බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දීඝවාපියෙන් හමු වූ රන් කරඬු සහ සන්නස හෙළි කරන අතීත කතාව

by editor
නොවැම්බර් 27, 2020
in පුවත්, සංස්කෘතිය
Share on FacebookShare on Twitter

සුසන්ත අමර බන්දු –

ඓතිහාසික දීඝවාපී  දාගැබ් වහන්සේ පිළිබඳව යළි අවධානයක් ඇති වී තිබේ. ඒ දාගැබ්වහන්සේගේ  දකුණු වාහල්කඩ ආසන්නයේ කළ කැණීමකින්  හමු වූ ධාතූන්වහන්සේලා හා රන් පතෙක කළ සන්නසක් සහිත කරඬුවක් හමුවීමත් සමගිනි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශය කළ කැණීමක් මගින් සොයා ගත් මෙම පෞරාණික කරඬුව අම්පාර දිසාපති කාර්යාලයේ ආරක්ෂිතව තැන්පත් කර තිබිය දී  අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකගේ අධීක්ෂණය යටතේ විවෘත වූ බව වාර්තා විනි.

සෙල් මුවා කරඬුව තුළ රනින් කළ කරඬු හතරක් හමු විය. ඒ කරඬු හතරෙහි නෙළුම්මල් හා සිරිපතුල් ලාංඡනය සටහන්ව තිබිණි. රන් කරඬු හතර සමග පළිඟු කරඬුවක් විය. ඒ සියල්ල අතර අතිශය වැදගත් ලේඛණයක් තිබිණි. එම ලේඛණය රන් පතෙක කළ සන්නසකි.

Deegawapiya
හමු වූ රන් කරඬු හා සා පුරා වස්තු
  • රන් පත් සන්නස

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  අභිලේඛන සහ නානක විද්‍යා අංශයේ අධ්‍යක්ෂක නාමල් කොඩිතුවක්කු  එම රන් සන්නස කියවනු ලැබුවේය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

එහි අපර බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියා තිබූ ලේඛණය මෙසේය.

‘සිධ මහනකරජහ පුත මළිතිස රජහ සොවණ තුබේ’

‘යහපතක් වේවා! මහානාග (මහල්ලක නාග) රජුගේ පුත් මළතිස (කණිටතිස්ස)රජුගේ රන් කරඩුව’

ආචාර්ය නාමල් කොඩිතුවක්කුට මේ පිළිබඳව කරන පැහැදිලි කිරීම මෙසේය.

“ මේ සන්නසට අනුව මහල්ලකනාග කියන්නේ මේ ප්‍රදානයට අදාල රජුගේ පියාය. මහල්ලකනාග රජතුමා රට පාලනය කළේ ක්‍රිස්තු වර්ෂ 134 සිට 140 දක්වා කාලයේ.  ඒ රජුගේ පුත් කණිට්ඨතිස්ස රජතුමා.  මේ කරඬුව ප්‍රදානය කරනේ ඔහු.   මළිතිස හෙවත් කණිට්ඨතිස්ස  නාමය මෙහි කියැවෙනවා. මහාවංශය අනුව කණිට්ඨතිස්ස රජතුමා  ක්‍රිස්තු වර්ෂ 164 -192 තෙක් රජ රජ කළා.“

සීරුවෙන් අසා සිටිය යුතුය. මේ කරඬුවෙන් කියැවෙමින් ඇත්තේ   අදින් වසර 1800 පමණ එපිටින් වන  අතීත පවතකි.

කරඬු හමු වූ ස්ථානය
  • පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක

මෙම කැණීම හා ධාතූන්වහන්සේ සහිත කරඬුව විවෘත කිරීම සිදුවන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන් ගේ නිශ්චිත අධීක්ෂණය යටතේය. ඒ කැණීම් ස්වරූපය පිළිබඳ ආචාර්ය දිසානායක ලංකාසරට පැහැදිලි කළේය.

“දාගැබ අසල තිබුණා ගරා වැටුණු විශාල   ගඩොල් ගොඩක්. අපට පෙනෙන  හැටියට   ඒ ගඩොල් ගොඩ ක්‍රම දෙකකට එතෙන්ට එන්න පුලුවන් කම තිබුණා. “

“ 1840 හිටියා මඩකලපුවේ දිසාපතිවරයෙක්.  ඔහු දාගැබේ ගර්භයේ ගල් ගඩොල් කොල්ල කෑවා ඒ දවස්වල කළ ඉදිකිරීම්වලට.  ඔවුන්ගෙ කාලෙ හැදුණු වළක් එතන තිබුනා. ඒ වලට එක  එල්ලේම තමයි බිම ඔය කරඬුව තිබුණේ.“

“ වල හැදුනට පස්සෙ වල නිසා දාගැබේ ව්‍යුහයට ටිකක් දුර්වල වෙලා  ගර්භයේ   විශාල කොටසක් කඩාගෙන මළුවට ඇවිත්. ඒ කොටසෙ තමයි මේ ධාතූන්වහන්සේ සහිත කරඬු තිබුණේ. මේ කරඬුව  ධාතු ගර්භයේ තිබුණු කරඬුවක්. වාහල්කඩින් හමුවුණු එකක් නෙමෙයි. වාහල්කඩත් මේ කරඬුවත් අතර සම්බන්ධයක් නෑ.“ ආචාර්ය සෙනරත් දිසානයකයෝ කියති. “

කරඦුව හමු වූ ස්ථානයේ දුර රූපයක්..
  •  සර්වඥ ධාතු

හමුවන විට කරඬුව තිබුණෙ කොහොම ද? අපි ආචාර්ය සෙනරත් දිසානායකයන් විමසුවෙමු.

“ කරඬුව තිබුණෙ ගඩොල් ගොඩට හිර වෙලා . අපට හමුනේ  ගල් කරඬුවක්.   අප යෝජනා කළේ   සියලු දෙනා ඉදිරියේ   කරඬුව විවෘත කරන්න. මගේ උපදෙස් මත කරඬුව සීල් කරලා කච්චේරියට ගෙනත් ආරක්ෂිතව තැන්පත් කළා.  ඉන් පස්සෙ තමයි අපේ රසායන අංශයෙ නිලධාරීන් ගිහින් පිරිසිදු කළේ.

“ විවෘත කරන විට මුලින්ම  අප දුටුවෙ කරඬුව පස්වලින් පිරිලා ඇති ආකාරය.  එතන තිබුණා රන් පතින් කළ කරඬු 4 ක්. ඒ එක්කම පළිඟු කරඬුවක්. ඒ කරඬුවල තිබුණා නෙළුම් මල හා සිරිපතුල් ලාංඡන.  නෙළුම් මල හා ශ්‍රී පාද ලකුණ බුදුන් වහන්සේ සංකේතවත් කරනවා. එතැන ලැබුණු රන් සන්නසේ  තියෙන්නෙ කණිටු තිස හා මළු තිස රජවරුන් ගැන.  රජවරු ස්වකීය අනන්‍යතාවය සහිතව තැන්පත් කළ කරඬු. නිසැකවම මේ සර්වඥ ධාතුන්වහන්සේලා තමයි.“

  • ධාතූන්වහන්සේලා සම්බන්ධ ඉදිරි කටයුතු

මේ ධාතූන්වහන්සේ දැනට කච්චේරි භූමියේ සුරක්ෂිතව තැන්පත් කරලා තියනවා. සන්නස හා එක් ධාතූන්වහන්සේ සහිත කරඬුවක් අප ජනතාව වෙනුවෙන් තියා ගන්නවා. ඉතිරි ධාතූන් වහන්සේලා අප දීඝවාපී දාගැබෙහිම තැන්පත් කර මේ දාගැබ පිලිසකර කරනවා..

ආචාර්ය සෙනරත් දිසානායකයෝ කියති.

  • අතීත රන් කරඬු

වර්ෂ  1986 දී දීඝවාපියේ බටහිර වාහල්කඩ කැණීමක් සිදුවිය. එහි දී රන් කරඬු තුනක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් කණ්ඩායම් විසින් සොයා ගත්තේය. ඒ අතර වූ විශාල කරඬුව නිශ්චිත පුරාවිද්‍යා සාධක මත පිහිටා කාල නිර්ණය කළ හැකි විය. කරඬු අයත් වූයේ ක්‍රි.ව. 164 -192 දක්වා රජ කළ කණිට්ඨතිස්ස රජුගේ කාලයටය.

මෙම රන් කරඬු 03  තැන්පත් කර තිබුණේ විශේෂිත ගල් කරඬුවක් තුළය. රන් කරඬු හදා තිබුණේ තුනී රන් තහඩු තලා  ස්ථුපයක ස්වරූපයට හැඩ ගැන්වීමෙනි.  ස්ථූපයේ තිබිය යුතු පොසා, මුද්ධවේදිය, කුච්චවේදිය ආදී  උපාංග ද දක්වා තිබිණි. ඒ අතර රන් පත් ඉරුවක් විය.  ක්‍රි.ව 2 සියවසට අයත් බ්‍රාහ්මීය අක්ෂර වලින්  වූ ලිපිය කියවා තිබුණේ මෙසේය.

“නක මහරජහ පුත මලිතිස රජහ සොවණ තුබෙ“

දින කිහිපයකට පෙර හමුවූ කරඬුව සහිත රන් සන්නසෙහි ඇත්තේත් මෙය ය. අවස්ථා දෙකක දී ලැබෙන ඓතිහාසික තොරතුරු සාධනය කරන්නේ කණිට්ඨතිස්ස රජු විසින් යථාවත් කළ බව පෙනෙන මහා ථූප කර්මාන්තයක ස්වරූපය ය.

එහෙත් මේ මතුවී ඇත්තේ මේ දීඝවාපියේ මහා ගඩොල් කන්ද ජීවමාන පූජනීය වස්තුවක් බවට පත් කළ සර්වඥ ධාතූන්වහන්සේය. යුග ගණනාවක් පුරා මිනිසුන් වන්දනා කළේ මේ ගඩොල් ගොඩ  නොව, සෙල්මුවා කරඬුවක තිබී හමු වන මේ ධාතූන් වහන්සේ ය.

එබැවින් වටහා ගත යුත්තේ කරඬුවක බහා තබා මේ හමුවී ඇත්තේ  හුදු පුරාවස්තුවක් නොව, යුගාන්තර වන්දනාවට ලක් වන බෞද්ධයාගේ අති උත්තම අධ්‍යාත්මික සංකේතය බවය. ඊට ලැබිය යුතු නිසි ගෞරවය හිමි විය යුතු බවය.

 

 

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

ඔන්ලයින් ගිය කෝප් කමිටුව කැලණි ගඟට බසී

Next Post

එල්.පී.එල්. පළමු තරගයම කරට කර සුපිරි ඕවරයෙන් කලම්බු කිංග්ස් ජය ගනී

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.