ශ්‍රී ලංකාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් වූ ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ධම්මික පෙරේරා මෙලෙස පත්කරනු ලැබිණි.
ඉදිරියේ දී ඔහුට වගකීම් රැසක් පැවරීමේ සූදානමක් ඇති බව වාර්තා වේ. මේ පත්කිරීම සම්බන්ධව පොහොට්ටුව අභ්‍යන්තරයේ විවේචන පැවතිනි.
Discussion about this post