දෙරණ –
නීතිවිරෝධී ලෙස වත්කම් හා දේපළ උපයාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙමටගොඩ රුවන් හෙවත් රුවන් චමින්ද නමැත්තා ලබන 19 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබේ.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල විසින් එම නියෝගය ලබාදුන් අතර ඕනෑම කොන්දේසියක් යටතේ සැකකරු ඇප මත මුදාහරින ලෙස විත්තිය සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ද එදින නිකුත් කරන බව එහිදී දැනුම් දී ඇත.
දෙමටගොඩ රුවන් නමැත්තා විසින් අයථා ලෙස උපයාගත් මුදලින් ඔහුගේ 26 හැවිරිදි පුත්‍රයා ඇතුළු පිරිසකගේ නමින් මිලදී ගෙන ඇති කෝටි ගණනාවක සුඛෝපභොගි වාහන 8ක් මේ වන විට පොලීසිය භාරයට ගෙන ඇති බව රජයේ අධිනිතීඥ හංස අබේරත්න අධිකරණයට දැනුම්දී ඇති බව සඳහන් වේ.
එමෙන්ම ඔහුගේ නිවසේ තිබී සොයාගත් කිලෝ එකහමාරක රන් ආභරණවල වටිනාකම අනාවරණය කර ගැනීම සඳහා ඒවා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කිරීමට ද පියවර ගෙන ඇති බව රජයේ අධිනීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
සූක්ෂම ආකාරයෙන් රැස් කරගත් තොරතුරු මත පදනම්ව සහ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් සිව් දෙනෙකුගෙන් අනාවරණය වූ කරුණු මත අදාළ පරීක්ෂණය සිදුකරන බව රජයේ අධිනිතීඥ හංස අබේරත්න අධිකරණය හමුවේ සඳහන් කර ඇත.
මේ අතර කොළඹ ජනාකීර්ණ ප්‍රදේශයක දෙමටගොඩ රුවන් නමැත්තාගේ බිරිඳ විසින් හෝටලයක් පවත්වාගෙන යාමට වත්කම් උපයා ගත් ආකාරය අනාවරණය කිරීමට නොහැකි වී ඇති අතර අදාළ අවහන්හලෙන් ගත වූ වසර 3 තුළ වාර්ෂික ලාභය රුපියල් ලක්ෂ 5 බැගින් වන බවට ආදායම් බදු දෙපාර්තමේන්තුව හමුවේ සඳහන් කර ඇති බව ද අනාවරණය වී ඇති බව සඳහන් වේ.
කෙසේවෙතත් වැටලීම් සිදුකිරීමෙන් අනතුරුව අදාළ ආදායම රුපියල් ලක්ෂ 50 බැගින් වෙනස් කර ඇති බව රජයේ අධි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.







