බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැන් ඉන්නේ 24යි… ධම්මික පෙරෙරා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළාම එයින් බාගෙකුත් ගැලවෙනවා… මේ වගේ වැඩ කරලා කාගෙවත් දේශපාලන අනාගත හදන්න බෑ…  කාංචන විජේසේකර කියයි!

by editor
අගෝස්තු 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පක්ෂයේ ජාතික කැඳවුම්කරු ලෙස පත්කරගත්  රෝහිත අබේගුණවර්ධනත් අද දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයා පලකරමින් එක් වූ බවත්, හෙට දිනයේ දී බොහෝ විට පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන පවිත්‍රා වන්නිආරච්චි  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරය‍ාට සහාය පළකිරීමට එක්විය හැකි බවත්, ධම්මික පෙරේරා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ පසු දැනට පක්ෂයේ ඉතිරිවී ඇති අතලොස්සෙන් අඩක් ද ගැලවීමට නියමිත බවත් විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය ලබා නොදී වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම  සඳහා දේශපාලන බල මණ්ඩලයට  පක්ෂයේ මහලේකම් විසින් ගෙනා යෝජනාව යම් කිසි පුද්ගලයෙකුගේ අනාගත දේශපාලනය සැදීම සඳහා ගෙනා යෝජනාවක් නම් ගත වූ දින 05 තුළ අත්දැකීමෙන් එය සාර්ථක වැඩපිළිවෙළක් නොවන බව තහවුරු වූ බවය.

පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ පවා මුල් අවස්ථාවේ සිටියේ සාගර කාරියවසම් ඉදිරිපත් කළ අදහසට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ අදහසක යැයි කී කාංචන විජේසේකර අන්තිමට පක්ෂයට පත්කළ මන්ත්‍රී සාගර කාරියවසම් පමණක් ඉතිරි වුව ද පුදුම නොවන බව පැවසුවේය.

“අපි පොදුජන පෙරමුණ වශයෙන් ජනාධිපති තුමාට සහාය දෙන්න තීරණය කළේ මීට වසර දෙකකට පෙර. ඒක අලුතින් සිද්ධවුන දෙයක් නොවෙයි.

ඊට පසු පසුගිය සතියේ ජනාධිපතිවරයා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බව දැන්නුවා. ඒ දැන්වීමෙන් පසු අපි පක්ෂයට ඉදිරිපත් කළා  පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර මන්ත්‍රී වරුන්ගේ කැමැත්ත තිබෙන්නේ ජනාධිපතිවරයා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙලා ඉන්න අවස්ථාවේ ඔහුට සහයෝග ලබා දිය යුතුයි කියන මතය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

එහෙත් මමත් මාධ්‍යයෙන් දැක්කා මේ වනවිට පක්ෂය විසින් අපි කීප දෙනෙක් දරපු තනතුරුවලින් ඉවත් කළා කියලා. නමුත් අපි එකක් කියන්න ඕන. පක්ෂයට අපිව තනතුරුවලින් ඉවත් කරන්න පුලුවන්. ලිපි ලියන්න පුලුවන්. විනය පරීක්ෂණ තියන්න පුලුවන්. නමුත් එම තීන්දුව අරන් ඉන්න පිරිසකගේ මතය වෙනස් කරන්න පුලුවන්කමක් නෑ.

මීට පෙරත් පක්ෂයේ හිටිය බොහෝ පිරිස් විවිධ මත පලකළාම ඒ පිරිස් පක්ෂයෙන් ඉවත් කළා. ඒ ඉවත් කරපු එකේ ප්‍රතිඵල තමයි අපි භුක්ති විඳින්නේ. පක්ෂය තුනකට හතරකට කැඩිලා පක්ෂයට ඉතාම සුළු මන්ත්‍රීවරු ප්‍රමාණයක් ඉවත් වෙලා තියෙන්නේ පක්ෂය ඒ ගත්ත තීන්දු තීරණත් එක්ක.

අද පක්ෂයට ඉතිරි වෙලා තියෙන්නේ 2020 මැතිරණයෙදි පාර්ලිමේන්තුවේ  හිටිය මන්ත්‍රීවරුන්  149න්     ඉන්නේ 24කටත් අඩු ප්‍රමාණයක්.

අද පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධනත් ඉන්නෙත්   රනිල් වික්‍රමසිංහ සමග.  හෙට අනිද්දට පක්ෂයේ භාණ්ඩාගාරික පවිත්‍රා වන්නිආරච්චිත් ඔතනින් එනවා. එතුමියගේ පක්ෂ බල මණ්ඩලය රැස්වුනාම ඔවුන් එක හඬින් කිව්වේ ජනාධිපතිවරයාට සහාය දිය යුතුයි කියලා. ඇයට ඒ හඬට ඇහුම්කන් දෙන්න වෙනවා.

ධම්මික පෙරේරා පොදු ජන පෙරමුනේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුනාම දැන් ඔය ඉන්න ඉතාම සුළු පිරිසගෙනුත් බාගයක් ගැලවිලා එනවා.

එහෙම උනොත් පක්ෂයට   ඉතිරි වෙන්නේ ප්‍රධාන ලේකම් කියන පත් කරපු සාගර කාරියවසම් විතරයි. මොකද අපි අපේ මතය පක්ෂයේ නායකයාට කිව්වා.  ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්මයා හිටියෙත් පක්ෂයේ ප්‍රධාන ලේකම්ට වඩා තදින්ම වෙනස්ම මතයක.

සුගිය සතියේ 92යි. දැන් 100ය පැනලා. තවම පක්ෂයට මතය වෙනස් කරගන්න කාලය තියනවා… ඇමති කාංචන විජේසේකර කීවේය.

මේ පක්ෂය තුළ ඇතිවන බිඳවැටීම නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතය හැදීම සදහා දැරූ උත්සාහයේ ප්‍රතිඵලයක්දැයි මධ්‍ය ඇමති කාංචනගෙන් ඇසූ විට ඔහු පැවසුවේ   දේශපාලන මණ්ඩලයට මෙවැනි යොජනාවක් පක්ෂයේ මහ ලේකම් විසින් කරන්නේ කාගෙන් හෝ විමසා ද කාගේ හෝ මතයක් නියෝජනය කරමින්දැයි  තමන් නොදන්නා නමුත්, එය කාගේ හෝ දේශපාලන අනාගතය සැදීම සඳහා කරන වැඩපිළිවෙළක් නම් පසුගිය දින 05 තුළ එය අසාර්ථක උත්සාහයක් බව ඔප්පු වුන බය.

පක්ෂ නායකයාගේ මතයට හෝ  ඇහුම්කන් නොදී  ධම්මික  පෙරේරා නම් කළ පසු පක්ෂයේ ඉතිරි ටිකත් ගැලවෙන බව කී ඇමතිවරයා  එවැනි පුද්ගලයෙක් ජනාධිපති අපේක්ෂකත්වයට නම් කිරීමට පක්ෂයට ඇති අයිතිය කුමක් දැයි ඔහු විමසා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සර්ව ජන බල පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර!

Next Post

ෆේල් නම් එළියෙන් තියන්න… ක්‍රීඩකයින් කණ්ඩායමේ කොන්ක්‍රීට් කරන තේරීම් කමිටුවට වැන්ඩර්සේ ඇවිත් කියපු කතාව!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.