බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“දුම් ඇල්ලීම හෑල්ලු වුණේ නොදන්නා අය කරවන්න ගිය නිසයි”

දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගිගනආරච්චිගේ

by Lanka Sara Editor
නොවැම්බර් 19, 2020
in පුවත්
දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගිගනආරච්චිගේ

දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගිගනආරච්චිගේ

Share on FacebookShare on Twitter

දුම් ඇල්ලීම දේශීය වෙදකමේ පිළිගත් ප්‍රතිකාර ක්‍රමවේදයක් වුණත් කොරෝනා ප්‍රතිකාර හමුවේ එය විහිළුවට ලක් ව ඇත්තේ අනිසි පුද්ගලයන් අනිසි ආකාරයෙන් මෙම ප්‍රතිකාර ක්‍රමවේදය අවභාවිත කිරීම නිසා බව දේශීය වෛද්‍ය පාලිත ශ්‍රි ගීගනආරච්චිගේ මහතා සඳහන් කරයි. ලංකාසර සමඟ විශේෂ සාකච්ඡාවකට සම්බන්ධ වූ වෛද්‍ය ගීගනආරච්චි මහතා කොවිඩ් 19 වසගංතය පිළිබඳව දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයන්හි මැදිහත් වීම පිළිබඳව අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.
එහිදී අප නැගූ ප්‍රශ්නවලට වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චි පිළිතුරු දුන්නේ මෙසේය.

හෙළ වෙදකමේ හෝ ආයුර්වේදය කොවිඩ් වැනි වෛරස රෝග දකින්නේ කොහොමද?

ඇත්තටම දේශීය හෝ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙම වයිරස රෝගවලට ප්‍රතිකාර කරන විදිහක් ගැන කියවෙන්නේ නෑ. නමුත් අප ත්‍රි දෝෂ සමනයට කරන ප්‍රතිකාර තිබෙනවා. මෙම වයිරසයෙන් වෙන්නෙත් වා පිත සෙම් කෝපයට පත් වීමයි. ඒ වගේම වසංගත තත්ත්ව පාලනය සඳහා කරන ප්‍රතිකාර චිකිත්සා රටා වසර දහස් ගණනක් සිට මෙම ක්‍රමය තුළ පැවතෙනවා. එමෙන්ම අපට මෙවැනි වයිරස වසංගත සඳහා යම් ප්‍රතිකාරයක් කළ හැකියි.

ඔබ සඳහන් කළා වයිරස ගැන ආයුර්වේදයේ සඳහන් වෙන්නෙත් නෑ කියල. එසේ නම් කොහොමද පොදුවේ මේ වගේ තත්ත්වයකදී ප්‍රතිකාර කරන්නේ.?

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

අපි බටහිර විද්‍යාවට අනුව දැනගෙන තිබෙනවා මෙම වයිරස කාලෙන් කාලෙට වෙනස් වෙලා. ඒවායේ බලපෑම විවිධ ආකාරයන් ඇති කරවන තත්ත්වයක් ගැන. එකම වයිරසය පවා කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ආයුර්වේදය එසේ නැතිනම් දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව එම දැනුම් පද්ධතිය අපට නැහැ. එය අප පිළිගත යුතුයි.

ඊට හේතුව අපේ දැනුම දුප්පත් නොදියුණු කියන එක නම් නොවෙයි. අපි ඉගෙන ගන්න දැනුම් පද්ධතිය එකක් බටහිර දැනුම් පද්ධතිය තව එකක්. අපේ දැනුම් පද්ධතිය තුළ මෙය දකින්නේ වෙනත් විදිහකට. වයිරස ගැන නැතිවුණත් එයින් අපේ ශරීරයේ ශ්වසන පද්ධතියට එහෙම නැතිනම් රුධිරයට, අභ්‍යන්තර අවයවවලට සිදුවන හානිවලට පදනම් වන ත්‍රි දෝෂ කෝප සමනයට කළ යුතු ප්‍රතිකාර ගැන සඳහන් වෙනවා.

මේ දැනුම් පද්ධතිය තුළ තිබෙන්නේ ත්‍රිදෝෂ කෝප සමනයට කරන ප්‍රතිකාර. එහිදී අපට පුද්ගලයකුගේ ප්‍රතිශක්තිය වඩන්න අත් දුටු ප්‍රතිකාර තිබෙනවා. අද බටහිර වෛද්‍යවරුන් පවා මේ දේවල් අනුමත කරනවා.

දුම් ඇල්ලීම මේ රෝග සඳහා යොදා ගැනීම ගැන බටහිර වෛද්‍යවරුන් පවා කී දේ නිසා යම් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණා?

ඔව්. ඒක එහෙම වුණේ මේ දේ අර නිසි දැනුමක් නැති පුද්ගලයන් විසින් අවිධිමත් ලෙස කරන්න ගිය නිසා. ඇත්තටම දේශීය වෙදකමේ දුම් ඇල්ලීම ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සමනයට ඉතා හොඳ ප්‍රතිකර්මයක්. එය සියවස් ගාණක් දේශීය වෙදකම තිබුණා. අපේ අම්මලා මේ වෙදකම දැනගෙන හිටියා. එසේම රෝගය උත්සන්න වීම වළක්වන පියවරක්.

අද බටහිර වෛද්‍ය විද්‍යාවෙත් හුමාලය අල්ලන එක ශ්වසන ආබාධවලදී පිළිගත් ප්‍රතිකර්මයක් නමුත් ඒක විධිමත් ව කළ යුතුයි. මම දැක්කා පසුගිය දවස්වල ලොකු ඖෂධ හැළියක එකවර 10ක් 15ක් දුම් අල්ලනවා. දුම් ඇල්ලීම දේශීය දැනුමට අනුකූල වුණත් මේ ක්‍රමය බටහිර හෝ දේශීය වෛද්‍ය විද්‍යාව එක්ක බැලුවාම කොච්චර අවිද්‍යාත්මකද බලන්න. 10 දෙනෙක් 15 දෙනෙක් එකම හැළියකින් දුම ආඝාණය කරද්දී යම් අයකුගේ ආසාදනය ඇති කරවන වෛරසයක් තිබුණොත් එය තවත් පුද්ගලයකුට පහසුවෙන් යන්නත් පුළුවන්.

එහෙම නම් නිවැරදිව දුම් අල්ලන්නේ කොහොමද?

අපිත් කියන කරුණක් කමයි ඕනෑවට වැඩියෙන් පිළිටවෙළක් සීමාවක් නැතිව දුම් අල්ලන එක නුසුදුසුයි කියන කරුණ. විශේෂයෙන් නිකම්ම වතුර උණුකරල නිතර නිතර හුමාලය අල්ලන එක සුදුසු දෙයක් නෙවෙයි.

නමුත් අපේ දේශීය වෛද්‍ය විද්‍යා දැනුම භාවිත කරමින් හුමාලය ඇල්ලුවේ ඊට එක් එක් ඖෂධීය ද්‍රව්‍ය එකතු කරල. විශේෂයෙන් ඇඟ පත වේදනාව එනවිට. කැස්ස සෙම්ප්‍රතිෂ්‍යාව පවතින විට මේ විදිහටය හුමාලය ඇල්ලුවා.

එතනදී විශේෂයෙන් දෙහි, දොඩම්, නාරං, යකි නාරං වැනි පැඟිරි කුලේ ශාක කු ඇට්ටේරිය, බෙලි කොළ වගේ දේවල්. දෙහි දලු, නික දළු, පේර දළු වගේ දේවල් අපේ පරිසරයේ සොයා ගන්න පුළුවන්. කුරුඳු කොල නැත්නම් පොත්තක්. දෙහි කොල නැත්නම් පොත්තක් වගේ දානන් පුළුවන්. විශේෂයෙන් පැඟිරි කුලයේ ශාක සහිත හුමාලය වෛරස වැනි ආසාදන හමුවේ යම් සාර්ර්ථක ප්‍රතිඵල දෙනවා.

ඒකට සල්ලි වියදම් කරල ගන්න ඕන නෑ.
අනෙක මේ දුම් අල්ලනවා කියන එක අනිවාර්යයෙන්ම කළ යුතු පේවෙලා කළයුතු දෙයක් නෙවෙයි. එය බොහොම සරල දෙයක්. පහසුවෙන් කළ හැකි දෙයක්. අමතර කරදරයකින් කළ යුතු දෙයක් නොව පරෙස්සමින් පුළුස්සා ගන්නේ නැතිව ආරක්ෂිතව කළ යුතු සරල දෙයක්. නමුත් ඔය යන ආකාරයට නියමිත ක්‍රමයට කරන්න ඕන.

ඔබ කියන නිවැරදි අකාරය කුමක්ද?

ඔබ බොහෝ විට දන්නවා නිවසේදී සාමාන්‍යයෙන් දුම් අල්ලන්නේ කොහොමද කියල. ඒ විදිහට මේ දෙහි වැනි පැඟිරි කුලේ ශාක පත්‍ර, කුරුඳු කොළයක් පොත්තක් වගේ දුම් ටිකක් ඇල්ලුවාම හොඳයි. මේක පැය ගණනක් කළ යුතු දෙයක් නෙවෙයි විනාඩි දෙක තුනක් කළාම ඇති. අනෙක් මේ ප්‍රතිකාර සමූහ වශයෙන් නොකළ යුතුයි. තනි තනිව එක් එක් පුද්ගලයාට පොඩි භාජනයක් භාවිතයෙන් කළ හැකියි.

ප්‍රතිශක්තිය වඩවා ගැනීමට අප මොකක්ද කළ යුත්තේ?

දැන් මේකෙදී කියන බටහිර වෛද්‍ය විද්‍යාව කියන කාරණය තමයි වෛරසයක් ශරීරය තුළට ඇතුළුවෙන්නේ මේ ප්‍රතිශක්තිකරණය දුර්වල වුණාම කියලනේ. ප්‍රතිශක්තිය වර්ධනය කරන ආහාර සහ ඖෂධ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ තිබෙනවා. හෙම්බිරිස්සාව තිහැදුණාම අපි බෙහෙත් දෙන්නේ ඇඟේ ප්‍රතිශකතිය වර්ධනය කිරීමට නේ. එයට කැඳ වර්ග වගේ දේවල් දෙනවා.

අපේ සම්ප්‍රදාය තුළ අම්මලාට කිරි නැති වුණත් පොඩි ළමයින්ට දෙන්නේ අපි කොත්තමල්ලි. රත කල්කය දෙන්නේ කොත්තමල්ලි තම්බපු වතුරෙන්. උණක් හැදුණොත් දෙන්නේ කොත්ත්මල්ලි. සාම්ප්‍රදායික දැනුමේ කියවෙන්නේ කොත්තමල්ලි කියෙන්නේ රෝග වළක්වන බේතක් හැටියට පත්පාඩංගම් වෙනිවැල්ගැට, ඉඟුරු, හීන් අරත්ත මේ සියල්ල එකතුවක් අපට හදන්න පුළුවන්.

හොඳයි අද මෙම රෝග වසංගතය හමුවේ දේශීය වෛද්‍යවරයාගේ වගකීම ඉටු වෙන්නේ කවර ආකාරයටද?

මේ ව්‍යවසනය අප කාටත් පොදුයි. මෙයට මෙතෙක් බටහිර වෛද්‍ය විද්‍යාව තළල සාර්ථක ඖෂධයක් නෑ. එහෙම නම් අපි විකල්පවලටත් ඉඩක් දිය යුතුයි. මෙම රෝගය පාලනය කිරීමට ඔවුන්ටත් අවස්ථාවක් ලබා දිය යුතුයි.

මෙම වයිරසය සම්බන්ධ දැනුම අලුත්. අපේ සාම්ප්‍රදායික දැනුම වුණත් කාලනුරූපීව වර්ධනය වුණේ එක් එක් කාලවකවානුල ලෙඩ රෝග ත්තත්ව සමඟ. අපේ පැරැන්නන් ද තමන් සතු සාම්ප්‍රදායික දැනුම පදනම් ව විවිධ අත්හදාබැලීමේ පර්යේෂණ කරල තමයි ඒ දැනුම වැඩි දියුණු කළේ.

නමුත් අද දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරුන්ට මේ සඳහා අවස්ථාවක් නෑ. ඒ වෙනුවට තිබෙන්නේ බාධා පමණයි. ඇත්තටම මේ වසංගතය ආරම්භ වුණු ඒ වගේම සාර්ථකව පාලනය කළ චීනය පවා සාර්ථකව පවා මෙම රෝගය පානය කිරීමේදී ඔවුන්ගේ රටේ දෙශීය දැනුම් දේහීය චිකිත්සාවන් යම් මට්ටමක භාවිත කළා. ඔවුන්ට ඒ සඳහා අවස්ථාව දුන්නා. අපිටත් එසේ කළ හැකියි.

ආයුර්වේදය සංවර්ධනයට රටේ අයවැයෙන් ලොකු මහජන මුදලක් වියදම් කරනවා නම් ඒ ප්‍රතිඵල රටට ලැබෙන්න ඕනේ. විශේෂයෙන් මේ වගේ තීරණාත්මක කාලයක. ඒ නිසා අපි කියන්නේ දේශීය වෛද්‍යවරයාටත් මේ සම්බන්ධයෙන් යම් අවස්ථාවක් ලබා දිය යුතුයි. ඔවුන්ට පර්යේෂණ සිදු කිරීමට, ඉඩක් නිර්මාණය කළ යුතුයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ ලොක්ඩවුන් ජනතාව වෙනුවෙන් විශේෂ ගිලන් රථ සේවාවක්

Next Post

නුවන් සොයිසා තරග පාවා දුන් හැටි ඔප්පු වෙයි…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.