අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නල්ලමලේ කාර්පට් දැමිල්ලක්… මාර ගහක මුල වටකරලා කාපට් දාලා… අබ සරණයි කාපට් ව්‍යාපෘතියට කෝටි 14යි…

by editor
ජූනි 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය – 

මීට සති තුනකට පමණ පෙර අලුත්වැඩියා කරන ලද ඇල්පිටියේ යක්කටුව – මාපලගම පාරේ තණබද්දේගම හන්දියේ තිබු පැරණි මාර ගසක මුල පාරේ කොනක තිබිය දී මුල වටා  කාපට් අතුරා අමුතු විදිහේ කාපට් කිරීමක් සිදුකර ඇති ආකාරය පිළිබඳව ප්‍රදේශවාසීහු දැඩි අප්‍රසාදය පළකරමින් සිටිති. 

මාර්ගයේ ඇත්කදුරේ සිට කිලෝමීටර් 10 ක් කාපට් කිරීමට රුපියල් ලක්ෂ 1400 ක් රජය විසින් ලබා දී ඇති බව පවසන ප්‍රදේශවාසීහු මේ දැක්වෙන්නේ මහජන මුදලින් සිදුකළ නල්ලමලේ කාර්පට් දැමීම සඳහා වූ උදාහරණයක් බව ඔවුහු පවසති.

තණබද්දේගම හන්දියේ පැරණි මාර ගසක මුලක් මැදි කර එය අගල් 06 ක් පමණ උසට පාරේ මතුපිටට තිබීයදීම මෙම කාපට් කිරීම සිදුකර තිබේ. යතුරු පැදි කරුවන් ඇතුලු වාහන රියදුරන්ට එය මරු කපොල්ලක් වී තිබෙන අයුරු  මේ වන විට දැකිය හැකිය.

 මහාමාර්ග අමාත්‍යාංශයට අයත් යක්කටුව මාපලගම ප්‍රධාන මාර්ගයේ නඩත්තු කටයුතු භාරව ඇත්තේ තල්ගස්වල මාර්ග වැඩ ඒකකයටය. එම ඒකකය විසින් මේ මාර්ගයේ කාපට් ඇතිරීම සිදු කරනු ලබන අතර ඒවා නිසි ප්‍රමිතියක් නැති බවද ප්‍රදේශවාසිහු පෙන්වා දෙති. ඇත්කදුරේ සිට කිලෝමීටර් 10 ක් දක්වා කාපට් ඇතිරීම සඳහා එක් කිලෝමීටරයකට මිලියන 14 ක් බැගින් රුපියල් මිලියන 140 ක් මහා මාර්ග අමාත්‍යාංශය මගින් අබලන් නොවු මීට සති 03 කට පෙර අලුත්වැඩියා කරන ලද මෙවැනි පාරවල් වලට වෙන්කර දීම සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙසත් බොහෝ සෙයින් අබලන්ව ඇති පාරවල් සඳහා ඒ මුදල් වෙන්කර දෙන ලෙසත් ග්‍රාමීය ජනතාව ඉල්ලා සිටිති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සම්බන්ධයෙන් තල්ගස්වල මහාමාර්ග වැඩ ඒකකයේ විධායක ඉංජිනේරු විපුල වික්‍රමනායක මහතාගෙන් විමසූ විට මෙසේ පැවසීය.

ඔය කියන මාර්ගයේ කිලෝමීටර් 10 ක් සඳහා මිලියන 140 ක් වෙන්කර අළුත් වැඩියා කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. ගසක මුලක් ඉතිරි කර කාපට් දමා ඇත්නම් මම ඒ ගැන වහාම සොයා බලන්නම් යනුවෙන් ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාස 10කට තොග තියෙද්දී  ඉමියුනොග්ලොබියුලීන් අපරාධය කළ සමාගම හරහාම බාල පිළිකා ඖෂධයක් සියයට 254ක වැඩි මිලට අරන්…  විගණනය කියයි!   කෙහෙළිය… ඔයා ඔතනින්ම අපායට යන්න!

Next Post

පාස්කු ප්‍රහාරයට හමුදා බුද්ධි අංශ සම්බන්ධයි… එවකට හමුදාපති මහේෂ් සේනානායකත් මේ අපරාධය ගැන නොදැන ඉන්න බෑ… හිටපු  CID ප්‍රධානී රවී සෙනවිරත්නගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.