මෙරට තුළ යළි උත්සන්න වූ කොවිඩ්-19 වසංගත තත්වය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ එක් ආසාදිතයකු හෝ මෙතෙක් වාර්ත වී නොමැති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදී අහඹු ලෙස පුද්ගලයින් තෝරාගෙන පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරී හෙට (26) ආරම්භ කිරීමට නියමිතය.
මධ්‍යම පළාතෙන් ආසාදිතයින් හයදනකු (06) දෙනෙකු හමු වී තිබේ.
මධ්‍යම පළාතෙන් මුවූ රෝගීන්ගෙන් දෙදෙනකු නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයෙන් වාර්තා විය.
අනෙක් පුද්ගලයන් බගවන්තලාව හා හැටන් ප්‍රදේශවලින් එක් අසාදිතයා බැගින්ද හමු වී ඇත.
මාතලේ දිස්ත්‍රික්යේ මාතලේ හා නාවුල කොට්ඨාශවලින් ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා විය.
මහනුවර පොල්ගොල්ල සමූපකාර විද්‍යාලය ඊයේ (25) නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කෙරිණි.
මේ වන විට එහි පුද්ගලයින් 25 දෙනෙකු නිරෝධායනයට ලක්වෙති.
ඒ අතරින් එක් අයෙකුට කොවිඩ් වෛරසය ශරීර ගතව ඇති බව ඊයේ (25) හඳුනා ගෙන තිබේ.
එම පුද්ගලයා බදුල්ලේ පදිංචිකරුවෙකි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් දිනකට පී.සී.ආර් පරීක්ෂණ 80 ක්ද පශු වෛද්‍ය පීඨයෙන් 180 ක්ද සිදු කරයි.