සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුර්වලම විපක්ෂ නායක ඔබ – රනිල්… වැඩ බැරි අගමැති ඔබ – සජිත්… පාර්ලිමේන්තුවේ දී සජිත් – රනිල් ගැටෙති…

by editor
ජූලි 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර අද පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය..

අගමැතිවරයා අද පාර්ලිමේන්තුවේ කතා කරමින් විපක්ෂය සහ විපක්ෂ නායකවරයා දැඩිව විවේචනය කළේය. අගමැතිවරයා කීවේ ඉතිහාසයේ දුර්වලම විපක්ෂය මේ විපක්ෂය බවය. කෑ ගසා බෝඩ් අල්ලා බලය ලබා ගත නොහැකි බවකී හෙතෙම බලය ලබා ගන්නා පාඩම කියා දීමට සජිත් ප්‍රේමදාසට හැකිනම් මාසයක් පැමිණ ඉගන ගන්නා ලෙසය.

බලය වෙනුවෙන් දඟලන මෙවැනි විපක්ෂයක් දැකීම කණගාටුවට කරුණක් බව කී අගමැතිවරයා එවැනි විපක්ෂයක් රට පාලනය කරන්නේ කෙසේ දැයි විමසුවේය.

“ මම දන්නෙ නැති අයට ඉතිහාසය කියා දෙන්නම්.    ප්‍රේමදාස ජනාධිපතිගේ නියෝජිතයා ලෙස කුවේට් යුද්ධෙ වෙලාවෙදි  මැදපෙරදි රටවල් එක්ක ආධාර ගැන කතා කරන්න ගියේ  මම. ඒත්  එහෙන් මුදල් ලැබුනෙ  නෑ.  ජපානෙට ගියාම ජපානෙන් මිලියන හයසීයක් ලැබුනා. ඒ සල්ලිවලින් තමයි අපි ක්වේට් යුද්ධෙන් බේරුණේ.“

“මෙහෙම දුර්වල විපක්ෂයක් මම කවදාවත් දැකලා නෑ. කෑ ගහලා බෝඩ් අල්ලගෙන ඉදලා බලය ගන්න බෑ. මම පුරුදු කළා මේ අයට  බලය ගන්න.  ඒත්   ඉගෙනගෙන නෑ මුකුත්. එන්න මාසයක් දෙකක්.. මම ඒක කියලා දෙන්නම් බලය ගන්න විදිහ. මෙතන කෑ ගහලා බලය ගනන් බෑ. ලංකාවෙ තියන දුර්වලම විපක්ෂය තමයි මේ  විපක්ෂය. “

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

අග්‍රාමාත්‍යවරයා කී කතාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පළිතුරු දුන්නේය.

“අග්‍රාමාත්‍යතුමා  ඉතිහාසය අමතක කරලා තිබුණා. මගේ පියා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා  එතුමා තියාගත්තෙ නාමිකව. එයාට ඉගැන්නුවෙත්  මගෙ තාත්තා.  අග්‍රමාත්‍යවරයා අපට පාඩම් ඉගෙන ගන්න එන්නලු. එයාට උගන්වන්න පුලුවන් ඔක්කොම පාඩම් උගන්වලා තියෙන්නෙ. බිංදුවට පක්ෂය බැස්සුවා. ජාතික ලයිස්තුවට පින්සිද්ධ වෙන්න  තනියම  ඇවිත් දැන් කියනවා අපිට උගන්වන් එන්නලු.

සුරංගනා කතා කිව්වේ අපි නෙමෙයි.  එතුමා වැඩ බැරි අගමැති කනෙක් කියලා දැන් මේ රට විතරක් නෙමෙයි ලෝකයම දන්නවා . පිටරටවලින් අධාර ගන්න පාඩම ලඟදිම  මම එතුමට උගන්වන්නම්.

විපක්ෂ නායකවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ පැතිරෙන ඩෙංගු වෛරසයේ වෙනසක්?… විශේෂඥවරු සැක පහළ කරති….

Next Post

හිටපු ලිට්‍රෝ ලොක්කන් මිලියන ගණනින් පඩි කෑ හැටි විගණනය හෙළි කරයි….

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.