අල්ලස හා දූෂණ වැළැක්වීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (19) පස්වරුවේ සම්මත විය.
දින දෙකක් පුරා පැවති විවාදයෙන් පසු සම්මත වුන මෙම පනත් කෙටුම්පතට මන්ත්‍රීවරුන් විසින් සංශෝධන 196ක් ඉදිරිපත් කරනු ලැබ තිබිණි.
දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති විසි අටක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා කතානායකවරයාට දැනුම් දුන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සංශෝධනය කෙරිණ.
නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනුව ජනාධිපතිවරයා, මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් හා කොමිෂන් සභා සාමාජිකයින්ද වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වේ.
එසේම දූෂණ වංචාව සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් නව පනතින් සුරක්ෂිත කෙරෙන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.
අද පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සලකා බැලීම සිදුකෙරුණු අතර පනත තුන් වැනි වර කියවා සම්මත කෙරුණේ ඉන් අනතුරුවය.







