ධූරයට පත් වූ පසු 09 වරක් රට ගිය පේරාදෙණිය උපකුලපතිගේ 10වැනි විදේශ ගමන අවලංගුකර අවවාද කරලා…

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.ඩී. ළමාවංශ එම තනතුරට පත් වූ වර්ෂ 2021 අගොස්තු මස 01 දා සිට මේ දක්වා රාජ්‍ය මුදල් භාවිතයෙන් 09 වරක් විදේශගත වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

රජයේ නිලධාරීන්ගේ විදේශ ගමන් සම්බන්ධව දැඩි ශික්ෂණයක් ක්‍රියාත්මක වෙමින් පවතිද්දී ඔහුගේ මෙම විදේශ ගමන් සම්බන්ධව ජානධිපති ලේකම් කාර්යාලයෙන් අවවාද කර ඇති බවත්, එවැනි එක් විදේශ ගමනක් අවලංගු කර ඇති බවත් දැනගන්නට ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති ධූරයට පත්වීමට පෙර,  ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ     රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළේ මහාචාර්ය ළමාවංශය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ වනවිට මහාචාර්ය ළමාවංශ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වසර 30ක සේවා කාලයක් සම්පූර්ණ කර සිටි අතර වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කර තිබුණේය


Exit mobile version