නත්තල් දිනයේදීම සිරකරුවන් නිදහස් කිරීම සිදු නොවූ නමුත් නත්තල් සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීම නුදුරේදීම සිදුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් අද දෙරණ වාර්තා කරයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු දන්වා ඇත්තේ නිදහස් කිරීම සඳහා සුදුසුකම් ලත් රැඳවියන්ගේ ලැයිස්තුව දැනටමත් අදාළ අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බවය.
කෙසේ වෙතත්, සිරකරුවන්ට අදාළ අතිරේක වාර්තා ඉල්ලා ඇති අතර, අවශ්‍ය ලියකියවිලි සම්පාදනය කර ඉදිරිපත් කිරීමට දැනට පියවර ගනිමින් සිටින බවත්, පරිපාලන ක්‍රියා පටිපාටි අවසන් වූ පසු, නත්තල් සමාව යටතේ සිකරුවන් නිදහස් කිරීමැතිය ලද රැඳවියන් ඒ අනුව නිදහස් කරන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත.
පසුගිය වෙසක් පොහොය දිනයෙ දී ජනාධිපති සමාව යටතේ එම සමාවට නුසුදුසු රැඳවියන් 03 දෙනෙක් අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස්වීමේ සිද්ධිය සමග රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධව බන්ධනාගාර පරිපාලනයේ දැඩි අවධානයක් යොමු වී තිබේ.







