ලලිත් චාමින්ද –
ඉමදුව දික්කුඹුර ප්ර දේශයේ ඉඩමක තිබී නාඳුනන මළ සිරුරක කොටස් හමු වී ඇති බැව් ඉමදුව පොලිසිය පවසයි .
මෙකී ඉඩම සුද්ද කරමින් සිටි පුද්ගලයකුට මෙ කී මළ සිරුරු කොටස් හමු වී ඇති බව ද පොලීසිය පවසයි. මළ සිරුරේ කොටස් දිය වී ගොස් ඇති අතර හිස් කබල හා ඇට කැබලි හමු වී ඇත .
මේ පිළිබඳ පොලීසියට දැනුම් දීමෙන් පසු අද දින ස්ථානය මහේස්ත්රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති බවද පොලිසිය පවසයි .
මළ සිරුරේ ඇට කැබලි කොටස් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගෙන යෑමට නියමිත ව ඇත .