භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණීය දන්ඩනය නියම වී සිටින දෙමටගොඩ චමින්දගේ සෙහෝදරයා වන දෙමටගොඩ රුවන්ට හෙරොයින් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 1500 කට වැඩි ප්‍රමාණයක් පකිස්තානයේ ඡාවාරම්කරුවන් මගින් ලැබී ඇතැයි විශේෂ පොලිස් විමර්ශනයකින් හෙළිවී තිබේ.
එම මත්ද්‍රව්‍ය වසරක් වැනි කාලයක් තුළ ලැබී ඇති බවත් මත්ක්ඩු තොග බෝට්ටු මගින් මෙරටට රැගෙන ඒමේ සම්බන්ධිකරණය කර ඇත්තේ තොඩුවාවේ පදිංචිකරුවෙක් බවට තොරතුරුද අනාවරණය වී ඇත.
බහුදින යාත්‍රාවක පටවා හෙරොයින් කිලෝ 340 ක් මෙරටට රැගෙන එමින් සිටි ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙක් ඉකුත් සතියේ ඉන්දියානු මත්ද්‍රවය කාර්යංශයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබුණි. ඒ සම්බන්ධයෙන් දෙරට අතර තොරතුරු හුවමාරුවෙමින් කෙරෙන විමර්ශනයකින් දෙමටගොඩ රුවන්ට මත්කුඩු කිලෝ 1500 ක් ලැබීම ගැන තොරතුරු හෙළිවී තිබෙන බව සදහන්ය.