ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර අරුණ පුවත්පතට එරෙහිව පුලුල් පරීක්ෂණයක් කිරීමට පොලිසියට නියෝග කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.
“ඉන්දියානු පොහොර ගෙන්වන්න කෝටි 29ක් පුද්ගලික ගිණුමකට – ජනපති ලේකම් පී.බී ජයසුන්දර බලපෑම් කරලා..“ ලෙස සති අග අරුණ පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයට සම්බන්ධ පුවත පිලිබඳව සියලු පාර්ශව ගෙන්වා පුලුල් පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා මෙසේ පොලිස්පතිවරයාට නියෝග කර ඇත.
මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර කියයි. මේ සම්බන්ධව ජනාධිපති මාධ්‍ය ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
කෙසේ වෙතත් මේ ගනුදෙණුව සම්බන්ධව පුලුල් හෙළිදරව්වක් නම් ගම් සහිතව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී සිදු කළේය.