බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙවියන් ඇස් පියන්… සීනිගම දේවාලයේ කෝටි ගණනක මුදල් වංචාවක් බෞද්ධ හා ආගමික කටයුතු අමාත්‍යාංශය හෙළි කරයි!

by editor
අගෝස්තු 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය-

හික්කඩුව, සීනිගම මහා දෙවොල් දේවාලයේ පසුගිය වසර දෙක තුළ රුපියල් කෝටි ගණනක මහා පරිමාණයේ මුදල් වංචා සිදුව තිබෙන බව 2021 හා 2022 විගණන වාර්තා වලින් හෙළිවන්නේ යැයි බෞද්ධ හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ   ප්‍රකාශ කළේය.

කෝවිඩ් අරමුදලට 2019 වසරේ දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් පරිත්‍යාග කළ බවට සඳහන්ව ඇතත් එම මුදල් නිසි පරිදි ජනාධිපති අරමුදලට බැර නොවිම සම්බන්ධයෙන්ද විගණන වාර්තාවේ කරුණු සදහන් වන බව ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

කෝවිඩ් අරමුදල වෙනුවෙන් බැරකරන බව සඳහන් කර 2020.04.17 වන දින අංක 522358 දරණ චෙක්පතින් රුපියල් ලක්ෂ 05ක මුදලක් ද 2020.06.28 දින අංක 522366 දරණ චෙක්පතින් තවත් ලක්ෂ 05ක මුදලක්ද ලබා ගෙන ඇතත් එවැනි මුදලක් ජනාධිපති අරමුදලට බැර කර නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ. 

දේව පූජාව සඳහා විවිධ ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් ලබා දෙන වියලි ආහාර ද්‍රව්‍ය, පූජා භාණ්ඩ නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකර හිතවතුන්ට ලබා දීම සම්බන්ධයෙන්ද විගණන වාර්තාවේ කරුණු දක්වා ඇත.

දේවාල භූමියේ ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයාගේ අනුමැති හා විධිමත් ඇස්තමේන්තු නොමැති බවද අදාල විගණන වාර්තාවල කරුණු දක්වා ඇත. එහි පළමු මහල සදහා රුපියල් ලක්ෂ 90 කට අධික මුදලක් වැයකර තිබෙන බවද එහි සදහන්ය. මෙය විහාර දේවාලගම් පනත උල්ලංඝනය කිරීමක් බවද පළමු මහලේ ඉදිකිරීම් සදහා මුලු පිරිවැය ඇස්තමේන්තුවෙන් කොපමණ වැඩ ප්‍රමාණයක් අවසන් කර ඇත්දැයි යන්න හා ඒ පිරිවැය ඉක්මවා වියදම් කර ඇත්ද යන්න දැන ගැනිම සඳහා කිසිම ගිණූම් වාර්තාවක් සීනිගම දේවාලයේ කාර්යමණ්ඩලය සතුව නැති බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

1931 අංක 19 දරණ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 18 වන වගන්තිය හා 1922 අංක 01 දරණ මහා භාරකාර පනතේ සදහන් නිරික්ෂණ කිසිවක් නොමැතිව එවැනි ඉදිකිරිමක් කිරීම නිති විරෝධි බවද විගණකාධිපතිවරයාගේ අදහස වී තිබේ. 

සිනිගම දෙවොල් දේවාල භූමියේ ඉදිකිරිම එම චක්‍රලේඛණ උල්ලංගනය කිරිමක් බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක විමල් ආර් ගමගේ මහතාද පෙන්වා දී තිබේ.

එයට අමතරව වසර 13 ක කාලයක් දේවාලය සතු රුපියල් කෝටියක ස්ථිර තැන්පත් ගිණුමේ මුදල් ලබාගෙන තිබුණනත් එම මුදල් වියදම් කරන ලද ක්‍රමවේදයක් දේවාලය සතු කාර්යාලයේ කිසිදු ආකාරයකින් සදහන් නොවන බවද විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබේ. 

මේ සම්බන්ධයෙන් බෞද්ධ හා ආගමික කටයුතු පිළිබද අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදාන පතිරණ ගෙන් කල විමසීමේ දී මෙසේ කීය.

“සීනිගම දේවාලයේ අකටයුතු සම්බන්ධව ඒ ප්‍රදේශයෙන් ලැබුණු පැමිණිලි මත අපි පරික්ෂණයක් සිදු කලා. දේවාලය සම්බන්ධයෙන් සිදුකල විගණන පරික්ෂණය අනුව එහි වත්මන් භාරකරු අත්තනෝමතිකව මුදල් පරිහරණය කිරිම හා විවිධ ඉදිකිරිම් කටයුතු කර තිබෙන බවද තහවුරු වුණා. ප්‍රසම්පාදන වැය ශීර්ෂ කිසිවක් නොමැතිව මුදල් වියදම් කිරීම නිති විරෝධි කටයුත්තක් බව අපි පෙන්වා දුන්නා.  ඒ සම්බන්ධව සියලු වාර්තා බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් තුමාවෙත යොමු කර ඊට අදාල පියවර ගන්නා ලෙස අපි දැනුම් දී තිබෙනවා.”

මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වැඩබල කොමසාරිස් කේ සිරිවර්ධන   මෙසේ කීය.

“ඔය කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විගණන වාර්තාවල සඳහන්ව තිබෙනවා. අදාල කාරණා සම්බන්ධව මේ වන විටත් අදාල බලධාරින් දැනුවත් කිරිමට අප කටයුතු කර තිබෙනවා. වත්මන් භාරකරුට මින් ඉදිරියට එවැනි කටයුතු නොකරන ලෙසත් විගණන පරික්ෂණ කාල සීමාවේදීම අපි තරයේ අවවාද කර තිබෙනවා” යනුවෙන්ද සදහන් කළේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාකිස්තාන රෝහලක ශල්‍යාගාරයක විදුලි විසින්දි වීමක් ගැන විමර්ශනයක්

Next Post

උතුරේ ජනතාවට තිබෙන්නෙත් දකුණේ ජනතාවටම ඇති ගැටලු මිස 13 වැනි ව්‍යවස්ථා සංශෝධන ගැටලු නෙවෙයි-අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමි

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.