කොළඹ – දිලංගා ගෝමස් –
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව සතු ඉඩම් හා ගොඩනැගිලි දේපල 73 කින් දේපල 34ක අයිතිය තහවුරු කිරීම පිළිබඳව අවශ්‍ය ඔප්පු හෝ පවරා ගැනීමේ නියෝග හෝ නොමැති බවත් එයින් දේපල 24 ක ඉඩමේ ප්‍රමාණය මැණුම් කර ද නොමැති බවත් 2021 වර්ෂයේ විගණන වාර්තාවෙන් හෙළිවේ.
ඉඩම් පිළිබඳ නිසි අධීක්ෂණයක් හා ආරක්ෂක පියවරයන් අනුගමනය නොකිරීම නිසා සභාව සතු ඉඩම් වෙනත් පුද්ගලයන් විසින් අනවසරයෙන් අත්පත් කරගෙන ඇතැයි විගණන වාර්තාවෙන් තවදුරටත් හෙළිවේ.
තම සභාවට කෝටි ගණනක දේපල හඳුනා ගැනීමට හැකියාවක් සහ අවශ්‍යතාවයක් නොමැතිවීම පිළිබඳව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවෙන් විගණනය ප්‍රශ්න කර තිබේ.