සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රන් ආලේපිත ගිනි අවියේ නඩුව – දුමින්ද ඇප පිට නිදහස්!

by editor
ජූලි 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක රුපියල් 250,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න අද (14) නියෝග කළේය.

ඒ දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම ඇප නියෝගය නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දුන්නේ ඇපකරුවන් දෙදෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් විය යුතු බවය. එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවටත් සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීය යුතු බවටත් අධිකරණය නියෝගයක් නිකුත් කළේය.

හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක දුමින්ද දිසානායක කොළඹ 05 සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක සිටියදී අත් අඩංගුවට පත් වනුනේ පසුගිය මැයි මස 23 උදෑසන. ඒ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියක් සම්බන්ධව සිදුවන විමර්ශනයකට අදාලවය. එදා සිට අද දක්වා සති 06කට ආසන්න කාලයක් ඔහු සිටියේ රක්ෂිත බන්ධනාගාරගතවය.

පසුගිය මැයි මස 20 වැනිදා හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයෙන් කාන්තාවක් සන්තකයේ තිබී මෙම රන් ආලේපිත ගිනි අවිය සොයා ගැනුණි. මෙම කාන්තාවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ප්‍රහාරක රයිෆලයේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන අංශය විසින් සිදු කරන ලද විමර්ශනයේ සිදුවූ අනාවරණයන් මත පදනම්ව දුමින්ද දිසානායක අත් අඩංගුවට පත් වූයේය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

අත් අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනාගෙන් ගිනි අවිය සන්තකව තබා ගත් කාන්තාව ප්‍රකාශ කර තිබුණේ එය මාස කීපයකට පෙර දුමින්ද දිසානායක විසින් ප්‍රවේශම් කර තබා ගැනීම සඳහා තමන් වෙත එවා තිබුණ බවය.

අද අධිකරණය හමුයේ යළිත් තර්ක කළ දුමින්ද දිසානායකගේ නීතිඥවරුන් පෙන්වා දුන්නේ සැකකරුට එරෙහිව නඩු පැවරීමට නම් ඔහු සන්තකයේ ගිනිඅවියක් තිබි අත්අඩංගුවට පත්ව තිබිය යුතු බවය. එහෙත් මෙම සිද්ධියේදී සැකකරු සන්තකයේ ගිනිඅවියක් නොතිබූ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයට කරුණු දක්වා සිටියේය.

ඒ අනුව මෙම අවස්ථාවේදී ඉදිරිපත් වී තිබෙන සාක්ෂි මත සැකකරුට එරෙහිව නඩු නිමිත්තක් පවත්වාගෙන යාමට නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව මෙම ඇප නියෝගය නිකුත් කළේය.

මේ ලිපියත් කියවන්න…

රත්තරන් T-56 සිද්ධිය – දුමින්ද දිසානායක අත් අඩංගුවට…

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපට දුක හිතෙන්නේ මැච් බලන්නට දඹුල්ලේ ගස් බඩගෑ මිනිස්සු ගැනය…

Next Post

සාරංගිකාගේ රහස් ඡන්ද තීරණයට එරෙහිව සජබ ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම විසි කර දමයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.