අසේල කුරුළුවංශ –
ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ගේ නිල කාලය අද (07) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
මේ අනුව පුරප්පාඩුවන දියවඩන නිලමේ ධූරයේ වැඩ ආවරණය කිරීමට මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක හිමිවරු දෙනමගේ නිර්දේශයද සහිතව යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑලම පත් කිරීමට තීරණය කර ඇතැයි දළදා මාළිගාවේ ආරංචි මාර්ග පවසයි.
දියවඩන නිලමේවරයාගේ නිල කාලය අවසන් වීමෙන් පසු එම පදවියේ වැඩ බැලීම සඳහා බොහෝවිට පත් කරනු ලබන්නේ පදවියේ සිටි දියවඩන නිලමේවරයාමය.
එහෙත් 2005 වසරේ දී එවකට දියවඩන නිලමේ ධුරය හෙබවූ නෙරංජන් විජයරත්න වෙනුවට වැඩ බැලීම සඳහා පත් කරනු ලැබුවේ පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ රොහාන් පරණගමය.







