දිනසේන රතුගමගේ –
තවමත් බන්ධනාගාර වල රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් පිරිස වහාම නිදහස් කරන ලෙස නව රජයෙන් ඉල්ලීමක් කරමින් උතුරු පළාතෙන් අත්සන් ලක්ෂයක පෙත්සමක් අත්සන් කිරීම ඊයේ (30) ආරම්භ කොට තිබේ.
එම පෙත්සමට අත්සන් ලබා ගැනීම පිණිස වවුනියාව මන්නාරම මුලතිව් කිළිනොච්චි හා යාපනය ප්‍රදේශ වල ස්ථාන 29 ක් හඳුන්වා දී තිබේ.
පෙත්සමට අත්සන් තැබීම පිණිස උතුරේ ආගමික නායකයින් ස්වේච්ඡා සංවිධාන නායකයින් දේශපාලන ක්‍රියාධරයින් මෙන්ම මහජනතාවද විශාල වශයෙන් ඉදිරිපත් වී සිටිති.
දෙමළ දේශපාලන සිරකරුවන් පිළිබදව සොයා බැලීමේ සංවිධානය විසින් මෙම පෙත්සම අත්සන් කිරීමේ කටයුතු ආරම්භ කොට ඇති අතර ඔවුන් සදහන් කරන්නේ දෙමළ දේශපාලන සිරකරුවන් 400 ක් පමණ තවමත් බන්ධනාගාරවාල වසර පහලොවකට වඩා වැඩි කාලයක් රඳවා සිටින බවයි.
වත්මන් රජයද ඔවුන් නිදහස් කිරීමට එකගතාවය පල කොට ඇතත් එම කටයුත්ත තවමත් ප්‍රමාද වී තිබීම නිසා අත්සන් ලක්ෂයක පෙත්සමක් ඉදිරිපත් කරන බවද එම සංගමය කියා සිටියි.







