දිනසේන රතුගමගේ –
මරණීය තර්ජන මැද ඉල්ලා අස්වූ තමන් වෘත්තීය ජීවිතයෙන් පමණක් නොව, ශ්‍රී ලංකාවෙන් ද සමුගැනීමට සැලසුම් කර ඇති බව මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා පවසයි.
සැප්තැම්බර් මා 23 වෙනිදා තමා ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය ලියූ බවත් එය අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත නොයවා තමන්ගේ ආරක්ෂාවට යමක් සිදු වේ දැයි බලා සිටිය නමුත් එවැන්නක් සිදු නොවීම නිසා තමන් එම ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යැවූ බව මහෙස්ත්‍රාත්වරයා සදහන් කරයි.
මුලතිව් දිස්ත්‍රික්කයේ ආන්දෝලනයට ලක් වු සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් ලබා දුන් නඩු තීන්දු වලින් පසුව මෙවැනි තත්තවයක් උදා වූ ටී.සරවනරාජා සඳහන්කොට ඇත.
මෑත කාල සීමාවේදී වැඩි අවධානයක් හිමිවූ සිදුවීම් දෙකකට අදාළ නඩු කටයුතු පැවතියේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේය.
කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුතු පැවැත්වුණේ ටී. සරවනරාජා විනිසුරුවරයා ඉදිරියේදීය.
කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් සොයා ගැනීමේ සිද්ධියට අදාළ මුලික පරීක්ෂණ කටයුතු සිදුකෙරුණේ ද විනිසුරු සරවනරාජා මහතා ඉදිරියේය.
මුලතිව් මහෙස්ත්‍රාත්වරයා යොමු කළ බව කියන එවැනි ලිපියක් අධිකරණ අමාත්‍යංශය වෙත හෝ තමන්ට මෙතෙක් ලැබී නොමැති බවත් ඒ ගැන තමන් සොයා බලන බවත් අධිකරණ අමාත්‍ය විජේදාස ආරපක්ෂ මාධ්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේය.
