අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුම්රියේ ගමන් කළ චීන ජාතික කාන්තාවකට පොල්ලකින් පහර දී  දුරකථනය කොල්ල කන්න හැදූ අපරාධකරුවන් පොලිස් අත්අඩංගුවට…

by editor
අගෝස්තු 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගමන් කරමින් සිය දුරකථනයෙන් අවට වීඩියෝගත කළ     චීන ජාතික කාන්තාවකගේ දුරකථනය මංකොල්ල කෑමට දුම්රිය මාර්ගයේ සිට පොල්ලකින් පහර දුන් සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් ඊයේ (06) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් සැක කරුවන්….

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට පොලිසිය මෙහෙයුමක් දියත් කර තිබේ.

ලියු කුයින් නැමති චීන ජාතික කාන්තාව , ඇයගේ සැමියා සහ දියණිය සමග ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ , මාර්ග උපදේශකයෙකු සමග ඇල්ල දුම්රිය ස්ථානය දක්වා  ඊයේ (06) දින දුම්රියෙන්  ගමන් කරමින් සිට ඇත

ඇය දුම්රිය   ජනේලයෙන් පිටත දසුන්  සිය ජංගම දුරකථනයෙන්    විඩියෝගත කරමින් ගමන් කරමින් සිට තිබේ.  දුම්රිය නාවලපිටිය ඉගුරුඔය දුම්රිය ස්ථානයට ළගා වෙද්දී  දුම්රිය මාර්ගය අසල රැඳී සිටි තරුණයන් තිදෙනෙකුගෙන් එක් අයෙකු දිගු පොල්ලකින් විඩියෝගත කරමින් සිටි කාන්තාවගේ අතට තද පහරක් එල්ල කර ඇත.

එම තරුණයන් පහර දෙන දර්ශන ඇයගේ දුරකථනයේ පටිගත වි ඇති අතර , පහර දිම නිසා ඇයගේ අතට තුවාල සිදු වී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුව ඇය සිද්ධිය සම්බන්ධයෙන් මාර්ග උපදේශකයාට දැනුම් දි ඇත.  ඉන් අනතුරුව තමන්ට සිදුවූ අකටයුත්ත මාර්ගෝපදේශක හරහා  චීන භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරගෙන ජංගම දුරකථනයේ පටිගතව තිබූ  වීඩියෝ දර්ශනත්  සමග නාවලපිටිය පොලිසිය වෙත වට්ස්ඇප් මාර්ගයෙන් යොමුකර ඇත.

ප්‍රහාරයට ලක් වූ චීන කාන්තාව…

ඒ ඔස්සේ  ක්‍රියාත්මක වු නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරෙන්ද්‍ර කළුගම්පිටිය   ඇතුළු පොලිස් නිලධාරින් නාවලපිටිය ඉගුරුඔය දුම්රිය ස්ථානය වෙත ගොස් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට සමත් වී ඇත.

තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිම සඳහා පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නාවලපිටිය ඉගුරුඔය ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත්, ඔහුන් අවු 22-24 වයස් කාණ්ඩ වල පසුවන   මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් බවත් නාවලපිටිය පොලිසිය පවසයි.

මෙම පුද්ගලයින් මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ ඇප මත මුදා හැර සිටින පිරිසකි.

සිද්ධියෙන් අනතුරුව ප්‍රහාරයට ලක් වූ චීන කාන්තාව පොලිසියට සහ සංචාරක මගපෙන්වන්නාට ස්තුති කරමින් වට්ස්ඇප් පණිවිඩියක් එවා ඇතැයි නාවලපිටිය පොලිසිය කියයි.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෙහෙල්බද්දර තරුණයා   ඝාතනයෙන් වසරක් පිරෙන දා  ලෙයට ලෙය   ගන්නට  ගොස් වැරදුන කෙහෙල්බද්දර පද්මේ ගේ සැලසුම!

Next Post

මුලතිව් වැව්වල මියගිය මසුන් එකතු කරමින් සිටි 83ක් ජනතාව පොලිසියට භාර දීලා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.