සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශබන්දු තෙන්නකෝන්  ගෝල්ෆේස් ගැටුම වැළැක්වීමට පොලිසියට බාධා කළා!.. පොලිසියෙන්ම චෝදනාවක්…

by editor
මැයි 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට හිතවාදී පිරිස් ඊයේ (09) දිනයේදී සැලසුම් සහගත ව ගාලු මුවදොර පිටියට එල්ල කළ මැර ප්‍රහාරය ඊට පෙර වළක්වා ගැනීමට පොලිසිය විසින් අනුගමනය කළ සියලු උපක්‍රම වළක්වා ඇත්තේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් විසින් බව පොලිස් නිලධාරීහු චෝදනා කරති.

දේශබන්දු තෙන්නකෝන් ගෝල්ෆේස් අරගල කරුවන්ට පහර දීමට පැමිණි පිරිස අතර සිටි සනත් නිශාන්ත අමාත්‍යවරයා සමග ගෝල්ෆේස් බිමේ…

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ද නොමඟ යවමින් පොලිසියේ සෙසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට මෙය ගැටුම්කාරී තත්ත්වයක්  බවට දුර දිග යාමට තිබූ අවස්ථා වැළැක්වීමට කළ සියලු යෝජනා ප්‍රතික්ෂේප කර ඇති බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වේ නම් ඔවුන් නොපැකිළව ඒ සඳහා ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවත් මෙම නිලධාරීහු ලංකාසරට පැවසූහ.

අරලිය ගහ මන්දිරයට රටේ සියලුම පළාත් ආවරණය වන පරිදි පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් හරහා හය දහසක පමණ පිරිසක් ගෙන්වීමට කටයුතු කරන බවත් ඔවුන් එතැන සිට ගාලුමුවදොර අරගල භූමිය මැදින් ජනාධිපති මන්දිරය දක්වා ගමන් කරන්නට නියමිත බවත් කල් තියාම එම ප්‍රදේශය භාර ආරක්ෂාවට සිටි ඉහළ පොලිස් නිලධාරීන් දැනුවත්ව ඇති අතර ඔවුන් ගේ මඟ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලින් ගාලු පාර පුදේශයට ඇතුළු වීම සහ ගාලුමුවදොර හෝටලය අසලින් ගාලුමුවදොර මාර්ගයට ඇතුළු වීම වැළැක්වීමට දැවන්ත මාර්ග බාධක පෙළක් යෙදීම පිළිබඳ ව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොජනා කර තිබේ.

ඔහු එම වැඩපිළිවෙළ අනුගමනය නොකරන ලෙසත් එවැනි ගැටුම්කාරී තත්ත්වයක් ඇති වන්නට ඉඩක් නොමැති  බවටත් මෙම නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

මේ අනුව ඉතා ලිහිල් බාධක බිඳගෙන මෙම මැර කණ්ඩායම් පොලු මුගුරු රැගෙන පැමිණ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙද්දී   කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර යොදා පිරිස විසිරුවීමට අවසර ඉල්ලා සිට ඇත.    ප්‍රහාරය සැලකිය යුතු තරමට දුර දිග යනතෙක් දේශබන්දු තෙන්නකෝන්  ඊට අණ ලබා දී නැති බවට චෝදනා එල්ල වී තිබේ.  පසු ව කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට උපදෙස් දුන්නද එහිදීද ඔහු පවසා ඇත්තේ මැර කණ්ඩායම්වලට ප්‍රතිවිරුද්ධ දිශාවට එනම් ගෝඨාගෝගම සාමකාමී විරෝධතාකරුවන් සිටින ප්‍රදේශයට එම ප්‍රහාරය එල්ල කරන ලෙසය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

උදෑසන සිට අරලිය ගහ මන්දිරය තුළ සිටින  මැති ඇමතිවරුන් සමග කතා බහ කරමින් සිට ඇති දේශබන්දු   තෙන්නකෝන්   එතැන පවතින සූදානම් සහ අමතර ආරක්ෂක පියවර අවශ්‍ය වන්නේද යන්න විමසා අති වබ වාර්තා වේ.

එහිදීද එම ස්ථානයේ පන්සියයකට වඩා වැඩි පිරිසක් රැඳී නොසිටින බවත් ලොකු කලබලකාරී තත්ත්වයක් ඇති නොවන බවට සංවිධායකයන් විසින් ප්‍රකාශ කරන ලද බවත් දන්වා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිසියට ඒ මොහොතේ නිසි අණක් ලැබුණි නම් මෙවැන ගැටුම්කාරී තත්ත්වයක් කිසිසේත් ඇති නොවන බවත් එසේ වූයේ නම් ඊට පසුව මුළු රටේම ඇති වූ අවාසානාවන්ත සිදුවීම් සියල්ල වළක්වා ගැනීමට හැකියාවක් පැවැති බවය.

මේ සිදුවීම සනාථ කරන තවත් සාක්ෂි  තිබේ. මැර පිරිස අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂකයින්ට පහර දී අට්ටාල කුඩු කරන විට පොලිසිය සිටියේ ඊට එම ස්ථානයට මීටර සීයක් පමණ දුරින් අරලියගහ මන්දිරය සහ ගෝල්ෆේස් අතර මාර්ගයේය. පොලිසියේ විශාල කණ්ඩයමක්  ඔහු සමග විය.

“ උඩහ ඉන්න ට්‍රැෆික් පොලිස් උනුත් මේ පැත්තට ඇදපන්… මම කියනකම් එකෙක් වතුර ගහන්නෙ නෑ“

කරුමයට මෙන් දේශබන්දු තෙන්නකෝන් මේ අණ දෙනවිට අපේ මාධ්‍ය සගයන් එතනය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හමුදා පාලනයකට යෑමේ වෑයමක් දැයි සැකයි – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියයි

Next Post

අගමැති පස්ස දොරින් පිටවගිය පසු අරලියගහ මන්දිරයේ තනිවුණු චන්ඩි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.