දිස්ත්‍රික්ක 10ක් සඳහා වැසි සමඟ දැඩි අකුණු අනතුරු ඇති වීමේ අවදානමක් අද දිනයේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දින සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මිලි මීටර 75 ඉක්මවූ තද වැසි සමඟ මෙම අකුණු ඇති විය හැකි බව පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එයින් ඇතිවිය හැකි බලපෑම් අවම කිරීමට අදාළ ආරක්කෂ පියවර මෙන්ම ගෘහස්ත විදුලි උපකරණ ආදිය ප්‍රවේසම් කර ගැනීමට කටයුතු කරන ලෙසය.
මේ අනුව කොළඹ , ගම්පහ, කළුතර, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල ගාල්ල, මාතර,කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙම අවදානම පවතී.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.
ඌව පළාතේත් හම්බන්තොට, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.
මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.