භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ ඝාතකයෙක් ලෙස අධිකරණයෙන් ඔප්පු වීමෙන් අනතුරුව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටිය දී ජනාධිපති සමාවෙන් නිදහස් වූ දුමින්ද සිල්වා අද පෙරවරුවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රාජකාරි භාරගෙන ඇති බව වාර්තා වේ.
විෂය භාර රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ ඇතුළු අමාත්‍යවරු කීපදෙනෙක් ඒ අවස්ථාවට එක් වී සිට ඇත.
දුමින්ද සිල්වා මෙම තනතුර වෙත පත් කෙරුනේ වැලිකඩින් පැමිණ දින කීපයක් ගතවන්නට පෙරය.