සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශ්වාසභංගයක් ගේන්න බෑ වගකීම් නැති නිසා… අරුණ ජයසේකරට ජනපති ලබා දුන් වැඩ බලන ඇමතිකම ගැන විපක්ෂය කරයි…

by editor
සැප්තැම්බර් 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයාගේ විදේශ සංචාරයත් සමග ඔහු දැරූ ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩ ආවරණය කිරීමට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර පත් කිරීම සම්බන්ධව අද (23) පාර්ලිමේන්තුවේ විපක්ෂය ප්‍රශ්න කළේය.

ඒ අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය ගෙනා විශ්වාසභංගය කථානායකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමේ පදනම යළිත් වරක් මතු කරමිනි. නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට උපකාරක අවස්ථාවක් මිස අමාත්‍යවරයක් දරන වගකීම් නොමැති බැවින් විශ්වාසභංගයක් රැගෙන ඒමට හැකියාවක් නොමැති බව තර්කනයෙන් පෙන්වා දී කතානායකවරයා එම විශ්වාසභංගය ප්‍රතික්ෂේප කළත් ජනාධිපතිවරයා නොමැති සෑම අවස්ථාවකම ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩ බලන අරුණ ජයසේකරට බලයක් සහ වගකීමක් නොමැත්තේ කෙසේ දැයි විපක්ෂය ප්‍රශ්න කර සිටියේය.

අද උදේ මේ ප්‍රශ්නය මතු කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලකය.

ජනාධිපති තුමා මේ වනවිට විදේශගත වෙලා ඉන්නවා. ජනාධිපති මාධ්‍ය අංශය මේ වනවිට නිවේදනයක් නිකුත් කරලා තියනවා ජනාධිපති තුමා අමාත්‍ය ධූරය දරන අමාත්‍යාංශ තුනකට වැඩ බලන ඇමති ධූර ලෙස නියෝජ්‍ය ඇමතිවරු තිදෙනෙක් වැඩ බලන්න පත් කරපු බව.

මම කැමතියි ඔබතුමාගේ අවධානය යොමු කරන්න අර්ථ නිරූපණ ආඥා පනතේ 2 ඈ වගන්තිය. අමාත්‍යවරයා යන්න ආණ්ඩුවේ යම් විෂයයක් හෝ කරත්ව්‍යයයක් සම්බන්ධයෙන් යෙදුන විට ජනාධිපතිවරයා විසින් එම විෂය හෝ කර්තව්‍ය පවරනු ලැබ ඇති අමාත්‍යවරයා ඉන් අදහස් වන අතර ඒ අමාත්‍යවරයා වෙනුවෙන් ක්‍රියා කිරීම සදහා යථා පරිදි පත් කරනු ලැබූ තැනැත්තෙක් ඊට ඇතුළත් වේ.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ඒ අනුව ජනාධිපති තුමා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ බැලීමට මේ වතාවෙත් නියෝජ්‍ය ඇමතිවරයා පත් කරලා තියනවා. අපි විශ්වාසභංගයක් ඉදිරිපත් කළාම ඔබතුමා ඒක ප්‍රතික්ෂේප කළේ නියෝජ්‍ය ඇමතිවරුන්ට බලතල නෑ කියලා. අපි මේ විශ්වාසභංගය ගෙනාවේ එතුමා එක්ක පුද්ගලික ප්‍රශ්නයකට නෙමෙයි. අපි මේ විශ්වාසභංගය ගෙනාවේ සද් භාවයෙන්.

අපි දැනගන්න කැමතියි ඔබතුමා දැන්වත් අපි භාර දුන්න විශ්වාසභංගය නිවැරදියි කියලා පිලිගන්නවද ?

කතානායකවරයා ඒ අවස්ථාවේ දී පැවසුවේ විශ්වාසභංගය ලබා දුන් මන්ත්‍රීවරුන් ට කතානායකවරයා සමග සාකච්ඡාවක් ලබා දී ඇති බවත් එහිදී මේ පදනම දීර්ඝ සහ පුළුල් වශයෙන් පැහැදිලි කිරීමට සූදානම් බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කතරගම මහ දේවාලයේ නව වැඩ බලන බස්නායක නිළමේ වැඩ බාරගනී…

Next Post

විදුලිය සම්බන්ධ කිසිම කඩාකප්පල්කාරී වැඩකට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ… රජය අවධාරණය කරයි!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.