නිරුවත් දර්ශන එවන ලෙස බාල වයස්කාර දැරියකට තර්ජනය කළ මෙල්බන් නුවර වාසී ශ්‍රී ලාංකික සිසුවෙක් 13 වසරක සිර දඬුවමකට යටත් කිරීමට වික්ටෝරියා අධිකරණය ඊයේ (02) නියෝග කළේය.
මෙසේ දණ්ඩනයට ලක් වූයේ රන්පති අමරසිංහ නැමති 24 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි.
මෙම සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනෙන්නේ වර්ෂ 2020 දීය. ඒ වනවිට ඔහු සරසවි සිසුවෙකි. විමර්ශනවලදී හෙළි වී තිබුණේ මෙම තරුණයාගෙන් දස හැවිරිදි දැරියන්ට පවා ලිංගික අතවර හා තර්ජනය කිරීම් සිදු වී ඇති බවය.
දැරියන්ගේ නිරුවත් ඡායාරූප නොඑවන්නේ නම් තමන් විසින් සංස්කරණය කළ ඡායාරූප ඔවුන්ගේ මව්පියන් සහ ඥාතීන් වෙත යොමු කරන බවට මේ පුද්ගලයා තර්ජනය කළ බව ඔප්පු වී තිබිණි.
එසේ යැවූ ඊ මේල් පණිවිඩ අධිකරණයට ඉදිරිපත් වූයේය.
සිර දඬුවමින් අනතුරුව මේ පුද්ගලයා ලංකාවට පිටුවහල් කිරීමට නියමිතය.







