බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත ස්ථාන මාරුවක් දීම ප්‍රස්තුත කරගෙන නීතිපතිවරයා විසින් පොලිස්පති වෙත යොමු කළ ලිපිය පොලිස්පතිවරයා මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම්වරයා වෙත යොමු කර තිබේ.
පොලිස්පතිවරයා දක්වා ඇත්තේ මෙම ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කර අදාල ස්ථාන මාරුවීම සම්බන්ධව සුදුසු පියවර ගන්නා ලෙස දන්වා සිටින බවය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධව කටයුතු කරන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසිනි. රාජ්‍යසේවා කොමිෂන් සභාව මින් පෙර උක්ත ස්ථාන මාරුවීම සම්බන්ධ නිර්දේශ ලබා නොදීම සම්බන්ධව මහජන ආරක්ෂාවක අමාත්‍යාංශ ලේකම්වයාගෙන් විමසීමක් කර තිබිණි.
Discussion about this post