සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය යළි කපන්න සූදානම්… ගිලන් භික්ෂූන් සහ 200 සාමනේර හිමිවරු වෙනුවෙන් කල් දෙන්න… භික්ෂූහු ඉල්ලති!

විදුලි බිල වහාම නොගෙවන්නේ නම් 14 දා යළි විදුලිය විසන්ධියි! ලංවිම ලිඛිතව දන්වයි...   

by editor
දෙසැම්බර් 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

  • මෙතෙක් විදුලිබිල ගෙව්වෙ විදුලි බල මණ්ඩලයෙන්… තවත් ගෙවන්න බැරි බව දන්වයි. වසර ගණනකට ගෙවා ඇති මිලත් කියයි…

  • මාස දෙකක  විදුලි බිල සොයා ගන්නා තුරු  ගිලන් භික්ෂූන් සහ 200ක් සාමනේර හිමිවරුන් වෙනුවෙන් ඉවසන්න…  දිඹුලාගල  බුද්ධ ශ්‍රාවක සංඝ සභාව විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලයි…

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විසන්ධි කරන ලද විදුලිය නැවත ලබා දුන්නද, රුපියල් දොළොස් ලක්ෂ දොළොස් දහස් පන්සිය  හැට පහයි ශත අසු අටක මුදලක් හා ඇමුණුම් ගාස්තු වශයෙන් රුපියල් 3000ක මුදලක්  නොගෙවන්නේ නම්  මේ මස 14 වෙනිදා යළි විදුලිය විසන්ධි කිරීමට පියවර ගන්නා බවට ලංකා විදුලිබල මණ්ඩලයේ  මින්නේරිය ප්‍රධාන විදුලි ඉංජිනේරුවරිය විසින් අද ( 05)   ලිපියක් යොමු කොට ඇති බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

ඉකුත් 27 වෙනිදා ආරණ්‍ය සේනාසනයට විදුලිය විසන්ධි කළ  අතර ඒ පිළිබඳ  මාධ්‍ය මගින්  රටටම අනාවරණය කිරීමෙන් පසු, බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ බවත් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදී ද දැඩි කතාබහට ලක්වීමෙන් පසුව 28 වෙනිදා විදුලිය ලබාදීමට කටයුතු කළ බබවත්  රාහුලාලංකාර නාහිමියන් සිහිපත් කළහ.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ඉකුත් සැප්තැම්බර් මස විදුලි බිල ලෙස හයලක්ෂ හැත්තෑ දාස් තුන්සිය අසුවක විදුලි බිලක් ලැබී ඇති බවත්, ඒ අනුව ඉකුත් 28 වෙනිදා විදුලිය විසන්ධි කිරීමෙන් පසු එම විදුලි බිල් ගෙවීමට දින දාහතරක සහන කාලයක් ලබාදුන් බවත් එම ලිපියේ සඳහන් වේ.

පසුගිය වසර 30 ක කාලය තුළ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලි බිල්පත් ලංකා විදුලිබල මණ්ඩලයෙ අනුග්‍රහයෙන් මණ්ඩලය මගින් ගෙවා ඇති බවත්, 2009 වසරේ වස‍ර 13 කාලයක්  විදුලි බිල වශයෙන් රුපියල් එක්කෝටි හැටනම ලක්ෂ හතලිස් අටදාස්  හයසිය තිස් අටක විදුලි ගාස්තුවක් වැය වී ඇති බවත්    එම ලිපියෙන් සිහි කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලංකා විදුලිබල මණ්ඩලය මින්නේරිය ප්‍රධාන විදුලි ඉංජිනේරු ඩබ්ලිව්. එම්. ඩී. නිසංසලා ගේ අත්සනින් යුතුව එම ලිපිය  දිඹුලාගල ආරණ්‍ය  සේනාසනය වෙත   යොමු කර තිබේ.

දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී  දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් මේ පිළිබඳ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පුණ්‍යභූමියක් කොට සලකා අපවත් වී වදාළ, මාතර කිතලගම සීලාලංකාර නාහිමියන් ශාසනයට, ආගමට, ජාතියට, ඉටුකරන ලද සේවයට ගෞරවයක් වශයෙන් නොමිලේ විදුලිය ලබාදුන් බවත්,   හිටිහැටියේ විදුලිය විසන්ධි කිරීම  බරපතළ අර්බුදයක් බවත්ය

කෙසේ වෙතත් මෙම පිළිබඳ  දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දායක කාරකාදීන් සමග සාකච්ඡාවක් කර යම් තීරණයක් ගන්නා තුරු, ගිලන් වූ භික්ෂුන් වහන්සේලා, මෙන්ම පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂුන් වහන්සේලා ඇතුළු දෙසීයකට ආසන්න නමක් වැඩ වාසය කරන දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීම නතර කර ලෙසත්, මේ පිළිබඳ  ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍යතුමාගේ මෙන්ම විදුලිබල අමාත්‍යතුමාගේ දැඩි අවධානයට යොමුකරන ලෙසද රාහුලාලංකාර නාහිමියෝ වැඩිදුරටත් ඉල්ලීමක් කළහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විදුලි බිල වැඩි කරන්න එපා, පාසල් ළමුන් පවා අසරණයි දැන් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Next Post

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් ගේන බව ක්‍රිඩා ඇමති අධිකරණයට කියයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.