සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිවුලපිටිය කොවිඩ් සිද්ධියේ සම්පූර්ණ තතු යුද හමුදාපති කියයි…..

by editor
ඔක්තෝබර් 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඊයෙ රෑම අයි.ඩී.එච් රෝහලට යොමු කළා
  • සමීපතමයන් සියල්ලම නිරෝධයානයක කළා…. ඉදිරියේදී යුද හමුදා නිරෝධායන කඳවුරුවලට අවශ්‍ය අය යොමු කරනවා
  • පවුලේ අය දැන් ඊයෙ රෑම යුද හමුදා නිරෝධායන කඳවුරකට යැවුවා…
  • හැකි ඉක්මනින් පදනම් මූලාශ්‍රය හොයනවා… එතෙක් මිනුවන්ගොඩ දිවුලපිටිය ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය තියේවි…

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගියකු වාර්තා වීම සහ ඊට   සම්බන්ධ තත්වයන් පිළිබඳවඅද දින (04.10.2020) කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි   සහ වැඩබලන ආරක්ෂක  මාණ්ඩලික   ප්‍රධානි, හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර යන අයගේ ප්‍රධානත්වයෙන් විශේෂ  සාකච්ඡාවක් පැවැත්වීය.

එහිදී, වැඩබලන ආරක්ෂක  මාණ්ඩලික   ප්‍රධානී, හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී.

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයේ, මිනුවන්ගොඩ නගර මධ්‍යයේ තිබෙන ඇඟලුම කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු කාන්තාවක් 30 වන දින ඇයට ඇති වූ සෞඛ්‍ය තත්වයක් යටතේ ගම්පහ රෝහල වෙත ඇතුළත් කර තිබුණා. ඉන් අනතුරුව රෝහලින් පිටත් කිරීමට ප්‍රථම එම රෝහලින් කරන ලද PCR පරීක්ෂණ වාර්තාව ලැබුණු වහාම ඊයේ රාත්‍රියේදී අපට ඇයට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වුණා. මේ අනුව  ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමාගෙන් ලැබුණු උපදෙස් අනුව වහාම ඔවුන්ගේ පවුලේ අයව නිරෝධානයනය කිරීමට අප කටයුතු කරනු ලැබුවා. ඇයව IDH රෝහලට ඇතුළත් කරන අතරතුර පවුලේ සියලුම සාමාජිකයින් හමුදාව තුළ නිරෝධායනය කිරීමට අප කටයුතු කරනු ලැබුවා.

ඒත් එක්කම එම පවුල හා සම්බන්ධ වු තව පවුල් කිහිපයක් තිබෙනවා. එම පවුල්වල අයත් මේ වන විටත් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට අප කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම මෙම කාන්තාව සුපවයිසර් කෙනෙකු ලෙස මෙම ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන්නේ. ඒ සේවය කරන ගොඩනැගිල්ලේ සිටි සියලුම අයවලුනුත් ඇය හා සමීපව සිටි අය නිරෝධායනයට ලක් කළා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නිරෝධායන කටයුතු

විශේෂයෙන්ම ඇය ගමන් කර ඇත්තේ එම පෞද්ගලික ආයතනයට අයත් බස්රථයක පමණයි. නිවෙස දක්වා, ඒ බස් රථයේ ගමන්කළ අයවලුන් සියලු දෙනාමත් ඊයේ රාත්‍රියේම අප ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනයට යොමු කරනු ලැබුවා.

ඊට අමතරව ඇය හා සම්බන්ධ වූ ඇය හා පසුගිය දින කීපයේදී හමු වූ සියලුම අයත් මේ ආකාරයෙන් නිවෙස්වල නිරෝධායනය කිරීමට ඊයේ රාත්‍රියේදීම කටයුතු කරනු ලැබුවා. ඔවුන් සියලු දෙනාම අපි හමුදාව මාර්ගයෙන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට  මේ වනවිටත් කටයුතු කරමින් සිටිනවා.

ඒ සමගම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔවුන් සියලු දෙනාගේම PCR පරීක්ෂණ සිදුකර ඔවුන් කිසිවකුට හෝ කොවිඩ් 19 රෝගය තිබෙනවාද කියා තහවුරු කරගැනීමට අද දිනය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු කර තිබෙනවා.

විශේෂයෙන්ම, මේ තත්වයත් සමග අද උදෑසන   ජනාධිපතිතුමාගෙන් ලැබුණු උපදෙස් අනුව, අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරුන් ලබාදුන් අදහස් වලට අනුව ප්‍රථම කාර්යයක් වශයෙන් මැය ගමන් කළ, ජීවත් වන දිවුලපිටිය පොලිස් බලප්‍රදේශයත් මිනුවන්ගොඩ කර්මාන්තශාලාව පිහිටි බල ප්‍රදේශයත් කියන බලප්‍රදේශ දෙකටම නිරෝධායන ඇඳිරි නීතිය පැණවීමට කටයුතු කරනු ලැබුවා. මේ නිරෝධායන ඇඳිරි නීතිය නැවත දන්වන තුරු, විශේෂයෙන්ම මේ මූලාශ්‍ර සොයා ගන්නා තුරු ක්‍රියාත්මක කිරීමට තමයි කටයුතු කර තිබෙන්නේ. විශේෂයෙන්ම මෙහිදී කිවයුත්තේ ශ්‍රී ලංකාවාසී ජනතාව අතර මේ ප්‍රදේශවලට පසුගිය දින කීපයේදී ගමන් කළ අයත් ඉතාම ප්‍රවේශම් වියයුතුව තිබෙනවා. අප දන්නැහැ මේ කියන පැය වන විට මේ මුලාශ්‍රය මේ යැයි කියා සොයා ගැනීමට අපට හැකියාවක් ලැබී නැහැ. නමුත් අප සොයමින් සිටිනවා.

මෙම සේවිකාව සේවය කරනු ලබන එම ආයතනයේ සිටින සංඛ්‍යාවෙන් හරි අඩක් වගේ නේවාසිකව සිටින අය. ඒ අනුව යම්කිසි ආකාරයකට එම තත්වය එතැනදී පාලනය වී තිබෙනවා.  එතැනදී සුළු කොටසක් තමයි සමාජයට, නිවෙස් බලා ගොස් තිබෙන්නේ. ඒ ජනතාව දන්නවා එම සම්බන්ධතා කොතෙක් දුරට විහිදෙනවාද කියන එක. ඒ හේතුව මත තමයි මේ නිරෝධායන ඇඳිරි නීතිය රජය මගින් යොදවන්නට කටයුතු කළේ. කෙසේ හෝ මෙය සමාජගත වීම වැළැක්වීම සඳහා ගතයුතු සියලුම ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා.

ජනතාවගේ හැසිරීම

ඒ එක්කම අප දැක්කා පසුගිය දින කීපයේදී සෑම දිනකම පාහේ විද්‍යුත් නාලිකා මාර්ගයෙන් අප දැනුම් දුන්නා ජනතාවට කොවිඩ් 19 තිබෙනවාද කියාවත් දන්නේ නැති ආකාරයට හැසිරෙන තත්වයක් අප දැක්කා. ඊයේ දිනයේත් අප දැනුම් දුන්නා මේ සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන්න කියා. නමුත් එසේ ක්‍රියා කරන්න කීවත් කිසිම උනන්දුවක් දැක්වූයේ නැති තත්වයක් තිබුණා.

ඒ සමගම ඇති තවත් තත්වයක් තමයි විදේශ වල සිටින අය ගෙන්වා ගන්නේ නැහැ කියා විශාල දෝෂාරෝපණයක් රජයට දැක්වූවා. මෙහිදී රජය විසින් විශේෂ ක්‍රමවේදයක් යටතේ තමයි මේ අය ගෙන්වා ගත්තේ. මේ සමාජගත වීම වළක්වා ගැනීමට. ඒ නිසා මේ විදේශවලින් එන අය යම්කිසි ක්‍රමවේදයකට අනුව පාලනය කරගැනීමට හැකියාවක් තිබෙන ආකාරයටයි ගෙන්වා ගනු ලබන්නේ.

මෙහි මූලාශ්‍රය ඊළඟ පැය කීපයේදී, දින කීපයේදී සොයා ගන්නට අපට අනිවාර්යයෙන් හැකියාවක් ලැබේවි. ඒ අනුව අප ඉදිරි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

 

Tags: කොවිඩ්-දිවුලපිටියනවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් පිළිවෙත්  ගැන උපදෙස් දෙන ඇමති නාමල්  ඇදේට යයි

Next Post

රිෂාඩ් එක්ක කිසිම ඩීල් එකක් නෑ – ජනපති අවධාරණය කරයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.