බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේවස්ථාන බෝම්බ සිද්ධිය; වෛද්‍යවරයා අත්අඩංගුවට අරන් පොලිසිය ප්‍රසිද්ධ කර ඇත්තේ සෙල්ලම් පිස්තෝල..

by Lanka Sara Editor
ජනවාරි 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • ගෙදර කවදාවත් මුරකාරයො හිටියෙ නෑ

  • අවි ගබඩාවක් කියන්නෙ මොනවද? සෙල්ලම් පිස්තෝල සහ ක්‍රීඩා කරන වායු රයිෆල්.. ඒවා පෙන්නලා ත්‍රස්ත නායකයෙක් ගෙනියවා වගේ තාත්තා ගෙනිච්චා

  •  කිසිම නෛතික ලියවිලල්ක් නෑ නිතිඥයන්ටවත් තාත්තව බලන්න දුන්නෙ නෑ.. අම්මා කොවිඩ්වලින් නැතිවුණ දවසෙ ඉඳලා ඔහු ඉතාම දුර්වලයි

  • සීසීටීවී ටික අරන් ගියේ කැමැත්තෙන් ගෙනියන්න දෙනවා කියලා බලෙන් අත්සන් අරන්

තමන්ගේ තාත්තා අත්අඩංගුවට ගන්නේ කුමණ ආකාරයක හෝ නෛතික පදනමක් ඇතිව නොවන බවත් මේ වනවිට මාධ්‍ය හරහා පෙන්වන අවිගබඩාව සැබෑ ආයුද නොව සිය දරුවා ක්‍රීඩා කිරීම සඳහා යොදා ගන්නා සෙල්ලම් ආයුද අනුරූ සහ මේ රටේ ඕනෑම පුරවැසියෙකුට ලඟ තබා ගත හැකි ක්‍රීඩා උපකරණ වූ වායු රයිෆල් බවත් බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීම සම්බන්ධව අත්අඩංගුවට පත් හැත්තෑ පස් හැවිරිදි වෛද්‍ය හේරත් ගේ පුතනුවන් වූ ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙක් මෙන්ම වෘත්තිකයෙක් වූ ඕෂල හේරත් අද (19) කොළඹ දී පුවත්පත් සාකච්ඡාවක් කැඳවා හෙළිදරවු කළේය.

ඕෂල හේරත් අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ පුත්‍රයාය. ඔහු ඕවසීස් රෝහලේ වෛද්‍ය පරිපාලන අංශයේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කළ වෘත්තිකයෙකි. පසුව ධීවර අමාත්‍යාංශයේ උපදේශකයෙක් ලෙසත් යපාලන රජයේ මුල්ම නව මාධ්‍ය අංශයෙ ප්‍රධානියා ලෙසත්, ආන්දෝලනාත්මක සිද්ධි ගණනාවකට මැදිහත් වූ සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙසත් කටයුතු කළ අයෙකි.

ඕෂල හේරත් පැවසුවේ පොලිස් කණ්ඩායමක් ඉබි යතුර කඩාගෙන පිලියන්දල සිය නිවසට ඇතුළු වී විශ්‍රාමික වෛද්‍යවරයෙක් වූ සිය වයෝවෘධ පියාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධව කිසිම නෛතික ලියවිල්ලක් ඉදිරිපත් නොකළ බවය.

එසේ ඇතුළු වී සියලුම දුරකථන, ලැප්ටොප් පරිගණක දුකථන පද්ධතිය ඇතුළු සියල්ල රැගෙන ගොස් නිවසට පොලිස් ආරක්ෂාව දමා තම බිරියට, දරුවාට හෝ නැගනියට නිවසින් පිටතට පැමිණීමට ඉඩ ලබා නුදුන් බවය.
අනතුරුව මේ ඇතුළුවීම සම්බන්ධව තමන් සතුව තිබූ හැකිව තිබූ එකම සාධකයවන නිවසේ සීසීටීවී පද්ධතියත් සිය සොයුරිය පොලිසියට කැමැත්තෙන් ගලවාගෙන යන්නට ඉඩ දුන් බව කියමින් සැකසූ ලියවිල්ලකට බලහත්කාරයෙන් අත්සන් ගෙන රැගෙන ගිය අයුරුත් ඔහු මාධ්‍ය ඉදිරියේ කීවේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

අනතුරුව ඔහුට හෝ ඔහුගේ නීතිඥයන්නට කොවිඩ් වැළඳී මිය ගිය සිය මවගේ මරණයෙන් පසු ඉතාම පීඩාකාරී ජීවිතයක් ගතකළ සිය රෝගී පියාට බැලීමට පොලිසියේ දී ඉඩක් නොලැබුණ බවත් ඔහු කීවේය.

“ මම කතෝලිකයෙක්. මගෙ තාත්තා භක්තිමත් කතෝලික භක්තිකයෙක්. දැන් සියල්ල හරි. දැන් තාත්තා ලඟ නැවතිලා. බෝම්බය තියන්න හදලා තියෙන්නෙ කතෝලිකයෙක්… මොකක්ද මේ කරන්නෙ. මුලින්ම සන්ක්‍රිස්තියන්ව අල්ලා ගත්තා. ඊලඟට අවුරුදු 13ක ළමයෙක් අල්ලගෙන සාක්ෂි ගත්තා. දැන් තාත්තා ලඟ නැවතිලා. මොනතරම් පරස්පර ද?“
“මම මානව හිමිකම් කොමිසමේ ඉන්න වෙලාවෙදි තමයි පොලිසියෙන් පස් දෙනෙක් ඇවිත් ගෙදර සීසීටීවී අරන් ගිහින් තිබුනෙ මගෙ සහෝදරියගෙන් කටඋත්තරයක් අරගෙන. ගෙදර වැඩ කරන කෙනා හරහාම තමයි සීසීටිවී ගලවග්‍නෙ තිබුණේ. ඇයගෙන් අත්සන් අරන් තිබුණෙ සීසීටීවී ටික කැමැත්තෙන් ගෙනියන්න දුන්නා කියලා අත්සන් අරන්. යනකොට ගෙදර වැඩට ඉන්න දෙන්නත් මේ අය අරන් ගිහින් පොලිසියට.“

තාත්තා ප්‍රෙෂ්ර් තියනවා. එයා හරිම දුර්වලයි. කොන්දෙ අමාරුවක් සහ ආතරයිටීස් තියනව. අම්මා නැතිවුණ දවසෙ ඉඳලා එයාට නින්ද යන්නෙ නෑ බෙහෙත් බොන්නෙ නැතිව. . පඩිපෙළක් නැගතන්න බෑ. සෞඛ්‍ය පරීක්ෂණයක් නෑ. අම්මා නැති වුනාට පසසේ තාත්තා වැටිලා. සීසීටීවී ගන්න හදනවා ..
“ඊට පස්සේ මගෙ දරුවට, බිරියට සහෝදරියට ගෙදරින් එළියට බහින්න දුන්නෙ නෑ. ඔවුන්ව එක්කගෙන යන්න ආපු මගෙ ඥාතීන්ට ඔවුන්ව ගෙනියන්න ඉඩ දුන්නෙ නැතිව මගෙ නීතිඥවරු හරහා පොලිසියට දැන්නුවා. පොලිසියෙ ඕඅයිසීට බලයක් නෑ කිව්වා ඔවුන්ව නිදහස් කරන්න. මේ කිසිම දෙයක් වෙන්නෙ නීත්‍යානුකූලව නොවෙයි. පසුව බොහොම අමාරුවෙන් මේ තුන්දෙනා ගෙදරින් එළියට ගත්තෙ. දැන් සත්තු 11 දෙනෙක් ඉන්නවා මගෙ ගෙදර. ඒ බලුපැටවු 11 දෙනාට කන්න නෑ. වතුර නෑ. දෙන්න යන්න විදිහක් නෑ“.

අපේ ගෙදර කවදාවත් මුරකාරයො හිටියෙ නෑ. මේ බෝම්බය තිබ්බා කියන පුද්ගලයා කියනවා එයා ගෙදර මුරකාරයෙක් විදිහට වැඩ කළා කියලා. මේ අය පෙන්නුවෙ අවි ගබඩාවක් නෙමෙයි. එහෙමනම් මේ වනවිට අධිකරණ නියෝගයක් අරන් මාව අත්අඩංගුවට ගන්න ඕන. මේ සෙල්ලම් පිස්තෝල එකතුවක්. ඒවයින් වෙඩි තියන්න බෑ. ඒ අයම දන්නවා ඒක. මම අද පුවත්පත් සාකච්ඡාවක් තියනවා කියලා දැනගත්තට පස්සෙ තමයි ඔය අවි ගබඩාව එන්න ඇත්තේ. සෙල්ලම් පිස්තෝල. ක්‍රීඩාවට ගන්න වායු රයිෆල්. ඒවා පෙන්නලා වෛද්‍යවරයෙක් වුණු මගේ තාත්තා ත්‍රස්තවාදී නායකයෙක් විදිහට අරන් ගියෙ. ඒවා තිබුණෙ මගෙ කාමරේ. ඇයි මාව අරන් යන්නෙ නැතිව තාත්ත අරන් ගියේ.“

මේ අය මුලින් කිව්වෙ මුස්ලිම් ජාතිකයෙක් පනස් දාහක කොන්ත්‍රාත් එකක් දුන්නා කියලා. දැන් ගොදුර අපි. අපි කතෝලික. පල්ලියට බෝම්බ තියලා තියෙන්නෙ කතෝලික වෛද්‍යවරයෙක්. දැන් අරගත්තට පස්සෙ හේතුවක් හදාගන්න බෑ. තාත්තා මානසික ලෙඩෙක් කියනවා දැන්.

ඉස්සරහට මාව මගේ බිරිය අරන් ගිහින් මොනවා කරයිද කියලා මා දන්නෙ නෑ. ඊට පෙරයි මා පුවත්පත් සාකච්ඡාව කැඳවලා ඔබට මේ ගැන කියන්නෙ.”

සම්පූර්ණ පුවත්පත් සාකච්ඡාව පහතින් දැක්වේ.

වැඩිදුර කියවන්න….

පිටපත වැරදුනා ද ?

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන හාල් කාබනික ද? ශ්‍රී.ල.නි.ප.යේ නන්දසේන ආණ්ඩුවෙන් අසයි!

Next Post

“දිනපතා පැය 1 1/2ක් වත් විදුලිය කපන්න – නැතොත් පැය ගාණක් අඳුරට යන්න වෙනවා”

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.