සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිට්වා සුළි කුණාටු ආපදා තත්ත්වයට සම්බන්ධ සියලු රාජකාරිවලින් රාජ්‍ය සේවකයෝ 16000ක් ඉවත් වෙති…

by editor
පෙබරවාරි 27, 2026
in පුවත්
ditwa-School-child
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ-                                              

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විස්තීර්ණ ආපදා තත්ත්වයට සම්බන්ධ සියළුම රාජකාරිවලින් අද  (27) සිට අඛණ්ඩව ඉවත් වීමට රාජ්‍ය සේවක වෘත්තීය  සංගම් පහක්  ඒකාබද්ධව තීරණය කර තිබේ.

මේ සඳහා රජයේ සේවකයන් 16 000 ක් සහභාගීවන බවත් මේ අනුව දිට්වා සුළි කුණාටු ආපදාවලට සම්බන්ධ සියලුම රාජකාරි සම්පුර්ණයෙන්ම නතර වන බව ශ්‍රි ලංකා ග්‍රාම නිලධාරි ජාතික සංගමයේ ලේකම් නෙවිල් විජේරත්න  සඳහන් කරයි.

මෙම තීරණය ගෙන ඇත්තේ, සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමය, ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය, ශ්‍රී ලංකා ප්‍රගතිශීලී ග්‍රාම නිලධාරී සංගමය, සමස්ත ලංකා මධ්‍යම රජයේ තාක්ෂණික සංගමය සහ සිවිල් නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංගමය යන සංගම් ඒකාබද්ධව බවද හෙතෙම පැවසුවේය.

රාජ්‍ය ආයතන 12කට, ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විෂයභාර අමාත්‍යවරුන් ඇතුළු වගකිවයුතු අංශ ප්‍රධානීන් වෙත ලිඛිතව මෙම තීරණය දැනුම් දී තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයට මේ වන විට දින 93කට අධික කාලයක් ගත වී තිබෙන බවත් එම කාලය පුරා ආපදා සහන සේවා නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ තාක්ෂණික නිලධාරීන් දිවා රෑ නොබලා රජය හා පීඩාවට පත් ජනතාව අතර සම්බන්ධීකාරකවරුන් ලෙස කටයුතු කර තිබෙන බවත් ශ්‍රි ලංකා ග්‍රාම නිලධාරි ජාතික සංගමයේ ලේකම්වරයා  පැවසුවේය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

බොහෝ නිලධාරීන් තම ජීවිත අවදානම නොතකා, පවුල්වලට පවා හානි සිදුව තිබියදී, කිසිදු අතිරේක වරප්‍රසාදයක් නොලැබ සේවය කළ බව ද සංගම් සඳහන්  කළේය. 

මේ අනුව සංගම් පවසන්නේ, නිසි මූල්‍ය විනයක් සහිත චක්‍රලේඛ නිකුත් නොවීම, උපදෙස් පරස්පර වීම, කෙටි කාලයකින් නිතර සංශෝධන, සාකච්ඡා මගින් එකඟ වූ කරුණු ක්‍රියාත්මක නොකිරීම, දීමනා හා ඉන්ධන පහසුකම් නොලැබීම, ආරක්ෂක උපකරණ නොදීම යනාදී ගැටලු හේතුවෙන් නිලධාරීන් දැඩි පීඩනයකට පත්ව ඇති බවය.  

.සංගම් විසින් ඉදිරිපත් කර ඇති ප්‍රධාන ඉල්ලීම් අතර, ආපදා රාජකාරි ආරම්භ වූ දින සිට දෛනික දීමනාවක්, අවම වශයෙන් දින 08ක අතිරේක දීමනාව, මුල් මාස දෙක සඳහා ඉන්ධන දීමනාව හා ඉදිරියට ලීටර් 20 බැගින් දිමනාවක් ලබා ගැනීම, හානි පරීක්ෂා සඳහා අයදුම්පතකට  රු. 250ක් ගෙවිම, මාර්ගෝපදේශ සංශෝධනය,  සාධාරණ වන්දි ගෙවීම, ග්‍රාම නිලධාරීන්ට ආරක්ෂක උපකරණ ලබා දීම ආදිය ඇතුළත් වේ.

 එහෙත්, මහජනතාවට සිදුවිය හැකි අපහසුතා පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරන සංගම්, මෙම තත්ත්වයට වගකිව යුත්තේ අදාළ පරිපාලන බලධාරීන් බව අවධාරණය කර සිටිති.

ගැටලු  සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගල් අඟුරු ප්‍රමිතිය සම්බන්ධ ලිඛිත සාක්ෂි විගණනය ඉල්ලයි!

Next Post

තුට්ටු දෙකේ පොඩි ලැසී අපතයා කටුනායක දී පොරක් කිරීමේ අප්‍රසන්න කතාව…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.