පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ මෙහෙකාරකමේ යොදවා සිටියදී පිළිස්සී මිය ගිය 16 හැවිරිදි දැරියගේ මරණ පරීක්ෂණයේදී ඇය දූෂණයකට ලක්වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් එම අධිකරණ වාර්තාව අද (19) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.
බොරැල්ල පොලිසිය සහ කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද ඔහු කීවේය.
දැරිය මිය යාමේ සිද්ධියට අදාළව දැරියගේ මව ගෙන් සහ මන්ත්‍රීවරයාගේ බිරියගේ පියා හා මවගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේය.
ඩයගම සිට මෙම දැරිය මන්ත්‍රීවරයාගේ නිවෙසට රැගෙන ආ බව කියන තැරැව්කාර පුද්ගලයා ගෙන් ද ප්‍රකාශ ලබාගන්න ඒමට නියමිත බවද හෙතෙම කීය.