ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සිය 15 වැනි ටෙස්ට් ශතකය මීට ස්වල්ප වෙලාවකට පෙර වාර්තා කළේය.
ශ්‍රී ලංකා අයර්ලන්ත ටෙස්ට් තරගාවලියේ කාසියේ වාසිය දිනාගෙන මුල්ම තරගයේ මුලින්ම පන්දුවට පහරදීම තේරූ ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක ප්‍රතිඵළ අත් කරගෙන ඇත. මේ දිමුත් ගාල්ල ක්‍රීඩාංගනයේ දී වාර්තා කළ 05 ටෙස්ට් ශතකය ය.
අතිශය සංයමයකින් යුතුව ක්‍රීඩා කරමින් හතරේ පහර 07ක් පමණක් සහිතව ඔහු සිය ලකුණු සියය වාර්තා කරන්නේ පන්දු 142කට මුහුණ දෙමිනි.

ඔහු සමග අනෙක් අන්තයෙන් පන්දුවට පහර දෙන කුසල් මෙන්ඩිස් පන්දු 130ක දී ලකුණු 93ක් ලබාගෙන සිටී. ඊට හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් ඇතුළත්ය.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 233ක් රැස් කරගෙන තිබේ. ආධුනික අයර්ලන්ත කණ්ඩායමට දැවැන්ත අභියෝගයකට මුහුණ දීමට සිදුවන ලකුණු පහළ වී ඇත.







