සුමිත් පොතුපිටිය –
කළුතර සේරුපිට ප්‍රදේශයේ ඊයේ (08) රාත්‍රියේ තියුණු ආයුධයකින් කපාකොටා කථන හා ශ්‍රවන ආබාධිත පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර සේරුපිට කොළඹගේ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී තුයියලාගේ ඩොනල් සේනාරත්න නමැති ආබාධිත පුද්ගලයකු බව පොලිසිය කීය.
ඝාතනය සම්බන්දයෙන් සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවද සැකකරු බීමතින් සිටි බවත් වාර්තාවේ.
සැකකරු ඝාතනයට ලක්වූ පුද්ගලයාගෙන් ණය මුදලක් ලබාගෙන ඇති බවත් , එම ණය මුදල ඉල්ලුම් කර මීට ඉහතදී ද දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව ඇති බවට ඝාතනයට ලක්වූ තැනැත්තාගේ දියණියක විසින් ප්‍රකාශ ලබාදී ඇති බවත් සදහන් වේ.
කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද පරීක්ෂණ සිදුකරන ලදී.
මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.
සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.
කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වති.