බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශබන්දු  පොලිස්පතිකමේ වැඩ බලන්නවත් සුදුසු නැත්තේ ඇයි?… නීතිඥ සංගමය හේතු ඇතිව ඇමති අමතයි!

by editor
දෙසැම්බර් 20, 2023
in පුවත්
DESHABANDU
Share on FacebookShare on Twitter

මානව අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධව දිගින් දිගටම චෝදනා එල්ලවෙමින් ඇති පොලිසිය පිළිබඳ බිඳී ගිය ජනතා විශ්වාසය ඇති කිරීම සඳහා චෝදනා රහිත, ආදර්ශමත් නිලධාරීයෙක්   පොලිස්පතිවරයා ලෙස පත් කරගත යුතුව තිබූ අවස්ථාවක   මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමට වරදකරුවෙක් වූ  විවිධ අපරාධ චෝදනා එල්ලවී ඇති  අයෙක් වැඩබලන පොලිස්පති බවට පත්කිරීම සම්බන්ධව සිය අප්‍රසාදය පලකරමින් නීතිඥ සංගමය ප්‍රබල නිවේදනයක් නිකුත් කර තිබේ.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ මේ වනවිට වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් යනු පසුගිය 14 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්වන එස්. තුරෙයිරාජා, කුමුදිනී වික්‍රමරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ ඒකමතික තීන්දුව අනුව පුද්ගලයෙකුගේ  මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන්   වරදකරුවෙක් වූ තැනැත්තෙක් බවය.

පුද්ගලයෙක්  බලහත්කාරයෙන් රඳවාගෙන තමන්ගේ අධීක්ෂණය යටතේ වද බන්ධනයට පත් කර මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ වැඩබලන පොලිස්පතිවරයා සහ තවත් නිලධාරීන් තිදෙනෙකුට ස්වකීය පුද්ගලික මුදලින් දඩ ගෙවීමට සිදු වූ  බව ද නීතිඥ සංගමය සිහි කරයි.

නීතිඥ සංගමය කියන්නේ  මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හෝ අපරාධ ක්‍රියාවලට, නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ හෝ ඒ පිළිබඳව චෝදනාලද පුද්ගලයෙක් පොලිස්පති ධූරයේ වැඩබැලීමට හෝ පත්කිරීම නොකළ යුත්තක් බවය.

පොලිස්පතිවරයා ඇතුළු සියලුම පත් කිරීම් සිදුවිය යුත්තේ සමාජයේ විශ්වාසය තහවුරු  වන ආකාරයෙන් විනිවිද පෙනෙන ලෙස බව නීතිඥ සංගමය කියයි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

නීතිඥ සංගමය ඇමතිට දෙන උත්තරය

පසුගියදා පොලිස් නිලධාරින් වෙනුවෙන් පැවති සම්මන්ත්‍රණයකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා දියත් කර තිබෙන මෙහෙයුම් වලට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් වලට යටවූ පිරිස් තමන්ට සහ වැඩබලන පොලිස්පතිවරයාට එරෙහිව හඬ නගන බවයි.

“මට ගහනවා, පොලිස්පතිතුමාට ගහනවා. සමාජ මාධ්‍යයෙන් හැමදාම ගහනවා. මේ ඔක්කොම කුඩු සල්ලි. පාතාලයේ සහ කුඩු සල්ලි වලින් තමයි මේවා වෙන්නේ.

“මම තමයි දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කරන්න කියලා කිව්වේ. ඔහුව පොලිස්පති කරලා මගේ ගෙදර අරන් යන්න නෙමෙයි නේ.”

“ඔක්කොමලා දන්නවා සමහර ආගමික නායකයින් ඇතුළු හුගාක් නීතිඥවරුන්. පස්සේ බලන කොට මට තේරුණා මොකක්ද සිද්ධ වෙන්නේ කියලා.”

“මම දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කරන්න කියලා කියනකොට ඒකට විරුද්ධව හිටිය නිතිඥවරුන් තමයි මේ කුඩුකාරයින් වෙනුවෙන් රුපියල් මිලියන බිලියන ගණන් වලට උසාවි වලදී පෙනී ඉන්නේ.” අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

“මම නම් කියන්න කැමති නැහැ. නමුත් මේ මාධ්‍ය හමුවල ලොකුවට කතා කරන ඔය නීතිඥවරුන් තමයි අභියාචනාධිකරණයේ සහ කොටුවේ උසාවියේදී මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී ඉන්නේ කියලා වාර්තා වෙන්නේ.” අමාත්‍යවරයා එහිදී පැවසීය.

ටිරාන් අලස් ඇමතිවරයාගේ මේ කතාවට පිළිතුරු දෙන    දෙන නීතිඥ සංගමය ඇමතිවරයාට මතක් කර සිටින්නේ සේවාලාභියෙකු වෙනුවෙන් පෙනී සිටීමේ වෘත්තීය අයිතියක් බවය.

නීතියෙන් ආරක්‍ෂා කර තිබෙන එයට එරෙහිව එල්ල වන ඕනෑම බලපෑමක් පොදුවේ වෘත්තියට එල්ල කරන ප්‍රහාරයක්” බව නීතිඥ සංගමය සිය නිවේදනයේ සඳහන් කර කරයි.

එමෙන්ම සෑම පුද්ගලයෙකුටම සාධාරණ නඩු විභාගයක් සඳහා අයිතියක් ඇති බවත්, ඔවුන්ගේ නීතිඥයෙකු විසින් නියෝජනය කිරීමට අයිතියක් ඇති බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 13(3) ව්‍යවස්ථාවේ නෛතික නියෝජනය සඳහා ඇති අයිතිය විශේෂයෙන් සහතික කර තිබෙන බවද නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

එම නිවේදනය පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

2015 දි මෙන් රැළිවලට හසු නොවී  ඡන්ද දායකයා  සිහි බුද්ධියෙන් ඡන්දය පාවිච්චි කළ යුතු ආකාරය මහින්ද කියයි…

Next Post

BMICH කාර්යාල පරිශ්‍රය තුළ දී කෝටි හතර හමාරක් වංචා කර පලා ගිය වංචාකරුවෙක් සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.