සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතියේ අවනඩුව අරන් ජිනීවා ගිය හිමිවරු…

by editor
සැප්තැම්බර් 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අද (08) ජිනීවා නුවර දී    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 60 වැනි මානව හිමිකම් සැසිය ඇරඹෙන්නේය.  එහිදී  රටේ ජාතික අනන්‍යතාවයට බරපතල ගැටලු උපදවන තත්ත්වයක් නිර්මාණය වීමට නියමිතව තිබේ. ඒ  එංගලන්තයේ සහ කැනඩාවේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධව ගෙන ඒමට නියමිත යෝජනාවකිනි. එම යෝජනාවේ කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ මුල් ජාතිය ඉන්දියානු සම්භවයක් සහිත පිරිසක් බවය. මෙය ජාතියක හිමිකම සහ චිරන්තන පැවැත්ම සම්බන්ධව ඉදිරිපත්වන බරපතල විසංවාදයකට මුලය.

ඊට පිළිතුරු රැගෙන ජාතියට සිදවූ ඓතිහාසික අවනඩුවක් විසඳා ගැනීම සඳහා මේ වනවිට දේශීය  භික්ෂු කණ්ඩායමක් ජිනීවා නුවරට වැඩම කර සිටිති. ඒ අද ඇරෙඹන එක්සත් ජාතීන්ගේ 60 වැනි මානව හිමිකම් සමුළුවේ දී ලංකාවේ දේශීය අනන්‍යතාවය ඔප්පුකර පෙන්වීමටය.

දැන් ජිනීවා නුවරට වැඩම කර සිටින උන්වහන්සේලාගේ  මතවාද ලංකාව තුළ දැඩි විවාදයක් උපදවා ඇත්තේය. ප්‍රධාන බෞද්ධ සංස්කෘතික සමාජයෙන් දැඩි බලපෑමකට ලක් වෙමින් සිටින එම භික්ෂු පිරිස අරියකම්මට්ටාන නම් දේශීය බෞද්ධ සංවිධානය හා බැඳුන රට තුළ ආන්දෝලනයට ලක් වී ඇති සීහෙළ ගොතම සිරි සම්බුද්ධ මහා නිකාය නියෝජනය කරන්නාහ.

උන්වහන්සේලා කියන්නේ කැනඩාව සහ එංගලන්තය ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් ලෙස විජාතික ජන කොටසක් හැඳින්වීමේ විකෘති යෝජනාවට පාර කැපෙන්නේ මෑතකදී නොව, 1833 දී ආරම්භ වුන කෝල්බෲක්ස් කැමරන් කොමිෂන් සභාවෙන් ගෙනගිය ව්‍යාපෘතියක්  හරහා බවය.

උන්වහන්සේලාට අනුව  මෙම කොමිසමේ නිර්දේශ මත    1836 දී, සීහෙළ ජාතියේ මුල් බිම වූ  දඹදිව නම් වූ දේශය ඉන්දියානූ භූමියෙහි පිහිටි ලෙස නම් කර ඇත.  ඉන්දියානු උප මහාද්වීපයේ ඉතිහාසය විකෘති කරන්නේ ජෝර්ජ් ටර්නර් නම් නිලධාරියකු ලවා ලියවන ලද වැරදි ඉතිහාස අර්ථකථනයෙනි. ඒ ඉතිහාස අර්ථකථනය අනුව 1890 දී ඉන්දියානු උප මහද්වීපයට වැරැදි සිතියමක්  ආදේශ කෙරිනි. ඒ සිතියම නිර්මාණයේදී 1836 ට පෙර අපේ මව්බිමවන ලංකාවේම පැවැති දඹදිව නගර 35 ක්  සහ ගංගා සහ නදී 29 ක නම්වලින්     ඉන්දියාවේ පැවති වෙනත් නගර සහ ගංගා නම් විය.  එම ඉදිරිපත් කිරීම අනුව  අප අද භාවිතා කරන්නේත් ඒ   විකෘති සහගත  සිතියමය.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

අරියකම්මට්ඨාන සංවිධානය සහ සීහෙල ගොතම සිරි සම්බුද්ධ මහා නිකාය එක්සත් ජාතීන් අභියසට ගොස් කියන්න හදන්නේ මෙවැනි කතාවකි.

සීහෙළයා සහ සිංහලයා

සීහෙළයාගේ සහ සීහෙළ ජාතියේ   මුල් බිමේ අයිතිය ඔවුන්ගෙන් ගිලිහීම සිදුවන්නේ 1836 ආරම්භ කර, 1890 ස්ථාපිත කරන ලද වැරදි සිතියමක් නිසාවෙනි.  මේ කතාව තේරුම් ගැනීමට ඊට පදනම් වූ පසුබිම තේරුම් ගත යුතුය.

සීහෙළය  යනු සිව් හෙළයා ය. සිවු හෙළයා සීහෙළයා වන්නේ සිව් යන වචනය සී ලෙසින් කෙටි කිරීමෙනි.   සිවු හෙළයා ලෙස ලංකාදීපයේ වසන මිනිස්සුන්ට පට බැඳෙන්නේ වර්තමානයේ මහවැලි, කැළණි වළවේ කළු නමින් හැඳින්වෙන ඉහල කඳුකරයෙන් පටන්ගන්න ගංගා සතරකින් බෙදී මුහුද දක්වා ස්වභාවිකව නිර්මාණය වී ඇති,  “හෙල් එසේ නැතිනම් පල්ලම්” හතරක ජීවත්වන මිනිසුන්ටය. 1936 ට පෙර සීහෙළයා නොහොත් සිව්හෙළයා යන නම භාවිතා වුනේ, යක්ඛ නාග දේව යන ගෝත්‍ර තුනෙන් සැදුම් ලත් අපේ ජාතිය හැඳින්වීමටය.

සිංහලයා යනු, දඹදිව සිට ලංකාදීපයට ගිය   සිංහ නම් වූ පෙළපතකින් පැවතුනු එක් රජ කුමරෙකුගේ රජ පෙළපතක් පමණි. දඹදිව යනු ඉන්දියාව නොවේ. මේ භූමියේම කොටසක් වූ සිවු හෙළයේ එක් රාජ්‍යයකි.   විජයාවතරණය යනු  එදා දඹදිව ලෙසින් හැඳින්වූ වූ ප්‍රදේශයෙන් එනම්, මහවැලි ගඟෙන් බටහිර සහ කැළණි ගඟෙන් උතුරෙන් පිහිටා තිබු ප්‍රදේශයෙන් රුහුණු ප්‍රදේශයට විජය නම් කුමාරයෙක් කළ අභ්‍යන්තර ගමනකි.  විජයගේ සිංහ රජ පෙළපතින් පැවත එන්නන් සිංහලය. එය දේව ගෝත්‍රයේ එක රජ පෙළපතක් මිස ජාතියක් නොවේ.

යක්ඛ, නාග, දේව යන උප ජන කොටස් තුනෙන් සැදුනු සීහෙලයාගේ, සීහෙළ යන මුල් ජාතියේ නම අතුරුදහන් කොට, ඒ   ඒ  වෙනුවට සිංහල යන වචනය ආදේශ කළේද, 1833 පසුවය. ඉලක්කය අපේ ජාතියේ නිවැරදි අනන්‍යතාවය වසන් කිරීමය. එය බ්‍රිතාන්‍ය යටත් වාදීන් දියත් කළ කූඨ සැලසුමකි.

එංගලන්තයට විරුද්ධව නඩු පැවරීම.

අරියකම්මට්ඨාන සංවිධානයේ නිර්මාතෘ ක්ලෙප්පේ අරියමග්ග හිමිපාණන්, පැවිදි වෙන්නට පෙර, 19 වැනි නව යොවුන් වියේදී සිටම ලෝක ගවේෂණයට අවතීර්නය  වුන අයෙකි. ඒ දේශ ගවේෂණය අතරමැද පැවිදි වූ උන්වහන්සේ විසින් අරියකම්මටඨාන නමින් සංවිධානයක් බිහි කළහ. එම සංවිධානය මඟින් 2019 වසරේදී, එංගලන්තයේ රජයට විරුද්ධව එංගලන්තයේ ලන්ඩන් නුවර මහාධිකරණයේදී නඩුවක් පැවරුවේය. එම නඩුවේ දී, අරියමග්ග හිමියන් පෙන්වා දුන්නේ, බ්‍රිතාන්‍ය විසින් ලංකාව යටත් කරගෙන සිටි කාලයේ, ඉන්දියන් උප මහද්වීපයේ සිතියම විකෘති කොට සීහෙළයාගේ ජාතික අනන්‍යතාවය විකෘති කර එය ඔහුගෙන් උදුරාගෙන ඇති බවය.

උන්වහන්සේ අධිකරණයේ දී කීවේ සිතියම් විකෘතිය සිදුවන 1836 වසරට පෙර දඹදිව ලෙස නම් කළ නගරය තිබුණේ ලංකාවේ බවය. බ්‍රිතාන්‍ය යටත් විජිත වාදීන් ගේ ව්‍යාජ සිතියම්කරණයේ දී  ඔවුන් ලංකාවේ  දඹදිව නම් ප්‍රදේශය ඉන්දියානු භූමියේ සලකුණු කළ බවය. ඒ අනුව විජයාවතරණය ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි ගමනක් ලෙස වැරදි විදිහට අර්ථකථනය වී  ලංකාවේ අනාදිමත් කාලයක් ජීවත් වූ මුල් වාසී ජනතාව විජාතිකයෙකුගෙන් පැවත එන බවට අරුත් ගැන්වී ඇති බවය. මෙය පුද්ගලයකුගේ උප්පැන්න සහතිකයක සිය පියාගේ උපන් බිම සහ පෙළපතට  වෙනත් පුදගලයකුගේ තොරතුරු ඇතුළත් කිරීම වැනි සාපරාධි ක්‍රියාවක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

අනාදිමත් කාලයක සිට තම මුල් නිජ බිමේම  ජීවත් වූ සීහෙලයාගේ මුල්වාසී ජාතික අනන්‍යතා උරුමය, ඔවුන්ට අහිමි වන්නේ මෙම වැරැදි සිතියමක් සම්පාදනය කිරීම  නිසාවෙන් බැවින්, එම වැරැද්ද නිවැරැදි කර සීහෙලයාගේ ජාතික අනන්‍යතාවය නිවැරදි වෙන පරිදි කටයුතු කරන ලෙසත්,  මෙම අතීතයේ කළ වැරැද්ද වෙනුවෙන් ලෝකයෙන් පොදු සමාවක් ගන්නා ලෙසත් අරියමග්ග හිමියෝ එංගලන්ත අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එංගලන්තයේ පවතින නීතිය අනුව අතීතයේ සිදුවූ වරදක් පිළිබඳව නඩුවක් ඇසීමට නොහැකි බව පවසමින් එම නඩුව එංගලන්තයේ ඇසීම ලන්ඩන් මහාධිකරණ විසින් ප්‍රතික්ෂේප කළේය.

අරියමග්ග හිමි…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ට පැමිණිලි කිරීම…

ඉහත එංගලන්තයේ නඩුව ප්‍රතික්ෂේප වීමෙන් පසු   අරියකම්මට්ඨාන සංවිධානය, 2024 මාර්තු මස පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 55 වෙනි මානව හිමිකම් සැසියට මේ ගැටලුව රැගෙන ගියේය.    එහිදී අරියමග්ග හිමි සහ එම සංවිධානයේ නිලධාරීන් වාචිකව කරුණු දක්වමින් එම මහා සමුළුවට එම පැමිණිල්ල ඉදිරිපත් කළහ.  ඉන් නොනැවතී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිටිවලටත්, සංස්කෘතික කටයුතු පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂ රපෝතුකරුවන්ටත්, කරුණ සාක්ෂි සාධක ඇතුව මේ ඓතිහාසික අපරාධය පිළිබඳව දැනුම් දුන්හ.

ඊට අමතරව මෙම සංවිධානය, ශ්‍රී ලංකාවේ අදාල ආමාත්‍යවරයා ඇතුළු සියලුම රජයේ අදාළ නිලධාරීන්ටත්, ඉන්දියාවේ අදාල ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ටත්, බ්‍රිතාන්‍යයේ රජයේ නිලධාරින්ටත්, පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරයාට සහ යුනෙස්කෝ අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු යුනෙස්කෝ නිලධාරීන්ටත්,  සියලු සාක්‍ෂි සාධක සහිතව සිය පැමිණිල්ල  ඉදිරිපත් කරමින් මෙම සිතියමේ වැරැද්ද නිවැරදි කරන ලෙස නිල වශයෙන් ඉල්ලීම් කළේය.

අනතුරුව  අරියකම්මට්ඨාන සංවිධානය විසින් අඛණ්ඩව එක්සත් ජාතීන්ගේ නිලධාරීන් සහ වෙනත් මානව හිමිකම් ක්‍රියාකාරීන් දැනුවත් කරන වැඩ පිළිවෙළක් දියත් කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස අංක A/HRC/57/NGO/311 යටතේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින්,  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා වෙත ප්‍රකාශනයක් නිකුත් කෙරනි.

ඒ ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් වන්නේ බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ නිලධාරීන් විසින්   සිතියම් විකෘතියක් කර ඇති බව පෙනෙන බවත් ඒ නිසා සීහෙළ නමින් ශ්‍රී ලංකාවේ ජීවත් වී ඇති,  ආදිතම වාසී ජනකොටසකගේ ආදිතම ජාතික අනන්‍යතාවය ඔවුන්ගෙන් ගිලිහී ඇති බවත්ය. ඒ වෙනුවට ඔවුන් තම මවු රටේම විජාතික සම්භවයක් ඇති පිරිසක් බවට වැරදි විදියට අර්ථකථනය වී ඇති බවයි.  මම තොරතුරු සහ සිතියම විකෘතිය නිවැරදි කර, එම ආදිවාසි ජාතියේ ජාතික අනන්‍යතාවය නැවත ස්ථාපිත කොට සුරක්ෂිත කිරීම සුදුසු බව එහි යෝජනා වී තිබිණි. 

රටෙන් කළ ඉල්ලීම  

ඉහත සීහෙළ  ජාතික අනන්‍යතාවය නිවැරදි කර ගැනීමේ වැඩ පිළිවෙළට සහයෝගය ලබා දෙන ලෙස ලංකාවේ   දේශපාලනඥයින්ගෙන් සහ සිවිල් සංවිධාන වලිනුත්, ලංකාවේ වර්තමානයේ පවතින බෞද්ධ නිකායන් තුනෙනුත් අරියකම්මට්ඨාන සංවිධානය ඉල්ලීම් කළ බවත් ඊට දැඩි විරෝධයක් මතුවුන බවත් එම සංවිධානය පැවසුවේය.

ජාති හිතෛශී හිමිවරු පිරිසක් සමග  “සීහෙළ ගොතම සිරි සම්බුද්ධ මහනිකාය” නමින් අලුතින් නිකායක් ස්ථාපිත කරන්නේ    මෙම ජාතියක් මෙහෙවර ඉටු කිරීමට බව ද   ඊට ජාත්‍යාන්තර මානව හිමිකම් සංවිධාන රැසක සහාය ලැබෙන බව ද එම සංවිධානය කීවේය. අරියකම්මට්ඨාන සංවිධානයේ සභාපති ජාත්‍යාන්තර මානව හිමිකම් ක්‍රියාකාරී කේ.අරියමග්ග හිමියන් පෙන්වා දෙන්නේ එම සංවිධාන විසින් මෙවර එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මගින් මානව හිමිකම් කොමිසමට ප්‍රකාශන තුනක් ඉදිරිපත් කොට ඇති බවය.

ඒවා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලබන සතියේ පැවැත්වෙන්නට නියමිත 60 වෙනි මානව හිමිකම් සැසියේ,  න්‍යාය පත්‍රයේ අංක 3, 5, සහ 8 යන යන අයිතම යටතේ අවධානයට යොමු කොට ඇත.

මෙම ප්‍රකාශනෙවලින් පැහැදිලි කොට ඇත්තේ 1836 කරණ ලද වැරදි ඉතිහාස අර්ථකථනය සහ 1890 ස්ථාපිත කරන ලද වැරදි ඉන්දියානු උප මහද්වීප සිතියම නිසා සිදුවූ අවනඩුවය.

  •  ත්‍රිපිටකයේ සහ පෙරදිග ලෝකයේ  ඓතිහාසික පොත් වල හඳුන්වා ඇති මහාද්වීපික ජන්බුද්වීපයේ  උතුරු ප්‍රදේශයේ පිහිටි   දඹදිව නම් වූ භුමි ප්‍රදේශයේ පිහිටියේ ලංකාවේ එක් රාජ්‍ය හතරින් එකක් ලෙස බවය.
  • දඹදිව භූමිය වැරැදි ලෙස ඉන්දියාවේ ලකුණු කොට වැරදි සිතියමක් ජනගත කිරීම නිසා සීහෙළ නම් වන ශ්‍රී ලංකාවේ මුල් වාසි ජනතාවගේ නිවැරදි ජාතික අනන්‍යතාවය, ඔවුන්ට අහිමි වී තිබෙන බව එම ප්‍රකාශනවල දැක්වේ.
  • මේ සිතියම් විකෘතියෙන් අර්බුදයට ලක් වන්නේ බෞද්ධයින් පමණක් නොව,    හින්දු, ජෛන, මුස්ලිම් යන සියලු ආගමිකයන් මේ හේතුවෙන් වින්දිතයන් වී ඇති බව එම ප්‍රකාශනයේ දැක්වෙන්නේය.
  • මේ ආගමිකයින්ගේ වැදගත් සිද්ධස්ථානවල පිහිටීම  වෙනත් ආගමිකයන්ගේ සිද්ධස්ථාන වලට ආදේශ වී ඇති හෙයින් සියලුම ආගමිකයන් නොමඟ යෑමක් සිදුවී ඇති බව එහි සඳහන් වේ.

එනිසා මේ සිතියම් විකෘතිය නිවැරදි කිරීමෙන් එනම්, පැරණි දඹදිව නැවත 1836 පෙර තිබූ එහි මුල් භූමියේ ලකුණු කිරීමෙන්, සීහෙළයාගේ ජාතික අනන්‍යතාවය නිවැරදි වෙනවා මෙන්ම සියලුම ආගමිකයන්ට සාමාකමිව තම නිවැරැදි පූජනීය ස්ථාන වන්දනා කර ගැනීමට හැකිවන ආකාරය මෙම ප්‍රකාශනය  ඉදිරිපත් කරමින් අරියකම්මට්ඨාන සංවිධානය ඇතුළු අනෙක් මානව හිමිකම සිංවිධාන එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයාට කියති. ඔවුන් පෙන්වා දෙන්නේ තමන් අතගසා ඇත්තේ ලෝක සාමය උදා කර දෙන ව්‍යාපෘතියකට බවය.

“ මේ නිවැරදි කිරීම නොකළහොත්, මේ වෙලාවේ එංගලන්තයෙන් සහ කැනඩාවෙන් ගෙන එන යෝජනා නිසා, ලංකාවට පසු කලෙක පැමිණි වෙනත් ජාතියකට රටේ මුල් ජාතිකත්වය ලැබෙනවා. මුල් ජාතිකත්වයේ  නියම උරුමක්කරු වන සීහෙළයා තම මව්බිමේම දෙවැනි ජාතියක් වෙනවා. මෙන්න මේ අනතුර අප තේරුම් ගන්න ඕන. “

“ අප මේ කටයුතු කරන්නේ  අනාගතයේ අතුරුදහන් වන්නට නියමිත සීහෙල ජාතිය වෙනුවෙන්.  ඒ සඳහා ඉදිරිපත් වී ඉන්නේ    සීහෙළ ගොතම සිරි සම්බුද්ධ මහ නිකාය සහ අරියකම්මට්ටාන සංවිධානය විතරයි.”  ජිනීවා ගිය හිමිවරු කියති.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දියවඩන නිලමේ නිලංග දෑල ගේ ධූර කාලය අද මධ්‍යම රාත්‍රියෙන් නිමයි… පුරප්පාඩුවන ධූරයේ වැඩ බලන්න යළිත් දෑලම පත් කරයි!

Next Post

අයිස් හදන්නට ගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය කිලෝ 100ක් කඳාන වගුරුබිමකින් හමුවෙයි!

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.