දියවන්නාව ජපන් මිත්‍රත්ව මාර්ගයේ ශරීර සුවතා මංතීරුව අසලදී දියවන්නා ඔයේ පාවෙමින් තිබියදී නාඳුනන මළසිරුරක් සොයාගෙන තිබේ.
අවුරුදු 60 හෝ 65ක පමණ පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
අද (20) උදෑසන මෙම මළසිරුර දුටු අයෙක් ඒ සම්බන්ධව
තලංගම පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කර ඇත.
තලංගම පොලීසිය හා මිරිහාන සොකෝ ඒකකය එක්ව විමර්ශන පවත්වයි. ( දෙරණ )







