15 හැවිරිදි දැරිය අන්තර්ජාලය ඔස්සේ මිල දී ගෙන දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ අනන්‍යතා හෙළි කිරීමේ දී සීමාවකට යටත්ව එය සිදුකිරීමට කටයුතු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අද (09) මාධ්‍යයට කීවාය.
සැකකරුවන්ගේ සම්පූර්ණ අනන්‍යතා හෙළිදරව් වීමෙන් ඔවුන්ගේ ළඟම ඥාතීන් දැඩි අගතියට පත්වන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
ඇය මේ බව කියා සිටියේ අදාල නඩුව අද යළි විභාගයට ගන්නා අවස්ථාවේදීය.
ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට ඇයගේ දැන්වීමක් පළ කළ තවත් වෙබ් අඩවියක හිමිකරුවක් අදාළ දැරිය ලිංගික කටයුතු සඳහා යොදාගත් බම්බලපිටිය, මිලාගිරිය පාරේ පිහිටි හෝටලයක කළමනාකරුවෙකු සහ පිළිගැනීමේ නිලධාරීයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
වෙබ් අඩවිකරුවා ලබන 20 වනදා දක්වාත්, හෝටල් කළමනාකරු හා පිළිගැනීමේ නිලධාරීවරයා ලබන 16වනදා දක්වාත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියම කළේය.
හෝටල් කළමනාකරු හා පිළිගැනීමේ නිලධාරියා ලබන 16 දා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කිරීමට ද නියෝග කෙරුණි.
-දෙරණ-