බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නම්බුකාර ලෙස තරගාවලිය නිමා කළෙමු…

by editor
අගෝස්තු 20, 2024 - Updated on අගෝස්තු 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අයර්ලන්ත තරගාවලිය නිමා වන්නේ නැවතත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙතෙක් පවත්වාගෙන ගිය විශිෂ්ට රිද්මයට පැමිණෙමිනි.

මුල් තරග දෙකම ජයග්‍රහණය පෙනී පෙනී තිබුණු ජයග්‍රහණය අත්හැර දැමූ ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම අවසන් එක්දින තරගය ගෞරවණීය ලෙස ජයග්‍රහණය කළේය. විශිෂ්ට ජයග්‍රහණය කඩුළු 08කිනි. පන්දු 161ක් ඉතිරිව තිබිය දී එම ජයග්‍රහණය වාර්තා වන්නේය.

අද තරගය අත්හැරුණු සියලුම තැන් නිවැරදි කරගෙන ඇති අයුරු දුටුවෙමු. පිටියේ පන්දු රැකීම තියුණුය. විශිෂ්ඨ උපන්දුවක් රැක ගන්නා අයුරු දුටුවෙමු.  මේ ක්‍රීඩා විලාශය යාවත්කාලීන කරගත හැකි නම් අපව පසු කර යන්නට ලෝකයේ කිසිම කණ්ඩායමකට පහසු වන්නේ නැත.

තරගය පැවතුනේ  ස්ටෝමොන්ට් ප්‍රදේශයේ බෙල්ෆාස්ට් හි සිවිල් සේවා ක්‍රිකට් සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ය. තරගයේ කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීම තේරුවේය.

අද තරගයේ අප දුටුවේ ප්‍රදර්ශනාත්මක පන්දු යැවීමකි. ආරම්භක පන්දු යවන්නිය වන අචිනි කුලසූරිය විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්වමින් සිය මුල් පන්දු ඕවරයේ පළමු පන්දු දෙකේ දී කඩුළු දෙකක් ලබා ගනිමින් අයර්ලන්ත කණ්ඩායමේ මානසික ඒකාග්‍රතාවය මුළුමනින්ම බිඳ හෙළුවාය. තරගයේ මුල්ම පන්දුවෙන් අයර්ලන්ත ආරම්භක පිතිකාරිණියවන සාරා ෆෝබස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූවාය. දෙවැනි පන්දුවෙන් අයර්ලන්ත කඩුළු රකින ක්‍රීඩිකා අමී හන්ටර් පන්දු යැවූ අචිනි කුලසූරිය අතටම උඩපන්දුවක් දි දැවී ගියාය.
පස්වැනි ඕවරයේ 5 වැනි පන්දුවේ දී අයර්ලන්ත නායිකා ඕර්ලා ප්‍රෙන්ඩර්ගස්ට් ලකුණු 3කට දැවී යනවිට අයර්ලන්ත කණ්ඩායම ලකුණු 10කට කඩුළු 03ක් දැවී ගොස් අවසානය. ඇයත් දැවී යන්නේ සචිනි කුලසූරියටය. පිත්තේ දැවටුන පන්දුව කඩුළු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනි විසින් දක්ෂ ලෙස රැක ගත්තාය.

ක්‍රිස්ටිනා කෝල්ටර් රීලි, තවත් ලකුණු 3ක් තුළ දැවී ගියාය. දැන් අයර්ලන් කණ්ඩායම බිහිසුණු අගාධයකය. ලකුණු 13කට කඩුළු 04කි. ක්‍රිස්ටිනා දැවී යන්නී ඉනෝෂි ප්‍රියදර්ශනී යැවූ පන්දුවකට කඩුළු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනී අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

15 වැනි ඕවරයේ 3 වැනි පන්දුවේ දී ලකුණු 08කට රෙබෙකා ස්ටොකල් දැවි යන විට අයර්ලන්ත කණ්ඩායම ලකුණු 28කට කඩුළු 05කි. කඩුල්ල දවා ගන්නී අමා කාන්චනා ය. ඇය රේබෙකා ස්ටොකල්ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තාය.

මේ තරගයේ අයර්ලන්ත ඉනිමේ වැඩිම සම්බන්ධතාවය ඇති වන්නේ ඉන් අනතුරුවය. ලීහා පෝල් සහ ඇලන් කෙළී අතරය. ඔවුන් දෙදෙනා 6 වැනි කඩුල්ලට ලකුණු 36ක සබඳතාවයක් ගොඩ නගන්නේය.

6 වැනි කඩුල්ල ලෙස ලීහා පෝල් දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 64කි. සචනි නිසංසලාගේ පන්දුවක් හමුවේ යළිත් වරක් අනුෂ්කා සංජීවනී කඩුල්ල පසුපස සිට උඩ පන්දුවක් රැකගන්නීය.

කණ්ඩායමේ වැඩිම ලකුණු ලබා ගන්නී ඇලන් කෙලීය. ඇය ලකුණු 35කි. ඊට පන්දු 75ක් ගනු ලැබුව ද ඇය හතරේ පහර 6ක් සිය ලකුණු 35ට එල්ල කර තිබිණි.

පසුපෙළ ක්‍රීඩිකාවන්වන ඇලිස් ටෙක්ටර් ලකුණු 17ක්, ෆ්‍රෙයා සාජන්ට් සිය ජාත්‍යාන්තර ක්‍රිකට් දිවියේ මංගල හතරේ පහර සමග ලකුණු 16ක්, අයිමී මැගුවර් නොදැවී ලකුණු 10ක් ලැබුවාය.

අයර්ලන්ත කණ්ඩායම පන්දු ඕවර 46.3 ක දී ලකුණු 122කට සියල්ලෝ දැවී ගියහ.

යළිත් කිව යුත්තේ  සමස්ථයක් ලෙස පන්දු රැකීම ඉහළ තලයක තිබුණ බවය. කඩුළු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනී කඩුල්ල පසුපස සිට උඩ පන්දු 03ක් රැකගත්තා ය. එක් ස්ටම්ප් කිරීමක් ලබා ගත්තාය.

පන්දු යැවීමේ දී අචිනි කුලසූරිය ලකුණු 35ට කඩුළු 03කි. චමරි අතපත්තු ලකුණු 15කට කඩුළු 03කි. සචිනි නිසංසලා ලකුණු 35ට කඩුල්ලකි. ඉනෝෂි ප්‍රියදර්ශනී සහ අමා කාන්චනා කඩුල්ල බැගින් ලැබූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණියේ ලකුණු 123ක පහසු ඉලක්කයක් හඹා යන්නටය. එය ඉබි ගමන්නි යා හැකි ගමනක් විය. පන්දු ඕවරයට ලබා ගත යුතු වේගය ලකුණු 3ටත් අඩුය.

නායිකා චමරී අතපත්තු සහ විශ්මි ගුණරත්න තරගය ඇරඹූහ. ආවා කැණින් ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටී ලකුණු 09කට විශ්මි දැවී ගිය ද හර්ෂිතා සමරවික්‍රම සහ චමරී අතපත්තු තරගය මැනවින් තමන් අතට ගත්හ. චමරී හතරේ පහර 10ක් සමගින් ලකුණු 48ක් ලැබුවාය.

අර්ධ ශතකය පෙනි පෙනී ලකුණු 48කට චමරී දැවී යනවිට චමරී සහ හර්ෂිතා අතර ඇති වු සම්බන්ධතාවය ලකුණු 62කි. ෆෙරී සාජන්ට් ගේ පන්දුවකට හැරී ටෙක්ටර් අතට පහසු උඩ පන්දුවක් දීමෙන් චාමරි දැවී ගියාය.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙතෙක් ජයග්‍රාහී සම්බන්ධතා ගොඩනැගුව, ජයග්‍රහණය අභියසටම කණ්ඩායම රැගෙන ගිය සාර්ථකම පිතිකාරිණියන් යුවල වන කවීෂා දිල්හාරි සහ හර්ෂිතා සමරවික්‍රම තරගය නිමා කළහ. ඔවුන් දෙදෙනා අතර ඇති වූ සම්බන්ධතාවය ලකුණු 29කි. කවීෂා නොදැවී ලකුණු 10ක් සහ හර්ෂිතා නොදැවී ලකුණු 48ක් ලැබුවාය.

24 වැනි ඕවරයේ පලමු පන්දුවේදීම තරගය නිමාවූයේය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය ලබා ගත්හ. තවත් ඕවර 25කුත් පන්දු 05ක් යැවීමට ඉතිරි වී තිබිණි. දැවී ගිය කඩුළු දෙකෙන් එකක් ආවා කැනින් ගෙන් ය. අනෙක ෆ්‍රෙයා සාජන්ට් ය.

තරගයේ ක්‍රීඩිකාව චමරි අතපත්තුය. ඇය කඩුළු 03ක් සහිතව ලකුණු 48ක් ලැබුවාය. 

ශ්‍රී  ලංකා අයර්ලන්ත එක්දින තරගයක දි කණ්ඩායම් දෙකම රැස්කළ අඩුම ලකුණු ගණන වාර්තා වන්නේ අදය. කණ්ඩායම් දෙකම රැස් කළේ ලකුණු 245කි.

යළිත් කිව හැක්කේ මේ යෝධ ජයග්‍රහණ අපේ කණ්ඩායමේ ඇති ජවය ලෝකයට කියාදෙන බවය.

මූලික දේවල් ටික හරියට කරනතාක් කල් ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් ලෝකය ඉදිරියේ පරදින්නේ නැති බව අප දකින්නේය.
 ඇත්ත එය ය.



Tags: නවතම
Share69Tweet43
Previous Post

දළදා පෙරහර නිමා කරන බවට සැල කරන උත්සවය ජනපතිගේ ඡන්ද ව්‍යාපෘතියක් කරගෙන… මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්!

Next Post

STF පොලිස් පරීක්ෂක සහ කොස්තාපල් කුඩු කිලෝ එකක් සමග අත් අඩංගුවට….

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.