fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශබන්දු තෙන්නකෝන්  ගෝල්ෆේස් ගැටුම වැළැක්වීමට පොලිසියට බාධා කළා!.. පොලිසියෙන්ම චෝදනාවක්…

සති 2ක් ago
in පුවත්
447 5
0
Share on FacebookShare on Twitter

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට හිතවාදී පිරිස් ඊයේ (09) දිනයේදී සැලසුම් සහගත ව ගාලු මුවදොර පිටියට එල්ල කළ මැර ප්‍රහාරය ඊට පෙර වළක්වා ගැනීමට පොලිසිය විසින් අනුගමනය කළ සියලු උපක්‍රම වළක්වා ඇත්තේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් විසින් බව පොලිස් නිලධාරීහු චෝදනා කරති.

දේශබන්දු තෙන්නකෝන් ගෝල්ෆේස් අරගල කරුවන්ට පහර දීමට පැමිණි පිරිස අතර සිටි සනත් නිශාන්ත අමාත්‍යවරයා සමග ගෝල්ෆේස් බිමේ…

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ද නොමඟ යවමින් පොලිසියේ සෙසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට මෙය ගැටුම්කාරී තත්ත්වයක්  බවට දුර දිග යාමට තිබූ අවස්ථා වැළැක්වීමට කළ සියලු යෝජනා ප්‍රතික්ෂේප කර ඇති බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වේ නම් ඔවුන් නොපැකිළව ඒ සඳහා ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවත් මෙම නිලධාරීහු ලංකාසරට පැවසූහ.

අරලිය ගහ මන්දිරයට රටේ සියලුම පළාත් ආවරණය වන පරිදි පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් හරහා හය දහසක පමණ පිරිසක් ගෙන්වීමට කටයුතු කරන බවත් ඔවුන් එතැන සිට ගාලුමුවදොර අරගල භූමිය මැදින් ජනාධිපති මන්දිරය දක්වා ගමන් කරන්නට නියමිත බවත් කල් තියාම එම ප්‍රදේශය භාර ආරක්ෂාවට සිටි ඉහළ පොලිස් නිලධාරීන් දැනුවත්ව ඇති අතර ඔවුන් ගේ මඟ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලින් ගාලු පාර පුදේශයට ඇතුළු වීම සහ ගාලුමුවදොර හෝටලය අසලින් ගාලුමුවදොර මාර්ගයට ඇතුළු වීම වැළැක්වීමට දැවන්ත මාර්ග බාධක පෙළක් යෙදීම පිළිබඳ ව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොජනා කර තිබේ.

ඔහු එම වැඩපිළිවෙළ අනුගමනය නොකරන ලෙසත් එවැනි ගැටුම්කාරී තත්ත්වයක් ඇති වන්නට ඉඩක් නොමැති  බවටත් මෙම නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

මේ අනුව ඉතා ලිහිල් බාධක බිඳගෙන මෙම මැර කණ්ඩායම් පොලු මුගුරු රැගෙන පැමිණ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙද්දී   කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර යොදා පිරිස විසිරුවීමට අවසර ඉල්ලා සිට ඇත.    ප්‍රහාරය සැලකිය යුතු තරමට දුර දිග යනතෙක් දේශබන්දු තෙන්නකෝන්  ඊට අණ ලබා දී නැති බවට චෝදනා එල්ල වී තිබේ.  පසු ව කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට උපදෙස් දුන්නද එහිදීද ඔහු පවසා ඇත්තේ මැර කණ්ඩායම්වලට ප්‍රතිවිරුද්ධ දිශාවට එනම් ගෝඨාගෝගම සාමකාමී විරෝධතාකරුවන් සිටින ප්‍රදේශයට එම ප්‍රහාරය එල්ල කරන ලෙසය.

උදෑසන සිට අරලිය ගහ මන්දිරය තුළ සිටින  මැති ඇමතිවරුන් සමග කතා බහ කරමින් සිට ඇති දේශබන්දු   තෙන්නකෝන්   එතැන පවතින සූදානම් සහ අමතර ආරක්ෂක පියවර අවශ්‍ය වන්නේද යන්න විමසා අති වබ වාර්තා වේ.

එහිදීද එම ස්ථානයේ පන්සියයකට වඩා වැඩි පිරිසක් රැඳී නොසිටින බවත් ලොකු කලබලකාරී තත්ත්වයක් ඇති නොවන බවට සංවිධායකයන් විසින් ප්‍රකාශ කරන ලද බවත් දන්වා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිසියට ඒ මොහොතේ නිසි අණක් ලැබුණි නම් මෙවැන ගැටුම්කාරී තත්ත්වයක් කිසිසේත් ඇති නොවන බවත් එසේ වූයේ නම් ඊට පසුව මුළු රටේම ඇති වූ අවාසානාවන්ත සිදුවීම් සියල්ල වළක්වා ගැනීමට හැකියාවක් පැවැති බවය.

මේ සිදුවීම සනාථ කරන තවත් සාක්ෂි  තිබේ. මැර පිරිස අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂකයින්ට පහර දී අට්ටාල කුඩු කරන විට පොලිසිය සිටියේ ඊට එම ස්ථානයට මීටර සීයක් පමණ දුරින් අරලියගහ මන්දිරය සහ ගෝල්ෆේස් අතර මාර්ගයේය. පොලිසියේ විශාල කණ්ඩයමක්  ඔහු සමග විය.

“ උඩහ ඉන්න ට්‍රැෆික් පොලිස් උනුත් මේ පැත්තට ඇදපන්… මම කියනකම් එකෙක් වතුර ගහන්නෙ නෑ“

කරුමයට මෙන් දේශබන්දු තෙන්නකෝන් මේ අණ දෙනවිට අපේ මාධ්‍ය සගයන් එතනය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

හමුදා පාලනයකට යෑමේ වෑයමක් දැයි සැකයි – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියයි

Next Post

අගමැති පස්ස දොරින් පිටවගිය පසු අරලියගහ මන්දිරයේ තනිවුණු චන්ඩි….

Related Posts

Afghanistan Taliban

ඇෆ්ගනිස්ථානයට වැරදුනු හැටි ඇමරිකානු වරදින් වුනු බවට වාර්තාවකින් හෙළිවෙයි

මැයි 25, 2022
pohottuwa

හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!

මැයි 25, 2022
Bangladesh Harbour

බොරුවෙන්ම ගොඩ යනන් දඟලන චීන සමාගම්

මැයි 25, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ඇෆ්ගනිස්ථානයට වැරදුනු හැටි ඇමරිකානු වරදින් වුනු බවට වාර්තාවකින් හෙළිවෙයි
  • හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!
  • බොරුවෙන්ම ගොඩ යනන් දඟලන චීන සමාගම්
  • වෙන වෙන වැඩවලට දුන්නු සල්ලිවලින්  තෙල් ගෑස් බේත්  ගන්න ලෝක බංකුව අවසර දෙයි !
  • ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හිජාබ් නීතිය එයි

ජනප්‍රිය පුවත්

  • දේශබන්දු මාරු කරන්නැය කී නීතිපතිට අන්තිමේ දී පොලිස්පති බෑ කියයි…

    240 shares
    Share 96 Tweet 60
  • 21 සම්මත කරගන්න බැරි වුනොත් පාර්ලිමේන්තුව විසුරුවනවා… ආණ්ඩුව තීන්දුවකට…

    174 shares
    Share 70 Tweet 44
  • ගිය ආණ්ඩුවේ මිල සූත්‍රය මතක් කරමින් මහ බැංකු අධිපති දේශපාලකයන්ට කී කතාව!

    206 shares
    Share 82 Tweet 52
  • අගමැති රනිල් මුදල් ඇමති ලෙස හෙට දිවුරුම් දෙයි!

    184 shares
    Share 74 Tweet 46
  • මෙන්ඩිස් අරක්කු සමාගමෙන් ලංකා මහජන බැංකු දෙකටම වංගුවක්? කෝප් කමිටුවේදී ඇදෙයි

    210 shares
    Share 84 Tweet 53
  • සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි!

    211 shares
    Share 84 Tweet 53

Highlights

වෙන වෙන වැඩවලට දුන්නු සල්ලිවලින්  තෙල් ගෑස් බේත්  ගන්න ලෝක බංකුව අවසර දෙයි !

ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හිජාබ් නීතිය එයි

නිවෙස් වලින් එන කෑම වේල් අඩු වෙලා… නේවාසික රෝගීහු  රෝහලෙන්ම ආහාර ගනිති! 

අගමැති රනිල් මුදල් ඇමති ලෙස හෙට දිවුරුම් දෙයි!

ගිය ආණ්ඩුවේ මිල සූත්‍රය මතක් කරමින් මහ බැංකු අධිපති දේශපාලකයන්ට කී කතාව!

මෙන්ඩිස් අරක්කු සමාගමෙන් ලංකා මහජන බැංකු දෙකටම වංගුවක්? කෝප් කමිටුවේදී ඇදෙයි

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Afghanistan Taliban

ඇෆ්ගනිස්ථානයට වැරදුනු හැටි ඇමරිකානු වරදින් වුනු බවට වාර්තාවකින් හෙළිවෙයි

by Lankasara News
මැයි 25, 2022
0

ඇමරිකා එක්සත් ජනපද හමුදාවන් සහ හමුදා...

pohottuwa

හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!

by editor
මැයි 25, 2022
0

හදිසි මැතිවරණයකට යෑමට සිදුවුවහොත් ඊට සාර්ථකව...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist