‍රකාශ කොට ඇත්තේ මෙම කෝවිලේ වාර්ෂික මංගල්ලය පැවැත්වෙන විට කෝවිලේ ප්‍රධාන ශාලාව තුළ බැතිමතින් පනහකට පමණක් සහභාගී වීමට යාපනයේ සෞඛ්‍ය අංශ ලබා දී ඇති අවසරය ප්‍රමාණවත් නොවන බවයි.
මෙවැනි අඩු සංඛ්‍යවක් වාර්ශික මංගල්ලයට සහභාගී වුවහොත් ඔවුන්ගේ බාරහාර ඔප්පු කරගැනීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වන බැවින් වාර්ෂික මංගල්ලයට අවම වශයෙන් බැතිමතුන් 300 කටවත් සහභාගී වීමට අවස්ථාව සලසා දෙන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පසුගිය 17 වෙනිදා යාපනයේ සංචාරය කළ අවස්ථාවේදීද කෝවිල් බාරකාර මණ්ඩලය කිප දෙනෙකුම ලවා බැතිමතුන් සංඛ්‍යාව වැඩි කොට දෙන ලෙස ඉල්ලා ඇතත් ඊට පැහැදිලි ප්‍රතිචාරයක් නොලැබීම නිසා කෝවිල් බාරකාර මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් සහනයක් ඉල්ලා තිබේ.
යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලය මේ මස 25 වෙනිදා කොඩි සිටුවීමත් සමගම ආරම්භ වන අතර එය අගෝස්තු මස 20 වෙනිදායින් අවසන් වීමට නියමිතව තිබේ.