බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ධර්මය බෙදා ගැනීමේ සිට ශ්‍රී ලංකාවේ වර්ධනයේ සහ සංවර්ධනයේ අනිවාර්ය කොටස්කරුයි… ජනපති ඉන්දියාවේ දී කියයි!

by editor
දෙසැම්බර් 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉතිහාසයේ ප්‍රථම වතාවට  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තනි ජනවරමක් යටතේ  නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීමට හැකිවන දේශපාලන පරිවර්තනයක බීජ රෝපණය කර ඇති බවත්, ඉතිහාසගත ජනවරමකින් වැදගත් වගකීමක ලද නායකයෙකු ලෙස, ප්‍රජාතන්ත්‍රවාදයේ හරය පවතින්නේ විවිධ දේශපාලන මත සහ කණ්ඩායම්වල සහජීවනය තුළ බව තමා පැහැදිලිව හැඳිනගෙන ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අද ඉන්දියාවේ දී ප්‍රකාශ කළේය. 

ඔහු පැවසුවේ  ධර්මයේ ඉගැන්වීම් බෙදාගැනීමේ සිට ශ්‍රී ලංකාවේ  සංවර්ධන ප්‍රගතියේ කොටස්කරුවෙකු වීම දක්වා ඉතිහාසය පුරාම ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවේ වර්ධනයේ සහ සංවර්ධනයේ අනිවාර්ය අංගයක් වී ඇති බවය.  තමන්ගේ ඉන්දීය  සංචාරයෙන් විද්‍යමාන වන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව  අනාදිමත් කාලයක සිට භුක්ති විඳින මෙම සමීප සහ මිත්‍රශීලී සබඳතා ඉව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ තමන් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර පැවති සාකච්ඡාවල සංක්ෂිප්තය පිළිබඳව ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි. එම සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

අතිගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමනි,
ගරු අමාත්‍යවරුනි,
නෝනාවරුනි, මහත්වරුනි
ජනමාධ්‍ය නියෝජනය කරන මිත්‍රවරුනි

ආයුබෝවන්, වනක්කම්, නමස්තේ

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව මා නියැළෙන පළමු විදෙස් සංචාරයේදී නවදිල්ලි නුවරට පැමිණීමට ලැබීම පිළිබඳව මා සැබැවින්ම සතුටට පත්වනවා.

මාහට කරන ලද ආරාධනය වෙනුවෙනුත් උණුසුම් පිළිගැනීම සහ සත්කාරකත්වය වෙනුවෙනුත් අතිගරු ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු මැතිනියට සහ අතිගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාට මා ස්තුතිවන්ත වනවා. දෙරට අතර ගැඹුරින් මුල් බැසගත් ශිෂ්ටාචාරමය සබඳතා සහ ශක්තිමත් ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීමට මෙම සංචාරය ඉවහල් වුණා.

මාගේ මෙම සංචාරය සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ස්ථාපිත වූ මැතිවරණ ක්‍රම හරහා දෙරටේම ජනතාව පැහැදිලිවම සිය ජනමතය ඉදිරිපත් කර ඇති පසුබිමක හා තිරසර සංවර්ධනය, සමාජ සවිබල ගැන්වීම් සහ සෞභාග්‍යයේ මාවත ඔස්සේ අප රටවල් මෙහෙයවීමට ජනවරමක් ලබාදී ඇති, දෙරටේම දේශපාලන වාතාවරණයෙහි වැදගත් සන්ධිස්ථානයකයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දැන් තනි ජනවරමක් යටතේ මෙතෙක් තේරී පත් වූ වැඩිම නියෝජිතයින් සංඛ්‍යාවක් සහිත පාර්ලිමේන්තුව බවට පත්ව සිටින බව මා දන්වා සිටින්නේ සතුටින්. මගේ නායකත්වය යටතේ ජාතික ජන බලවේගයට ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ලැබුණු මෙම අතිමහත් සහයෝගය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් වනවා. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී පෙර නුවූ විරූ ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රකාශ වූ ජන වරම අප රටේ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීමට හැකිවන දේශපාලන පරිවර්තනයක බීජ රෝපණය කර තිබෙනවා.

උතුර, දකුණ, නැඟෙනහිර සහ බස්නාහිර දිශාවල පිහිටි සියලුම පළාත්වල විවිධ ප්‍රජාවන් සහ විවිධ තරාතිරම්වල ජනතාව මෙම ජනවරමට දායක වුණා.

මගේ ජනතාව විසින් එවැනි වැදගත් වගකීමක් පවරන ලද නායකයෙකු ලෙස, ප්‍රජාතන්ත්‍රවාදයේ හරය පවතින්නේ විවිධ දේශපාලන මත සහ කණ්ඩායම්වල සහජීවනය තුළ බව මා පැහැදිලිවම වටහාගෙන සිටිනවා.  ධර්මයේ ඉගැන්වීම් බෙදාගැනීමේ සිට අපගේ සංවර්ධන ප්‍රගතියේ කොටස්කරුවෙකු වීම දක්වා ඉතිහාසය පුරාම ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවේ වර්ධනයේ සහ සංවර්ධනයේ අනිවාර්ය අංගයක් වී තිබෙනවා.

අද මගේ ඉන්දීය සංචාරයෙන් විද්‍යමාන වන්නේ අප අනාදිමත් කාලයක සිට භුක්ති විඳින මෙම සමීප සහ මිත්‍රශීලී සබඳතායි.

මීට මඳ වේලාවකට පෙර, අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සහ මා අපගේ නියෝජිත පිරිස් සමඟ අපගේ ද්විපාර්ශ්වික සාකච්ඡා අවසන් කළා. අප අපගේ සබඳතාවල වර්තමාන තත්ත්වය පිළිබඳ පුළුල් සමාලෝචනයක් කළ අතර ඉදිරියේදී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අපගේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ මං සහ ක්‍රම පිළිබඳවද අදහස් හුවමාරු කර ගත්තා.

ශ්‍රී ලංකාවට ලබා දුන් නොසැලෙන සහය වෙනුවෙන්, විශේෂයෙන්ම 2022 වසරේදී රට මුහුණ දුන් පෙර නුවූවිරූ ආර්ථික අර්බුදයේදී සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට ලබා දුන් ප්‍රබල සහයෝගය වෙනුවෙන් මා අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාට සහ ඉන්දීය රජයට ස්තුතිය පළ කළා.

ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ති රාමුව තුළ ශ්‍රී ලංකාවට හිමිවන විශේෂ ස්ථානයට අනුකූලව ශ්‍රී ලංකාවේ තිරසර ආර්ථික වර්ධනය සඳහා ඉන්දියාවේ ඇති පූර්ණ කැපවීම පිළිබඳව අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සහතික වුනා.

දෙරටේ පාර්ලිමේන්තු ආයතන අතර ඇති සහයෝගීතාව ඇතුළුව විවිධ මට්ටම්වල දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ ඇති වැදගත්කම අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සහ මා හඳුනාගත්තා.

දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව සහ ප්‍රධාන අංශවල ආයෝජන පිළිබඳවද අප සාකච්ඡා කළා.  ආරක්‍ෂාව සහ ආරක්‍ෂණය, විදුලිබල සහ බලශක්තිය, පුහුණුව සහ ශක්‍යතා වර්ධනය, අධ්‍යාපනය, කෘෂිකර්මය සහ සමාජ ආරක්‍ෂණය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳව ද අප අදහස් හුවමාරු කර ගත්තා.

පාලනය, සේවා සැපයීම සහ සමාජ සුබසාධනය යන අංශ ඩිජිටල්කරණය කිරීමෙහිලා ඉන්දියාව ලබා ඇති සාර්ථකත්වය මා අගය කළා. ශ්‍රී ලංකාවේද ඊට සමාන පොදු ඩිජිටල් යටිතල පහසුකම් පද්ධති ස්ථාපිත කිරීම සඳහා ඉන්දියාවේ සහය ලබා දෙන බවට අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා මට සහතික වුවා.

අප දෙරට අතර පවතින සංස්කෘතික බැඳීම් අපගේ සබඳතාවයට ශක්තිමත් පදනමක් සපයනවා. වඩාත් ශක්තිමත් පුද්ගල-පුද්ගල සම්බන්ධතා සඳහා මෙම බැඳියාවන් තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණෙන්, අප සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළා.

කලාපීය සහ බහුපාර්ශ්වික සන්දර්භ තුළ, ගෝලීය දකුණේ ප්‍රමුඛතම රාජ්‍යයක් ලෙස ඉන්දියාවේ භූමිකාව මා අගය කළා. අයෝරා සංවිධානයේ ශ්‍රී ලංකා සභාපතිත්වයට ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා ප්‍රකාශ කළා. බ්‍රික්ස් සංවිධානයේ සාමාජික රාජ්‍යයක් වීමට ශ්‍රී ලංකාව තුළ ඇති අභිලාෂයට ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය මා එතුමාගෙන් ඉල්ලා සිටියා.

සුවිශේෂී ආර්ථික කලාපයෙන් ඔබ්බට මහාද්වීපික තටකයේ පිටත සීමාවන් පිහිටුවීම සඳහා මහාද්වීපික තටකයේ සීමාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ඉල්ලීමට අදාළව ද්විපාර්ශ්වික තාක්ෂණික සාකච්ඡා හැකි ඉක්මනින් කැඳවීම සඳහා අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාගේ මැදිහත්වීමද මා ඉල්ලා සිටියා.

මෑතකදී පැවැත්වුණු ධීවර කටයුතු පිළිබඳ හයවැනි ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම කෙරෙහි ප්‍රසාදය පළ කරන අතර, තිරසර විසැඳුමක් උදෙසා ධීවර ගැටලුව ආමන්ත්‍රණය කිරීමෙහිලා සහයෝගී ප්‍රවේශයක ඇති අවශ්‍යතාව පිළිබඳවද අප සාකච්ඡා කළා. දෙරටේම තහනම් භාවිතයක් වන පතුලේ ඇදගෙන යන දැල්පන්න ක්‍රමයෙන් (බොටම් ට්‍රෝලිං) මඟින් සිදුවන යළි පිළිසකර කළ නොහැකි පාරිසරික හානිය හඳුනාගනිමින්, එම භාවිතය නැවැත්වීමටත් නීතිවිරෝධී, වාර්තා නොකරනලද, නියාමනය නොකරන ලද ධීවර කටයුතු නැවැත්වීමටත් පියවර ගන්නා ලෙස මා ඉල්ලා සිටියා.

පුහුණුවීම් හා ශක්‍යතා වර්ධනය සහ ද්විත්ව බදුකරණය වැළැක්වීම යන ක්ෂේත්‍රවලට අදාළව අත්සන් තැබුණු ද්විපාර්ශ්වික ගිවිසුම් අද දින හුවමාරු කර ගනු ලැබීම පිළිබඳව මා සතුටට පත්වනවා.

අන්‍යොන්‍ය වශයෙන් පහසු දිනයක ශ්‍රී ලංකාවේ සංචාරයක නියැළෙන ලෙසට මා අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාට ආරාධනා කළා.

ඉන්දියාවේ ආරක්ෂාවටත් කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් සිය භූමිය යොදා ගැනීමට ශ්‍රී ලංකාව ඉඩ නොදෙන බවට මා ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාට සහතික වුණා.

එළැඹෙන වසර ගණනාවක් තුළ තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට මා තුළ කිසිදු සැකයක් නැති, ඉන්දියාව සමඟ ඇති සහයෝගීතාව අඛණ්ඩව වර්ධනය කිරීම සහ පුළුල් කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන බව නැවත අවධාරණය කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.

ස්තුතියි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිස් නිලධාරීන් වීදුරු බොතලයකින් පහරදි පලා ගිය තිදෙනෙක් ධර්මපුරම් පොලිසිය අත් අඩංගුවට ගනී!

Next Post

මේ අවුරුද්ද තුළ අලි මිනිස් ගැටුමෙන් පොළොන්නරුවේ පමණක් මිනිස් ජීවිත 21ක් සහ වන අලි 70ක් විනාසයි…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.